සමස්ත ලංකා උපාධිධරයන් ගේ සංගමය රැකියා ඉල්ලා උද්ඝෝෂණය කරන නමුත් මෑත භාගය තුළ ශ්‍රී ලංකාවේ රුකියා හිඟය අඩු බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනාවරණය කරයි. වසර හතරක් තුළ අඩුම විරැකියා අනුපාතිකය 2025 පළමු කාර්තුවේ වාර්තා වී තිබේ. එයට අමතරව රජයේ රැකියා කරන පිරිස ද එකොළොස් ලක්ෂ පනස් දහසකට මදක් වැඩි ප්‍රමාණයක් දක්වා අඩු වී ඇත. එය වසර දෙක තුනකට කලින් ලක්ෂ දහතුනකට ආසන්න රජයේ රැකියා ප්‍රමාණය පහතවැටීමක් බව දැක්වේ.
ආර්ථිකය ස්ථාවර වර්ධනයක් ඇති කරන පියවර තුළ රුකියා අවස්ථා ප්‍රධාන සාධකයක් වන අතර සැලසුම් සම්බන්ධ අවිනිශ්චිතතා ඇති කිරීම වෙළෙඳපොළ හා ආයෝජන පැතිකඩ ඉදිරියේ බාධාවක් බව බව දැක්විය යුතුය. ඊයේ (අගෝ 12) ගනුදෙනුවල දී ද විදුලි සංදේශ, රක්ෂණ, සෞඛ්‍ය හා අදාළ උපාංග, රථ වාහන, ප්‍රවාහන, සහ වාණිජ සේවා අංශවල වැඩි පිබිදීමක් පෙන්නුම් කළේය. බලශක්ති, ප්‍රාග්ධන භාණ්ඩ, සහ යන්ත්‍රෝපකරණ අංශවලට අයත් සමාගම්වල කොටස් මිල සඳහා ඉල්ලුම අඩු වී තිබුණි. දිනයේ පූර්ව භාගයේ දී දර්ශක පහත වැටිණ. විකිණීම් සඳහා ඉහළ නැඹුරුවක් විය. කෙසේ වෙතත් අවසාන පැය කිහිපය තුළ මිල දී ගැනීමේ ප්‍රවණතාවක් ඇති විය.
සියලු කොටස් මිල දර්ශකය (අගෝ. 12) ඒකක 19,972.79 ක් දක්වා ඉහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 49.77 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,834.40 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 9.49 ක ඉහළ යාමක් සේ වාර්තා වේ. පිරිවැටුම රුපියල් බිලියන 7.59 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 30,730 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 137.35 ක් විය. සමාගම් 154 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 91 කි.
කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 114 ක්, හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 113 ක්, ජෝන් කීල්ස් රුපියල් මිලියන 196 ක්, බෝගල ග්‍රැපයිට් රුපියල් මිලියන 167 ක්, කැපිටල් එලයන්ස් රුපියල් මිලියන 119 ක්, එන්.ඩී. බී.රුපියල් මිලියන 106ක් ආදී වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්විය.
නිරීක්ෂක
2025 දෙසැම්බර් මස 18
569
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
282
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙළෙඳපොළ වර්ධනයකට අවස්ථාවක් එළැඹෙන ලකුණු