IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පාවෙන සූර්ය බල ශක්තිය සංවර්ධනයට උපදේශන සේවා සොයයි

නිමල කොඩිතුවක්කු


ශ්‍රී ලංකාවේ පාවෙන සූර්ය බල ශක්තිය සංවර්ධනය කිරීම සඳහා උපදේශන සේවා සැපයීම වෙනුවෙන් පිළිගත් සමාගම්වලින් යෝජනා කැඳවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වසර 2030 වන විට විදුලිබල උත්පාදනයෙන් සියයට 70ක් පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍රවලින් සපුරා ගැනීම සහ වසර 2050 වන විට විදුලි බල උත්පාදනය කිරීමේදී කාබන් උදාසීන භාවය ළඟා කර ගැනීම ඉලක්ක කර ගනිමින් රජය විසින් පුනර්ජනනීය බල ශක්තිය සංවර්ධනය කිරීම ජාතික ප්‍රමුඛතාවක් වශයෙන් හඳුනාගනු ලැබ ඇත.
ඒ අනුව, 2026 - 2030 පුනර්ජනනීය බල ශක්ති සම්පත් සංවර්ධන සැලැස්ම මඟින් මධ්‍යස්ථ සියයට 10ක මතුපිට උපයෝජනය මත පදනම් වු මෙගාවොට් 3,000ක ඇස්තමේන්තුගත පාවෙන සූර්ය බල ශක්ති ධාරිතාවක් සහිත විභව ජලාශ ස්ථාන හඳුනාගනු ලැබ තිබේ.
ඒ අනුව, සූර්ය බල ශක්ති ව්‍යාපෘති සංවර්ධනයේ නව ක්‍රම වේදයක් ලෙස පාවෙන සූර්ය බල ශක්තිය සම්බන්ධයෙන් ඇති වැදගත්කම සැලකිල්ලට ගනිමින්, පූර්ව ශක්‍යතා අධ්‍යයන, ශක්‍යතා අධ්‍යයන සහ පාරිසරික බලපෑම් තක්සේරු සිදු කිරීම සඳහා උපදේශන සේවා සැපයීම වෙනුවෙන් පිළිගත් සමාගම් වලින් යෝජනා කැඳවමින් ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීම පිණිස බලශක්ති අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

පාවෙන සූර්ය බල ශක්තිය සංවර්ධනයට උපදේශන සේවා සොයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site