IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


බිස්නස් ගැන කතා කරලා වැඩක් නැහැ

කඩුවෙල SANKALPA TRADE CENTER හි ව්‍යාපාරික එච්. පී. පියසේන 


මේ දිනවල බිස්නස්වල තතු සොයා බැලීමට කඩුවෙල වෙළෙඳ නගරයට ගිය ගමනේ දී පාවහන් සහ බෑග් වෙළෙඳාමේ නියුතු SANKALPA TRADE CENTER වෙළෙඳ ආයතනයට ගොඩවැදුණු අවස්ථාවේ එහි ව්‍යාපාරික එච්.පී. පියසේන මහතා මේ දිනවල බිස්නස් සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි.

මේ දවස්වල බිස්නස් කොහොමද?
බිස්නස් ගැන කතා කරලා වැඩක් නැහැ. බිස්නස් හොඳටම කඩාවැටිලා තියෙන්නේ. ගිය වසරට සාපේක්ෂව ගත්තහම බිස්නස් සියයට පනහකින් අඩුවෙලා.


බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?
භාණ්ඩයක් ගන්න පාරිභෝගිකයෙක් ආවොත් තමයි අපිට බිස්නස් එකක් තියෙන්නේ. පවතින ආර්ථික මට්ටමත් එක්ක පාරිභෝගිකයන්ට මූලික අවශ්‍යතාවලට අමතරව තවත් දෙයක් මිලදී ගන්න හැකියාවක් නෑ. මාසෙට රුපියල් පනස්දාහක පඩියක් ගන්න කෙනෙක් මාසික ආහාර අවශ්‍යතාව, ජල බිල්, විදුලි බිල් ගෙව්වම අතේ මුදලක් ඉතිරි වෙන්නේ නැහැ. එහෙම තත්වයක් තියෙද්දී කොහොමද පාරිභෝගිකයෙක් ඇවිත් අමතර මුදලක් යොදවලා පාවහන් යුගලක් බෑග් එකක් මිලදී ගෙන යන්නේ. තවත් සමහරුන් දවසකට එක වේලක් හරි කන්නේ හරිම අමාරුවෙන්. මිනිස්සු අතේ සල්ලි නැතිකම තමයි බිස්නස් කඩාවැටෙන්න මූලිකම හේතුව.
මුදල් හිඟකමත් එක්ක අද වෙද්දී මිනිස්සු අලු‍තෙන් දෙයක් ගන්නවට වඩා තියෙන දෙය කුමන හෝ විදිහකින් අලු‍ත්වැඩියා කරලා නැවත පරිහරණය කරන්න උත්සහ කරන්නේ. අද වෙද්දී මිනිස්සු මුදලක් වියදම් කරන්න කලින් දහ දොළොස්වතාවක් හිතලා අත්‍යවශ්‍යම නම් විතරයි භාණ්ඩයක් මිලදී ගන්න එන්නේ.
ඒ වගේම පාරිභෝගිකයෝ සෑම විටම උත්සහ කරන්නේ අඩුම මිලට තියෙන තැනින් භාණ්ඩයක් ගන්න. එහි ප්‍රමිතිය සම්බන්ධයෙන් සැලකිලිමත්වීමක් කරන්නේ නැහැ. මේ වෙද්දී හැම කෙනෙක්ම තමන්ගේම කියලා සුළු ව්‍යාපාරයක් ආරම්භ කරන්න උත්සහ කරනවා. එහි ප්‍රතිඵලයක් විදිහට පිටකොටුවෙන් තොග භාණ්ඩ අරගෙන ව්‍යාපාර කරන බොහෝ පිරිසක් ඉන්නවා. එනිසා අපේ තැනටම ඇවිත් භාණ්ඩයක් මිලදී ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම කලින් තනි වෙළෙඳසැලක් වටා ඒකරාශී වූ මුදල දැන් බොහෝ පිරිසක් අතර බෙදී යාමත් බිස්නස් අඩුවෙන්න බලපා තිබෙනවා.
මනීෂා වීරසිංහ
ඡායාරූප : 
ළහිරු හර්ෂණ



අදහස් (0)

බිස්නස් ගැන කතා කරලා වැඩක් නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site