IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


INSEE සිමෙන්ති - SLINTEC අවබෝධතා ගිවිසුමක

වසර 55කට වැඩි කාලයක් පුරා පාරිභෝගික විශ්වාසය දිනූ INSEE සංස්ථා සහ මහවැලි Marine Plus යන ප්‍රමුඛතම සන්නාම මෙරටට හඳුන්වා දුන්,  ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති සමාගම වන INSEE සිමෙන්ති, ශ්‍රී ලාංකික ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නවෝත්පාදනය හා තිරසර බව වෙනුවෙන් සුවිශේෂී කටයුත්තකට පසුගිය දා මුලපුරනු ලැබීය. මෙහි මුල් පියවරක් ලෙස, උසස් තාක්ෂණ කටයුතු සඳහා ලංකාවේ ප්‍රමුඛතම පර්යේෂණ ආයතනය වන ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (SLINTEC) සමඟ සහයෝගීතා පර්යේෂණ වැඩසටහනක් සඳහා හවුල්කාරීත්වයක් අරඹන්නට INSEE සිමෙන්ති සමාගම කටයුතු කළේය. 
මීට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම පසුගියදා පැවති උත්සවයකදී දෙපාර්ශවයේම ඉහළ කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සිදු කෙරුණු අතර මේ සඳහා, INSEE සිමෙන්ති නියෝජනය කරමින් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තුසිත් ගුණවර්ණසූරිය, නිෂ්පාදන අධ්‍යක්ෂ සුෂිල් රතෝර්, නිෂ්පාදන හා විසඳුම් සමූහයේ අධ්‍යක්ෂ, ආචාර්ය මුසා බාල්බාකි සහ තත්ව හා තාක්ෂණ සාමාන්‍යාධිකාරී කාලින්ද දසනායක යන මහත්වරු සහභාගී වූහ.SLINTEC වෙනුවෙන් වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය සමන් සෙනේවීර, ප්‍රධාන විද්‍යාඥ, ආචාර්ය සංජීව විජේසිංහ, ව්‍යාපාර සංවර්ධන විධායක නිලධාරිනී සෙව්මිණි යාපා සහ පර්යේෂණ විද්‍යාඥ නදුන් රණේපුර යන අය සම්බන්ධ වූහ.
ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තුසිත් ගුණවර්ණසූරිය මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය.“ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස INSEE සිමෙන්ති, මෙවැනි උපායමාර්ගික සහයෝගීතාවලින්  ලංකාවේ ඉදිරිකිරීම් අංශයේ අර්ථාන්විත වෙනසක් සමඟ ඉදිරියට ගෙන යාම උදෙසා නිරන්තරයෙන් කැපවී සිටින සමාගමක්.SLINTEC සමග ඇති කරගත් මේ හවුල්කාරීත්වයෙන් අඩු කාබන් විමෝචනයක් සහිත, අනාගතයට ඔබින ඉදිකිරීම් විසඳුම් නිර්මාණය කිරීමට සහය වන අතර, එමගින් කර්මාන්ත ක්ෂේත්‍රය පාරිසරික වශයෙන් වඩාත් වගකිවයුතු අනාගතයක් කරා මෙහෙයවීම ඉදිරියටත් සිදුවනු ඇත.” 
මෙම උපායමාර්ගික හවුල්කාරිත්වයෙන් INSEEසිමෙන්ති සමාගමට, තිරසරභාවය සහ කාර්යසාධන විශිෂ්ටත්වය කෙරෙහි අවධානය යොමු කරමින් තම නිෂ්පාදන පෙළ තවදුරටත් වැඩි දියුණු කරන්නට හැකියාව ලැබේ. වෙළෙඳපොළ ප්‍රමුඛයා ලෙස, INSEE සිමෙන්ති ක්ෂේත්‍රයේ ප්‍රමිති හැඩගැස්වීමට මෙන්ම  ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අර්ථවත් ප්‍රගතියක් ඇති කිරීමට මෙවැනි උපායමාර්ගික හවුල්කාරීත්ව සඳහා නිරන්තර අවධානය යොමු කරයි.



අදහස් (0)

INSEE සිමෙන්ති - SLINTEC අවබෝධතා ගිවිසුමක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site