වසර 25 ක අසාර්ථක උත්සාහයකින් පසුව වත්මන් රජය සතු තුනෙන් දෙකක බලය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී අරමුදල් වැඩසටහන උපයෝගී කර ගනිමින් විශේෂ ආර්ථික කලාපවල සිටින ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ආයෝජකයන්ට වෙළෙඳ පහසුකම් සැපයීමට අත්‍යාවශ්‍ය යැයි සැලකෙන ක්ෂේත්‍රයකට සැලසුම් සහගතව රිංගා ගැනීමට ශ්‍රී ලංකා රේගුව උත්සාහ කරමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ජූලි මාසයේදී ප්‍රකාශයට පත්කළ වාර්තාවට අනුව එළැඹෙන ඔක්තෝබර් මාසය වනවිට ආයෝජන මණ්ඩලයේ ආයෝජකයන්ගේ ආනයන/අපනයන නිෂ්කාශන කටයුතු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් ඉවත් කර ශ්‍රී ලංකා රේගුවට පැවැරීමට මෙරට බලධාරීන් එකඟ වී ඇති අතර එය මෙරට ආයෝජකයන්ගේ ඔලුවට බෝම්බයක් අත්හැරියා වැනිය.
අයෝජකයන්ගේ ආනයන/අපනයන නිෂ්කාශන කටයුතු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය බාරයේ තිබීමෙන් ආදායම් කාන්දුවීමක් සිදුවිය හැකි බවට පවසමින් රජය මෙම තීරණය ගෙන ඇතත් එය තහවුරු කිරීමට සාක්ෂි සහිත වාර්තාවක් පළ කිරීමට බලධාරීන් අපොහොසත් වී ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුල් කැපවීම් තුළ මෙවැනි කැපවීමක් ඇතුළත්ව නොතිබූ අතර ගෝලීය වෙළෙඳාමට පහසුකම් සැලසීම සඳහා විශේෂ ආර්ථික කලාප ස්ථාපිත කරන එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සිංගප්පූරුව, හොංකොං, මැලේසියාව වැනි ප්‍රධාන රටවල් සහ වියට්නාමය සහ ඉන්දියාව වැනි විදේශ සෘජු ආයෝජන ආකර්ෂණය කරන අනෙකුත් ගමනාන්ත සමග සසඳන විට, මෙම තීරණය ශ්‍රී ලංකාව ආයෝජන සඳහා වන තරගකාරිත්වයෙන් ඉවත් කරයි.
ශ්‍රී ලංකාවේ, විශේෂ නිදහස් වෙළෙඳ කලාපවල ආයෝජන සඳහා පහසුකම් සැපයීමට ආයෝජන මණ්ඩල වෙළෙඳ පහසුකම් පද්ධති මීට දශක තුනකට පමණ පෙර හඳුන්වා දෙන ලදී. ගෝලීය හොඳම පිළිවෙත් අනුගමනය කරමින් නිදහස් වරාය මෙහෙයුම් ස්ථාපිත කිරීම, නිෂ්පාදකයන්ට සහ ප්‍රති-අපනයනකරුවන්ට ගෝලීය සැපයුම් දාම තුළ තරගකාරී වීමට නිෂ්කාශනය සහ අපනයන සැකසුම් වේගවත් කිරීමට අවස්ථාව ලබා දීම සහ දූෂණයට තුඩු දෙන සංරක්ෂිත නීති වළක්වා ගැනීම සඳහා මෙරට විශේෂ ආර්ථික කලාප පිහිටුවන ලදී.
ආයෝජන මණ්ඩලය රේගුවේ ASYCUDA මෘදුකාංග පද්ධතිය යටතේ ක්‍රියාත්මක වන අතර ආයෝජන
මණ්ඩලයේ ආයෝජකයන්ගෙන් එකතු කළ යුතු සියලු ආදායම් දැනට රේගු දෙපාර්තමේන්තුව විසින් එකතු කරනු ලබයි. අනෙකුත් තරගකාරී රටවල මෙන් ඕනෑම අනුකූලතා ගැටලු සොයා බැලීම සඳහා රේගු නිලධාරීන් කලාපවල සහ වරායවල සිටී. අපනයන/ආනයන ලේඛන කටයුතු සහ නියමිත ස්ථානවල සත්‍යාපනය හැර මෙම බලතල නීතියෙන් ඔවුන්ට ලබා දී ඇත.
