IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


Sahasra Holdings වසරේ විදේශ රැකියා බඳවා ගැනීම් සන්නාමයට හිමි Asia Miracle සම්මාන දිනයි

විදේශ රැකියා සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන Air Link Sahasra Holdings පෞද්ගලික සමාගමAsia Miracle 2025 සම්මාන උළෙලේදී වසරේ විදේශ රැකියා බඳවා ගැනීම් සන්නාමය ලෙස සම්මාන දිනුවේය. 2005දී ඇරැඹුණු Sahasra Holdings පුළුල් පරාසයක විහිදුණු සේවා රැසක් සපයන විදේශ රැකියා සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ කීර්තිමත් සමාගමකි. 
දහස් ගණනක් ශ්‍රී ලාංකිකයන් එම සමාගම හරහා විවිධ රටවල රැකියා සහ අධ්‍යාපන අවස්ථා ලබා ඇත. ප්‍රධාන කාර්යාලය මහනුවරත්, අනෙකුත් ශාඛා ගාල්ලේ සහ දෙහිඅත්තකණ්ඩියේත් පිහිටා තිබේ. 
Sahasra Holdings ඊශ්‍රායලය, රුමේනියාව, ජෝර්දානය, ග්‍රීසිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕස්ට්‍රේලියාව, ජපානය සහ මැදපෙරදිග රටවල රැකියා අවස්ථා සඳහා ශ්‍රී ලාංකිකයන් යොමු කරයි. විදේශ අධ්‍යාපනය හා සම්බන්ධ සේවා රැසක්ද එම ආයතනය සපයයි. විශ්වවිද්‍යාල සඳහා අයැදුම් කිරීම, උපදේශනය, වීසා ආශ්‍රිත සේවා ඒ අතරින් කිහිපයකි. එම ආයතනය අන්තර්ජාතික ගුවන් ප්‍රවේශ පත්‍ර සහ Transit සහාය ඇතුළු සංචාරක ක්ෂේත්‍රයට අදාළ සේවා රැසක්ද සපයයි. රැකියා අවස්ථා සොයන්නන් වෙනුවෙන් හඳුන්වා දී ඇති Sahasra Holdings මාර්ගගත රැකියා ලැයිස්තුවද සුවිශේෂ සේවාවකි. වර්තමානයේදී එහි ප්‍රදර්ශනය කෙරෙන රැකියා සංඛ්‍යාව 7,400කට අධිකය. 400,000කට අධික ලියාපදිංචි පරිශීලක සංඛ්‍යාවකට හිමිකම් කියන එම වේදිකාව දේශීය සහ විදේශීය සේවායෝජකයන් 2,400කට අධික පිරිසක් සමග කටයුතු කරයි. Air Link Sahasra Holdings සමාගම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පූර්ණ ලියාපදිංචිය ලබා ඇත. 2020දී ජපානයේ තාක්ෂණික සීමාවාසික පුහුණුව සඳහා වන ආයතනයේ (OTIT) ලියාපදිංචිය ලැබීමටද ඔවුන්ට හැකි විය. ඒ හරහා ජපානයේ තාක්ෂණික සීමාවාසික වැඩසටහන්වලට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බඳවා ගැනීමට සහ පුහුණු කිරීමට අවශ්‍ය අනුමැතිය ඔවුන්ට හිමි විය. එම සමාගම මීට පෙරද දේශීය සහ ජාත්‍යන්තර මට්ටමේ සම්මාන රැසක් දිනා ඇත. ඒ අතරට විශිෂ්ටතා සම්මාන (2012 සහ 2018) සහ රන් සම්මාන (2022) ඇතුළත් වේ.



අදහස් (0)

Sahasra Holdings වසරේ විදේශ රැකියා බඳවා ගැනීම් සන්නාමයට හිමි Asia Miracle සම්මාන දිනයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 439 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16887 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 664 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site