IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


Exterminators වරලත් නියෝජිත මධ්‍යස්ථාන සමග දිස්ත්‍රික්ක 14ක ව්‍යාපාර ව්‍යාප්ත කිරීමේ සූදානමක

සභාපති ආචාර්ය කිෂූ ගෝමස්

Exterminators PLC Sentario UK  සමාගම සමඟ තාක්ෂණික සහයෝගීතාවෙන්, ජර්මනියේ Futura GMBH  සහ නෙදර්ලන්තයේ Pest Scan BV යන සමාගම් සමඟ උපායමාර්ගික හවුල්කාරීත්වයෙන් යුතුව සිය අති නවීන ඩිජිටල් පළිබෝධ කළමනාකරණ පද්ධතිය ඇතුළු සේවා වරලත් නියෝජිත  (Franchise)  ක්‍රමය යටතේ දිස්ත්‍රික්ක 14කට ව්‍යාප්ත කිරීමට කටයුතු යොදා තිබේ. 

මෙහිදී උතුර, නැගෙනහිර, උතුරුමැද, ඌව පළාත් සහ රත්නපුර හා පුත්තලම යන දිස්ත්‍රික්ක කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇත. කෘත්‍රිම බුද්ධිය මගින් බල ගැන්වුණු ඩිජිටල්කරණය හරහා පළිබෝධ කළමනාකරණ කර්මාන්තය නව මානයකට රැගෙන යාම එම සමාගමේ දැක්ම වේ. මෙම මුලපිරීමෙන් හායනය වූ ජෛව පද්ධති යළි සකස් කිරීමටත්, බත්කූරන්, මත්ස්‍යයන්, ගෙම්බන්, වවුලන් වැනි සතුන්ට ජීවත් වීමට සුදුසු පරිසර පද්ධති ප්‍රතිනිර්මාණය කිරීමටත් හැකි වනු ඇත. 

Exterminators සමාගමේ සභාපති ආචාර්ය කිෂූ ගෝමස් මහතා පැවසුවේ රට තුළ ඇති වූ ආර්ථික පුනරුදය තුළ ව්‍යාපාර අවස්ථා දුර බැහැර ප්‍රදේශවලට ව්‍යාප්ත කිරීමේ අවශ්‍යතාව ප්‍රබල ලෙස මතු වී ඇති බවයි. මෙම මුලපිරීමෙන් සමාගමට ව්‍යාපාර වර්ධනය ළඟා කර ගැනීමට හැකි වන අතර සිය පරිශ්‍ර පළිබෝධ උවදුරුවලින් තොර ඒවා බවට පත් කර ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබේ. 

කළමනාකාර අධ්‍යක්ෂ මාලන් ෆෙරෙයිරා

සමාගමේ නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ මාලන් ෆෙරෙයිරා මහතා මෙසේ පැවැසුවේය. “දැනට අවම සියයට 5ක පමණ ආදායම් ප්‍රතිශතයක් සහිත මෙම දිස්ත්‍රික්ක 14ට ප්‍රවේශ වීම වර්ධනය ළඟා කර ගැනීම සඳහා වන සැලකිය යුතු අවස්ථාවක් බව කිව යුතුයි. මූලික ගාස්තු, හිමිකම් ගාස්තු, සැපයුම් අලෙවිය වැනි ක්‍රම හරහා ආදායම් ඉපැයීමට අපේක්ෂා කරනවා. එක් වරලත් නියෝජිත ආයතනයක් හරහා වුවත් වේගවත් ලාබ ඉපැයීමක් සිදු කළ හැකි බව මූල්‍ය සමීක්ෂණවලින් පෙනී යනවා. අප විසින්ම ශාඛා පිහිටවනු ලැබීම මිල අධික සහ අවදානම් සහගත කටයුත්තක් නිසා මෙය වඩාත් තිරසාර මුලපිරීමක්. රැකියා අවස්ථා නිර්මාණය වීම, ප්‍රජා සහභාගිත්වය ඉහළ නැංවීම, දේශීය ආර්ථිකය නගා සිටුවීම මේ හරහා සිදු වෙනවා. ඩිජිටල්කරණයෙන් මෙහෙයුම් විධිමත් කිරීම සහ පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම අපගේ අරමුණයි. ඒ තුළින් කාලීන දත්ත මත පදනම්ව පළිබෝධ පාලන සේවා සැපයීමට අවස්ථාව ලැබෙනවා.” 

වරලත් නියෝජිතයන් වෙනුවෙන් පුහුණු වැඩසටහන්, අලෙවිකරණ හා මෙහෙයුම් මාර්ගෝපදේශනය සහ තවත් බොහෝ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය. පළිබෝධ කළමනාකරණ විසඳුම්, රිමෝට් රෝඩන්ට් මොනිටරින් බේට්, ඩිජිටල් ෆ්ලයින් ඉන්සෙක්ට් කිලර්, ආහාර ශාඛ පළිබෝධ කළමනාකරණ විසඳුම්, නඩත්තු වැඩසටහන්, පළිබෝධ කළමනාකරණය පිළිබඳ උපදේශන වැඩසටහන් සහ අධ්‍යාපනික වැඩමුළු ඊට ඇතුළත් වේ. වරලත් නියෝජිතයන් අතර උසස් සේවා ප්‍රමිති පවත්වා ගෙන යාම සඳහා පුහුණු පාසලක් ආරම්භ කෙරේ. පාරිභෝගික විමසීම් වෙනුවෙන් ප්‍රධාන කාර්යාලය තුළ පැය 24 පුරා ක්‍රියාත්මක වන දුරකතන ඇමතුම් මධ්‍යස්ථානයක් පිහිටුවීමට නියමිතය. සීෂෙල්ස් සහ මාලදිවයින වැනි රටවලටද සිය ව්‍යාපාර කටයුතු ව්‍යාප්ත කිරීමටExterminators සමාගම සැලසුම් කර තිබේ. ඒ තුළින් කලාපීය වශයෙන් උද්ගත වී ඇති පළිබෝධ අභියෝග ජය ගැනීම සඳහා දායක වීමටත්, දේශීය ආර්ථිකය නගා සිටුවීමටත් සමාගම අපේක්ෂා කරයි. 



අදහස් (0)

Exterminators වරලත් නියෝජිත මධ්‍යස්ථාන සමග දිස්ත්‍රික්ක 14ක ව්‍යාපාර ව්‍යාප්ත කිරීමේ සූදානමක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1811 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1475 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 525 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site