IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


මුල් මාස හයේ තේ නිෂ්පාදනය කිලෝ මිලියන 135.74ක්

  • 2024 වසරේ තේ නිෂ්පාදනය හා සැසඳීමේදී කිලෝග්‍රෑම් මිලියන 1.46ක අඩුවීමක්

භානුක අමරසිංහ

මේ වසරේ ජනවාරි සිට ජුනි දක්වා මුල් මාස හය තුළදී මෙරට තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 135.74ක් ලෙස සටහන්ව තිබේ. මෙය 2024 වසරේ ජනවාරි සිට ජූනි දක්වා කාලය තුළදී වාර්තා කළ කිලෝග්‍රෑම් මිලියන 127.96ක නිෂ්පාදනය හා සැසඳීමේදී කිලෝග්‍රෑම් මිලියන 7.78ක ඉහළ යාමකි. මෙහිදී 2024 වසරට සාපේක්ෂව සියලු‍ වගා මට්ටම්වල තේ නිෂ්පාදන කැපී පෙනෙන ඉහළ යාමක් සටහන්ව තිබේ.

මේ අතරින් ජූනි මාසයේදී සිදු කර ඇති තේ නිෂ්පාදනය කිලෝ මිලියන 21.69 කි. කෙසේ වෙතත් එය 2024 ජූනි මාසයේ වාර්තා වූ කිලෝ මිලියන 23.15ක තේ නිෂ්පාදනය හා සැසඳීමේදී තේ කිලෝ මිලියන 1.46ක අඩුවීමකි. එසේම 2023 ජූනි මාසයේ වාර්තා කළ කිලෝ මිලියන 23.09ක නිෂ්පාදනය හා සැසඳීමේදී කිලෝ මිලියන 1.40ක අඩුවීමකි.

වසරේ මේ දක්වා සිදුකළ තේ නිෂ්පාදනයෙන් ඔර්තඩොක්ස් මාදිලියේ තේ කිලෝ මිලියන 122.57ක් වන අතර, සීටීසී මාදිලියේ තේ කිලෝ මිලියන 11.9ක්ද, හරිත තේ කිලෝ මිලියන 1.2ක්ද නිපදවා තිබේ. 

මේ අතර වසරේ ජනවාරි සිට ජූනි දක්වා කාලය තුළදී අපනයනය කෙරුණු තේ ප්‍රමණය කිලෝ මිලියන 126.80ක් ලෙස සටහන්ව තිබේ. එය 2024 වසරේ එම කාලසීමාවේදී අපනයනය කෙරුණු කිලෝ මිලියන 119.11 හා සැසඳීමේදී කිලෝ මිලියන 7.69ක ඉහළ යාමකි. 

මෙම කාලසීමාව තුළ නැව්ගත කරන අවස්ථාවේදී තේ කිලෝග්‍රෑමයක් සඳහා පැවැති වටිනාකම රුපියල් 1,745.10 කි. එය 2024 වසරේ එම කාලසීමාවේදී පැවැති වටිනාකම වන රුපියල් 1771.05 හා සැසඳීමේදී රුපියල් 25.95 ක ඉහළ යාමක් සහ ඩොලර් වටිනාකම් අනුව එක්සත් ජනපද ඩොලර් 0.09ක පහළ යෑමක් ලෙස සටහන්ව තිබේ. 

මෙහිදී වසරේ ජනවාරි සිට ජූනි දක්වා කාලය තුළ මෙරට තේ වැඩිම ප්‍රමාණයක් අපනයන කළ රට වන්නේ ඉරාකයයි. එය කිලෝ මිලියන 18.71 ක් වන අතර, මෙය 2024 වසරේ එම කාලසීමාවේදී සිදුකළ කිලෝ මිලියන 14.67 හා සැසඳීමේදී සියයට 28ක වර්ධයකි. 

එසේම ලිබියාව වෙත කිලෝ මිලියන 11.47ක් අපනයනය කර ඇති අතර එය 2024 එම කාලසීමාවේ වාර්තා වූ මිලියන 3 හා සැසඳීමේදී සියයට 280ක වර්ධනයකි. රුසියාව වෙත කිලෝ මිලියන 11.20ක් අපනයනය කර ඇති අතර එය සියයට 14ක අඩුවීමකි. 

මීට අමතරව එක්සත් අරාබි එමීරය වෙත කිලෝ මිලියන 8.82ක් අපනයනය කර ඇති අතර, එය සියයට 29ක අඩුවීමකි. තුර්කිය වෙත කිලෝ මිලියන 7.90ක් අපනයන කර ඇති අතර, එය සියයට 8ක අඩුවීමකි. මීට අමතරව ඉරානය වෙත කිලෝ මිලියන 6.42ක් අපනයනය කර ඇති අතර, එය සියයට 2ක වර්ධනයකි. 

මෙහිදී තේ කිලෝ මිලියන 52.4ක් තොග ලෙසද, කිලෝ මිලියන 57.81ක් ටී පැකට්ටු ලෙසද, කිලෝ මිලියන 12.5ක් ටී බෑග්ස් ලෙසද අපනයනය කර තිබේ. ක්ෂණික තේ ලෙස කිලෝ මිලියන 1.6ක් සහ හරිත තේ ලෙස කිලෝ මිලියන 2.3ක් අපනයනය කර ඇත. 

 



අදහස් (0)

මුල් මාස හයේ තේ නිෂ්පාදනය කිලෝ මිලියන 135.74ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 453 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16921 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 668 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site