භානුක අමරසිංහ
ඊස්ට් වෙස්ට් ප්‍රොපර්ටීස් පීඑල්සී සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස ගාමිණී ගුණරත්න මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව අගෝස්තු 11 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා සමාගමේ ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කර තිබේ.
ගුණරත්න මහතා සතුව රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේද විවිධ නායකත්ව තනතුරුවල අත්දැකීම් පවතින බව සමාගම පවසයි. ඒ මහතා මීට පෙර ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ උප සභාපතිවරයාද විය. ඒ මහතා වර්තමානයේදී ලංකා හොටේල්ස් ඇන්ඩ් රෙසිඩෙන්සීස් පෞද්ගලික සමාගමේ (ෂෙරටන් කලම්බු) සභාපතිවරයා ලෙස මෙන්ම හේලීස් පීඑල්සී, ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී, හොරණ ප්ලාන්ටේෂන්ස් පීඑල්සී, ස්විස්ටෙක් සිලෝන් පීඑල්සී, වැලිබල් පවර් එරත්න සහ SLIIT International (Pvt) Ltd. යන සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙසද කටයුතු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd