භානුක අමරසිංහ
අල්මාස් හෝල්ඩිංග්ස් සමූහයට අයත් අල්මාස් ඉක්වටිස් (පෞද්) සමාගම කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ආයෝජන සමාගමක් වන ගෝල් ෆෙස් කැපිටල් පාර්ට්නර්ස් පීඑල්සී සමාගමේ තවත් කොටස් 1,358,881 ක් මිලදී ගත් බව පවසයි. පසුගිය අගෝස්තු 07 වැනිදා මෙම ගනුදෙනුව සිදුව තිබේ.
මෙහිදී රුපියල් 69ක් බැගින් කොටස් 1,350,000ක්, රුපියල් 72.90ක් බැගින් කොටස් 159ක් සහ රුපියල් 73ක් බැගින් කොටස් 8,722ක් ලෙස මෙම මිලදී ගැනීම සිදුව ඇත. ඒ අනුව ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 93.8 කි.
මෙම මිලදී ගැනීමට පෙර අල්මාස් ඉක්වටිස් (පෞද්) සමාගම සතුව ගෝල් ෆෙස් කැපිටල් පාර්ට්නර්ස් පීඑල්සීහි කොටස් 1,541,119ක් පැවතුණි. එය සමාගම මගින් නිකුත් කර ඇති සමස්ත කොටස් ප්‍රමාණය වන 28,894,939න් සියයට 5.33 කි. ඒ අනුව මෙම මිලදී ගැනීමත් සමගින්ම එම කොටස් සංඛ්‍යාව 2,900,000ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය නිකුත් කර ඇති සමස්ත කොටස් අතරින් සියයට 10.04කි.
අල්මාස් ඉක්වටිස් (පෞද්) සමාගම අයත් අල්මාස් හෝල්ඩිංග්ස් සමූහය මෙරට සිටින මුල් පෙළේ ආයෝජකයකු වන ඉමිතියාස් බුහර්දීන් මහතාට අයත් සමාගමකි.
මෙම ගෝල් ෆෙස් කැපිටල් පාර්ට්නර්ස් පීඑල්සී සමාගම මීට පෙර ගාර්ඩියන් කැපිටල් පාර්ට්නර්ස් පීඑල්සී ලෙසින් හැඳින්වුණි.
2025 ඔක්තෝබර් මස 08
1811
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1475
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
525
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අල්මාස් හෝල්ඩිංග්ස් ගෝල්ෆේස් කැපිටල් පාර්ට්නර්ස්හි අයිතිය ඉහළ නංවා ගනී