විමුක්ති එස් රුද්‍රිගු
පසුගිය ජූනි මාසයේදී මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු පෞද්ගලික අංශයට ලබාදුන් ණය ප්‍රමාණය රුපියල් බිලියන 221 ක් වන අතර එය ඉතිහාසයේ ජූනි මාසයකදී පුද්ගලික අංශයට ලබාදුන් වැඩිම ණය ප්‍රමාණයද වේ.
එසේම 2024 වසරේ දෙසැම්බර් මාසයේදී මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු පෞද්ගලික අංශයට ලබාදී තිබූ රුපියල් බිලියන 193 ක ණය මුදලට පසුව වාර්තා වූ වැඩිම ණය මුදලද පසුගිය ජූනි මාසයේදී වාර්තා වී තිබිණි. පසුගිය ජූනි මාසයේදී මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු රාජ්‍ය අංශයට රුපියල් බිලියන 98.3ක ණය මුදලක් ලබාදී තිබුණේය.
මෙම වසරේ පළමු මාස හය තුළ මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු රාජ්‍ය අංශයට බිලියන 178.4 ක ණය මුදලක් ලබාදී තිබූ අතර පෞද්ගලික අංශයට බිලියන 700 ක මුදලක් ලබාදී ඇත. ඒ අනුව පෞද්ගලික අංශයට මෙම වසරේ පළමු මාස 6 තුළදී බලපත්‍රලාභී වාණිජ බැංකු රාජ්‍ය අංශයට වඩා පෞද්ගලික අංශයට රුපියල් බිලියන 521.6 ක ණය මුදලක් ලබාදී තිබිණි.
2025 දෙසැම්බර් මස 18
569
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
282
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජුනි මාසයේදී වාණිජ බැංකු පෞද්ගලික අංශයට රු.බි.221 ක ණය දීලා