IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මහජන බැංකුව Euromoney Awards 2025 දී සම්මානයට පාත්‍රවෙයි

මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු සහ ප්‍රධාන විධායක නිලධාරි/සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා 

කීර්තිමත් Euromoney Awards for Excellence ජැ 2025 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ විවිධත්වය සහ අන්තර්කරණය සඳහා හොඳම බැංකුව (Sri Lanka’s Best Bank for Diversity and Inclusion)  හා ශ්‍රී ලංකාවේ හොඳම ඩිජිටල් බැංකුව (Sri Lanka’s Best Digital Bank)  ලෙස සම්මානයට පාත්‍ර විය.

මේ සම්මාන මගින් ඩිජිටල් පරිවර්තනය සඳහා මහජන බැංකුවේ ඇති තිරසර කැපවීම සහ සියලු දෙනාම නියෝජනය වන බැංකුකරණ සංස්කෘතියක් පවත්වා ගෙන යාම නැවත වරක් අවධාරණය වේ.

ජාත්‍යන්තර මූල්‍ය ක්ෂේත්‍රයේ ඉහළ කාර්ය සාධනය, නවෝත්පාදනය සහ උපායමාර්ගික දූරදර්ශීභාවය පෙන්නුම් කරන ආයතන ඇගයීම වෙනුවෙන් තිස් වසරකට අධික කාලයක් පුරාEuromoney Awards for Excellence  2025 සම්මාන උළෙල පැවැත්වේ.

මෙම ජයග්‍රහණය පිළිබඳ අදහස් දැක්වූ මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය.  ‘මහජන බැංකුවට මෙම සම්මාන හිමිවීම ඉමහත් ගෞරවයක්. එමගින් අපගේ ආයතනය තුළ ප්‍රශස්ත මානව සම්පත් කළමනාකරණය සහ ඩිජිටල් නවෝත්පාදනය වේගවත් කිරීම සඳහා වන අපගේ උපායමාර්ග නිවැරදි බව තහවුරු වී තිබෙනවා. එමෙන්ම මෙම ඇගයීමෙන් සියලුම ශ්‍රී ලාංකිකයන්ට සමානව සහ පහසුවෙන් ප්‍රවේශ විය හැකි ජාත්‍යන්තර තත්වයේ බැංකුකරණ සේවා හිමිකර දීමේ අපගේ කැපවීම පිළිබිඹු වෙනවා.’
මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා මහතා මෙසේ පැවසීය. ඩිජිටල් බැංකුකරණ ක්‍රියාවලිය සහ මූල්‍ය සමානාත්මතාව ඇතිකිරීම සඳහා වන අප සිදුකරන ආයෝජනයෙහි ඵලදායිත්වය මෙම සම්මානවලින් ඇගයීමට ලක්වෙනවා. එමෙන්ම සෑම අංශයකටම මූල්‍ය සේවා සමීප කරවීම සඳහා වන අප කණ්ඩායමේ කැපවීම මේ තුළින් තහවුරු වෙනවා.’

දිවයින පුරා විහිදී ඇති ශාඛා සහ සේවා මධ්‍යස්ථාන 751 කින් සමන්විත මහජන බැංකුව, මිලියන 15.2 කට අධික ගනුදෙනුකරුවන්ගෙන් යුත් රුපියල් ට්‍රිලියන 3කට අධික ඒකාබද්ධ වත්කම් සහිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සේවා සපයන්නා වේ.

නව ලොවට ගැළපෙන පරිදි සිය ගනුදෙනුකාරභවතුන්ට වඩාත් පහසු ආරක්ෂිත හා කාර්යක්ෂම බැංකු පහසුකම් සමීප කිරිමේ අරමුණින් 2015 වසරේදි මහජන බැංකුව ඩිජිටල් බැංකුකරණ ව්‍යාපෘතිය දියත් කරන ලදී. මේ වන විට ඩිජිටල් ගනුදෙනුකරුවන් සංඛ්‍යාව මිලියන 3.6කට අධික වන අතර, මේ වන විට මහජන බැංකුවේ ගනුදෙනු සියයට 80කට අධික ප්‍රමාණයක් සිදුවන්නේ ඩිජිටල් නාලිකා ඔස්සේය.

මහජන බැංකුවේ මූල්‍ය සමානාත්මතා සංස්කෘතිය සහ ඩිජිටල්කරණ ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමට කැපවූ 7,600කට අධික කාර්ය මණ්ඩලය මෙම ජයග්‍රහණවල පදනමයි. ඔවුන්ගේ විශේෂඥතාව සහ කැපවීම, සියලුමට්ටම් වල සමානාත්මතාව සහ විවිධත්වය, ඉදිරි දැක්මකින් යුත් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ආයතනයට හැකියාව ලබා දී ඇත.

මහජන බැංකුව තම ආයතනික සංස්කෘතිය, ශ්‍රම බළකාය සහ ගනුදෙනුකාර සහභාගීත්වය සමඟ විවිධත්වය සහ මූල්‍ය සමානාත්මතාව නිසි ලෙස ඒකාබද්ධ කර ඇති ප්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතනයකි. විවිධත්වයක් සහිත ශ්‍රම බළකායක් බිහිකිරීම, සමාන අවස්ථාවන් ප්‍රවර්ධනය කිරීම සහ නියෝජනය අඩු ප්‍රජාවන් සඳහා සහාය වීම තුළින් විශිෂ්ටත්වය  කරා ළඟා වීමට උත්සාහ දරන අතරම, තම උපායමාර්ගික ඉලක්කද සාර්ථකව සාක්ෂාත් කරගැනීම මහජන බැංකුවේ අරමුණයි. 

 



අදහස් (0)

මහජන බැංකුව Euromoney Awards 2025 දී සම්මානයට පාත්‍රවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 282 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site