IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


ආර්ථිකයට ශක්තියදෙන FACETS Sri Lanka: මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනය 2026

FACETS Sri Lanka ප්‍රදර්ශනය 1991 දී හිල්ටන් හෝටලයේ, කුඩා කුටි 50 කින් ආරම්භ වී, අද වන විට ජාත්‍යන්තර ගැනුම්කරුවන් සහ කර්මාන්තයේ ප්‍රධානීන් ආකර්ෂණය කරගන්නා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනය බවට පත්ව ඇත. 2026 වසරේ මෙම මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනය, සියනම් ලයිෆ් Cinnamon Life හෝටලයේ පැවැත්වීමට තීරණය කර ඇත්තේ නවීන තේමාවක් යටතේය. මෙය ශ්‍රී ලංකාවේ මැණික්වල අලංකාරය ලොවට විදහා දැක්වීමක් වනු ඇත. ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ  (SLJGA) සභාපති අක්‍රම් කසීම් මහතා සමඟ 2026 දී පැවැත්වීමට නියමිත මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනය පිළිබඳව සම්මුඛ සාකච්ඡාවක් පැවැත්විණි.

Q: 2026 ප්‍රදර්ශනය වෙනස් වන්නේ කෙසේද?
‘සිනමන් ලයිෆ්’ හෝටලයේ නවීන සහ සුඛෝපභෝගී පරිසරය තුළ මෙම ප්‍රදර්ශනය පැවැත්වෙනවා. එය සුවිශේෂයි. සාම්ප්‍රදායික ස්වභාවික අන්තර්ගතයන්ට වඩා, සිනමාත්මක සහ විද්‍යා ප්‍රබන්ධ තේමා යොදා ගනිමින් මෙම ප්‍රදර්ශනය පැවැත්වීම විශේෂත්වයක්.


Q: නියෝජිතයන් පැමිණෙන්නේ කුමන රටවලින්ද?
ඇමරිකා එක්සත් ජනපදය, තායිලන්තය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, චීනය, ජපානය, යුරෝපය සහ මැද පෙරදිග වැනි රටවල් නියෝජනය කරමින් ගැනුම්කරුවන් පැමිණීමට නියමිතයි.
විදේශ විනිමය ඉපැයීමේදී මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ඇති වැදගත්කම
ශ්‍රී ලංකාවේ මැණික් වෙළෙඳාමට වසර 2,500 කට වඩා පැරැණි ඉතිහාසයක් තිබෙනවා. රාජකීයයන් අතරේ අප නිල් මැණික් ප්‍රසිද්ධයි. ඒවා කෞතුකාගාරවල තැන්පත් කර තිබෙනවා. ප්‍රසිද්ධ ධනවත් පුද්ගලයන්ගේ ස්වර්ණාභරණ අලංකාර තිබෙනවා. මෙම කර්මාන්තය ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ප්‍රධාන අංගයක් ලෙස අඛණ්ඩව පවතිනවා.


Q: රජයේ සහයෝගය කෙබඳුද?
සංචාරක ව්‍යාපාරය සඳහා වැට් බදු ආපසු ගෙවීමේ ක්‍රමය වැනි මෑත කාලීන රජයේ උත්සාහය නිවැරදි දිශාවට ගමන් කරන බව පෙනෙනවා. මෙය සෘජු අපනයන මෙන්ම සංචාරකයන් හරහා ස්වර්ණාභරණ මිලදී ගැනීම්ද වැඩි කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.


Q: ශ්‍රී ලංකාවේ ප්‍රධාන තරගකරුවන් කවුද?
තායිලන්තය, ඩුබායි, හොංකොං සහ ඉන්දියාව ශ්‍රී ලංකාවේ ප්‍රධාන තරගකරුවන්. තායිලන්තය විවෘත ආර්ථිකයක් වන අතර එහි සීමා අඩුයි. ඩුබායි දියමන්ති සහ නිල් මැණික් මධ්‍යස්ථානයක් බවට පත්වෙමින් තිබෙනවා. හොංකොං ඓතිහාසික වශයෙන් මෙම වෙළෙඳාමේ ප්‍රමුඛයකු ලෙස කටයුතු කරනවා.


Q: ශ්‍රී ලංකාවේ මැණික් ජාත්‍යන්තරව කැපී පෙනෙන්නේ කෙසේද?
ලොව පුරා ඇති විශිෂ්ටතම නිල් මැණික් ශ්‍රී ලංකාවෙන් සොයාගත හැකියි. දැනට ලෝකයේ ඇති විශාලතම නිල් මැණික් දහයෙන් සමහරක් ශ්‍රී ලංකාවේ සම්භවයක් ඇති අතර ඒවා ස්මිත්සෝනියන් සහ ස්වභාවික ඉතිහාස කෞතුකාගාරවල දැකගත හැකියි.


Q: නව අවස්ථා ඇත්තේ කොතැනද?
ගනුදෙනු පිරිවැය අඩු කරන ආර්ථික ලිබරල්කරණයක් තුළ කුඩා පරිමාණයේ අන්තර්ජාල විකුණුම් සඳහා වෙළඳපල විවෘත වෙනවා. ශ්‍රී ලංකාවේ වර්ණ මැණික් වර්ග 50 කට අධික ප්‍රමාණයක් ඇති අතර, මිල අධික හෝ මිල අඩු ඕනෑම මැණික් වර්ගයක් සඳහා ලොව පුරා විශාල වෙළඳපලක් තිබෙනවා. ස්වර්ණාභරණ නිර්මාණය සහ ඔරලෝසු කර්මාන්තය සඳහා මැණික් කැපීම වැනි වෙනත් ක්ෂේත්‍ර ද දියුණු වෙමින් පවතිනවා.


Q: මෙවර FACETS ප්‍රදර්ශනයේ නව වැඩසටහන් මොනවද?
මෙවර ප්‍රදර්ශනයේදී නිර්මාණ තරඟයක් සහ ශ්‍රී ලංකාවේ මැණික් කැපීමේ දක්ෂතා ප්‍රදර්ශනය කිරීමේ තරඟයක් ද පැවැත්වෙනවා.


Q: නිර්දේශ කළ යුතු එක් මැණිකක් තිබේ නම්, එය කුමක්ද?
ශ්‍රී ලංකාවේ නිල් මැණික් තමයි නිර්දේශ කළ යුතු වන්නේ. එය සමේ වර්ණයට ගැලපෙන විවිධ නිල් පැහැයන්ගෙන් යුක්තයි. එහි අලංකාරය සහ වටිනාකම කිසිදා අඩු නොවෙයි.



අදහස් (0)

ආර්ථිකයට ශක්තියදෙන FACETS Sri Lanka: මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනය 2026

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1811 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1475 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 525 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site