දින දහයක ගනුදෙනු කාලයකට පසු දෙවැනි වතාවට ද සියලු කොටස් මිල දර්ශකය 20,000 සීමාව කරා පැමිණි නමුත්, එය ස්ථාවරව පවත්වා ගැනීමට අසමත්වීම කැපී පෙනෙන සිද්ධියකි. පළමු වතාවට එම දර්ශකයට ස්පර්ශ කිරීම ඉකුත් අගෝස්තු 04 වැනි දා සිදුවිය. ඊයේ (13) ගනුදෙනු ආරම්භයේ දී වර්ධනයක් තිබුණ නමුත්, ලාබ සහිතව විකිණීමට දරන ප්‍රයත්නය ඉදිරියේ අඛණ්ඩ පහත වැටීමක පැවැතිණ. අවසාන මොහොතේ දී වාර්තාගත දර්ශකය කරා පැමිණි නමුත් එය ද ගිලිහී ගිය බව සඳහන් කළ හැකිය.
මේ අතර ශ්‍රී ලංකා ආයෝජන සමුළුව සිංගප්පූරුවේ දී අවසන් විය. එහි දී සැලකිය යුතු උණුසුම් ප්‍රතිචාර ලැබී තිබේ. අහිමි වූ අවස්ථා වෙනුවට අත්පත් කරගත හැකි යුගයක් වෙනුවෙන් ආර්ථිකය නිසි මගට ගෙන ඇත. 2032 වසර වන විට ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 95 දක්වා අඩු කෙරේ. රජයේ ආයෝජනය නිෂ්පාදිතයෙන් සියයට හතර දක්වා වැඩිකරන අතර, යටිතල පහසුකම් හා ලෝක ආර්ථිකය ඉලක්ක කරගත් ඩිජිටල් සම්බන්ධතා එහි දී මූලික වන බව මෙරට නියෝජිත පිරිස් පෙන්වා දී ඇති කරුණු අතර තිබේ. කෙසේ වෙතත් පසුගිය කාලය තුළ කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල දී විදේශ ආයෝජකයන්ගේ විකිණීම් ඉහළ ගොස් තිබුණි. රටට ශුද්ධ අවාසියක් වාර්තා වී ඇත. සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,975.50 ක් දක්වා ඉහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 2.71 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,815.64 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 10.92 ක පහළ යාමක් සේ වාර්තා වේ. පිරිවැටුම රු. බිලියන 4.46 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 32,988 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 136.44 ක් විය. සමාගම් 142 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 101 කි.
නිරීක්ෂක
2025 දෙසැම්බර් මස 18
571
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දින දහයකට පසු කොටස් වෙළෙඳෙපාළ නැවතත් ඉහළට