IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


පළමු මාස 7 දී ලාංකිකයෝ 173,189 ක් විදේශ ගතවෙලා

විමුක්ති එස් රුද්‍රිගු
මෙම වසරේ පළමු මාස 7 තුළදී ශ්‍රී ලාංකිකයන් 173,189 ක් විදේශ ගතවී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළේය. ඉන් 106,229 ක් පිරිමි පුද්ගලයන් බවත් 66,960 දෙනකු කාන්තාවන් බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවැසුවේය.
මෙම වසරේ පළමු මාස 7 තුළදී විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් ඇමෙරිකානු ඩොලර් බිලියන 4.43 ක මුදල් ප්‍රමාණයක් මෙරටට ඒවා ඇති අතර එය 2024 වසරේ පළමු මාස 7 ට සාපේක්ෂව සියයට 19.5 ක වර්ධනයකි.
එසේම පසුගිය ජූලි මාසයේදී විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඩොලර් මිලියන 697.3 ක මුදලක් මෙරටට එවා තිබූ අතර එය විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙම වසරේ මසකදී මෙරටට එවූ වැඩිම විදේශ ප්‍රේෂණ ප්‍රමාණයද විය.
විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් 2018 වසරින් පසුව මෙරටට එවූ වැඩිම මුදල් ප්‍රමාණය පසුගිය වසරේ වාර්තා වූ අතර එහිදී විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඩොලර් බිලියන 6.57 ක් ඒවා තිබිණි. එය 2023 වසරට සාපේක්ෂව සියයට 10.1 වර්ධනයක්ද වූවේය.



අදහස් (0)

පළමු මාස 7 දී ලාංකිකයෝ 173,189 ක් විදේශ ගතවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1811 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1475 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 525 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site