|
|
භානුක අමරසිංහ
ලංකා බැංකුවේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස දර්ශන ගුණසේකර මහතා පත් කරගත් බව එම බැංකුව පවසයි. ඒ අනුව අගෝස්තු 13 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා බැංකුවෙහි ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කර ගෙන තිබේ.
මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් ජූලි 31 වැනිදා ලබාදුන් උපදෙස් අනුව මෙම පත් කිරීම සිදු කරගත් බව බැංකුව පවසයි. සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සමන්විත විශේෂිත තේරීම් කමිටුවක් මගින් ගුණසේකර මහතා මෙම ධුරය සඳහා නිර්දේශ කර තිබේ. වසර 25කට අධික කාලයක ක්ෂේත්‍ර රැසක විධායක ධුර අත්දැකීම් සහිත ගුණසේකර මහතා මේ වනවිට MJF Group හි සමූහ මූල්‍ය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරයි. මීට පෙර ඒ මහතා වේගයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ, තේ සහ වැවිලි, නිෂ්පාදන, පුනර්ජනනීය බලශක්තිය, ඇඟලුම් සහ මූල්‍ය සේවා යන අංශවල ඉහළ තනතුරු දරා තිබේ.
2025 දෙසැම්බර් මස 18
571
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දර්ශන ගුණසේකර ලංකා බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයට