පෞද්ගලික හා ආයතනික විශිෂ්ටත්වය සාක්ෂාත් කරගැනීමට කැපවූ මධ්‍යම හා ජ්‍යෙෂ්ඨ මට්ටමේ කළමනාකරුවන් සඳහා කළමනාකරණ විෂයෙහි ප්‍රවීණයකු සහ වසර 35කට වැඩි අත්දැකීම් ඇති SLIDA හි හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයකු වන මහාචාර්ය තිලකසිරි මහතා විසින් මෙහෙයවනු ලබන “සාර්ථකත්වයේ රහස” සඳහා පරිවර්තනීය එක්දින විශේෂ වැඩමුළුව අගෝස්තු 28 වැනිදා පෙරවරු 9:00 සිට පස්වරු 4:30 දක්වා කොළඹ 07 ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී (SLIDA) පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙම වැඩමුළුවට සහභාගීවන්නන්ට සාර්ථක නායකයන් ප්‍රගුණ කරන අත්‍යාවශ්‍ය ස්ථම්භ 5 පිළිබඳව ඉගෙනීමට, පෞද්ගලීකරණය කරන ලද දින 90ක ක්‍රියාකාරී සැලැස්මක් ලබාගැනීමට, විවිධ අංශවලින් පැමිණෙන සමාන චින්තනයකින් යුත් වෘත්තිකයන් සමග සම්බන්ධ වීමට, සහතිකයක් සහ ඉගෙනුම් ද්‍රව්‍ය ලැබෙනු ඇත. ඉංග්‍රීසි සහ සිංහල යන භාෂා දෙකෙන්ම පවත්වනු ලබන මෙම වැඩමුළුව තවත් එක් සාමාන්‍ය වැඩමුළුවක් නොව ඔබේ දෘෂ්ටිකෝණය වෙනස්ම මගකට යොමුකිරීමට සමත් වන වැඩමුළුවක් වනු ඇත. සහභාගිවන්නන් 5 දෙනකු හෝ ඊට වැඩි ගණනක් සඳහා සියයට 10 වට්ටමක් ලබා දෙයි. [email protected], හෝ [email protected] යන ඊමේල් මගින් සම්බන්ධ වීමෙන් මෙම වැඩමුළුවට සහභාගිවීම සඳහා අවස්ථාව ලබාගත හැක.
2025 ඔක්තෝබර් මස 08
1811
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1475
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
525
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
“සාර්ථකත්වයේ රහස” විශේෂ වැඩමුළුව 28 වැනිදා