අපනයන/ආනයන ලියකියවිලි පිළිබඳව කටයුතු කිරීමට සහ නම් කරනලද ස්ථානවලදී තහවුරු කිරීම් සිදු කිරීමට රේගුවට තවමත් බලය නොමැත. කෙසේ වෙතත්, රේගුවට තවමත් විශ්වාසනීය තොරතුරු තිබේ නම් ඕනෑම ආයෝජන මණ්ඩලයේ භාණ්ඩයක් පරීක්ෂා කිරීමට අයිතිය තිබෙන අතර, ආයෝජන මණ්ඩලයේ සමාගම්වල අපනයන සහ ආනයන සම්බන්ධ සියලුම ලේඛන පරීක්ෂා කිරීමට සහ පශ්චාත් විගණන සිදු කිරීමට අවසර ඇත.
මෙම වාතාවරණය සැලකිල්ලට ගැනීමේදී දැන් ශ්‍රී ලංකා රේගුවට අවශ්‍ය වී ඇත්තේ සමස්ත ක්‍රියාවලියම පාලනය කිරීමට බව පෙනී යන අතර එය ආයෝජකයන්ට බරපතළ ප්‍රතිවිපාක ගෙන දෙන්නකි. ආයෝජකයන්ට වෙළෙඳ පහසුකම් සැපයීම රේගුවේ අරමුණ නොවන බව ඉතාමත් පැහැදිලිය.
රේගුවට අවශ්‍ය වී ඇත්තේ ආනයන/අපනයන ක්‍රියාවලිය තවත් ප්‍රමාදයට ලක් කරමින් වංචාව හා දුෂණයට දොරටු විවෘත කිරීමටද.
ආනයන අපනයන ක්‍රියාවලිය ඩිජිටල්කරණය කෙරෙහි අවධානය යොමු නොකරමින් හා රේගු ආඥා පනත සම්පූර්ණයෙන්ම වෙනස් නොකර ආදායම් කාන්දුවීමක් සිදුවිය හැකි බවට පවසමින් රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගෙන ගෙන ඇති මෙම අදුරදර්ශි ක්‍රියාව කම්පනය ගෙන දෙන්නකි. මක්නිසාදයත් අඩියෙන් අඩිය මිනිස් මැදිහත් වීම් අවශ්‍ය වනවිට ඉන් වෙළෙඳ කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල වන හෙයිනි.
ආයෝජන මණ්ඩලයට අයත් නොවන අපනයනකරුවන් සහ ආනයනකරුවෝ රේගුවේ ප්‍රමාදය සහ වංචා, දූෂණ පිළිබඳව බොහෝ අවස්ථාවල මැසිවිලි නගති. දශක ගණනාවක සිට රේගුවේ සිදුවන අකාර්යක්ෂමතා සහ ඊට සම්බන්ධ වංචා, දූෂණ සිදුවීම් පිළිබඳව බොහෝ ආනයන/අපනයනකරුවෝ මැසිවිලි නගිති.
එවන් පසුබිමක රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ව්‍යුහාත්මක කැපවීමක් බවට ආයෝජන මණ්ඩලයේ ආයෝජකයන්ගේ ආනයන/අපනයන නිෂ්කාශන කටයුතු ශ්‍රී ලංකා රේගුවට පැවැරීම පත්කර ගෙන ඇත්තේ ආයෝජක ප්‍රජාවගේ අදහස් නොවිමසා බව පැහැදිලිය. ආයෝජකයන්ට බදු සහන ලබා නොදෙන අවස්ථාව මෙවැනි තීරණය ගැනීම පිළිබඳව ආයෝජන මණ්ඩලයේ නිලධාරීන්ද සිය කණස්සල්ල පළකර ඇත.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ආණ්ඩුවෙන් ආයෝජකයන්ට දැඩි බලපෑම්කාරී තීරණයක්