IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


විදුලිබල පනතේ හොඳ - නරක

2024 අංක 36 දරණ විදුලිබල පනත සඳහා වූ සංශෝධන අගෝස්තු 6 වැනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතව තිබුණ අතර ජාතික ජනබලවේගයේ ඡන්ද සංචිතය හේතුවෙන් බහුතර වැඩි ඡන්ද සංඛ්‍යාවකින් එය සම්මත විය හැකි සෙයක් පෙනිණි. පාර්ලිමේන්තුවේ ඒ සඳහා වූ විවාදය පවතින අතරතුර, එම සංශෝධන හා ඒවායේ භාරකාරයා වූ බලශක්ති අංශයේ ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ සාමාන්‍යාධිකාරි පුබුදු නිරෝෂන්, ඊට විරුද්ධ පාර්ශ්වයෙන් සහභාගි වූ සියලු දෙනා එකමුතුව රඳවා ගැනීමට සමත් වූයේය.
සංවර්ධන මූල්‍ය ආයතන (ලෝක බැංකුව, ජැයිකා ආයතනය හා ආසියානු සංවර්ධන බැංකුව), වාණිජ මණ්ඩල, අනෙකුත් කාර්මික සමූහ, ස්වාධීන චින්තනයන්, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම සහ LECO, විදුලි බල උත්පාදන ආයතන (LTL හෝල්ඩින්ග්ස් සහ පුනර්ජනනීය බලශක්ති සංවර්ධන ආයතන) ලංවිම වෘත්තීය සමිති හා විරුද්ධ පක්ෂ යනාදිය සහභාගි පාර්ශවයන්ට ඇතුළත් විය. ඇතැම් ලංවිම වෘත්තිය සමිති ඇතුළු ආයතනවලින් 2024 පනත සම්මත කිරීමට පුළුල් සහයෝගයක් ලැබුණද ඊට හාත්පසින්ම වෙනස්ව යමින් කිසිදු ආයතනයක් එහි සංශෝධන උදෙසා සහයෝගය නොපැමිණි බවද දිස්වූයේය.
සංවර්ධන මූල්‍ය ආයතනවලට ප්‍රතිවිරුද්ධව සහ වාණිජ මණ්ඩල යන ඇඩ්වොකාටා ආයතනවලින් Daily FT පුවත්පතේ පළවූ සංශෝධනයන්හි ප්‍රධාන ගැටලු සම්බන්ධයෙන් මෙම ලිපියේ අවධානය යොමු කෙරේ. මෙහිදී චානක වික්‍රමසූරිය විසින් රචනා කරන ලද මාහැඟි ලිපිය මත කරුණු ගොඩ නැගේ.
2021 දී ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය උදෙසා ප්‍රධාන හේතු වූයේ බලශක්ති අංශයේ මූල්‍ය තිරසාරභාවයයි. එහිදී විශාල ආයෝජන අවශ්‍යතා, ආර්ථික අවපාතයෙන් යථාතත්වයට පත්වීම, ණය පැහැර හැරීමට තුඩු දෙන තත්වයකින් මිදීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනින් පැනවෙන සීමාව පිළිබඳව ද සොයා බැලිණි.
රටේ බොහෝ ප්‍රදේශවල, විදුලි බලයේ ගුණාත්මක බව සහ විශ්වාසදායී බව සම්බන්ධයෙන් නිරන්තරව මුහුණ පෑ ගැටලු හමුවේ ලංවිමට යටිතල පහසුකම් උදෙසා ප්‍රමාණවත් ආයෝජන සිදු නොවන බව විශ්වීය වශයෙන් පිළිගැනිණි. විදුලි බල ජාලය මුළුමනින් ක්‍රියා විරහිත වීම (දළ වශයෙන් මාස 18කට වරක්) පිළිබඳ සැක සහිත බව ඔස්සේ පෙනී ගියේ විදුලි බල උත්පාදනයේ දුර්වලතාය. සෑම ක්‍රියා විරහිත වීමකින්ම විදුලි ජාලයේ විවිධ අවදානම්සහගතභාවයන් හෙළිදරව් වූයේය.
වර්ධනය වන ආර්ථිකයට හා බලශක්ති සංක්‍රාන්ති සහයෝගය දීම සඳහා අනිවාර්යයෙන්ම බල උත්පාදනය සහ සම්ප්‍රේෂණය වර්ධනය විය යුතුය. යටිතල පහසුකම් ව්‍යාප්ත කිරීම උදෙසා උසස් තත්වයට පත් කිරීම්ද ප්‍රධාන වශයෙන් අවශ්‍ය වේ. සම්ප්‍රේෂණ ධාරිතාව ප්‍රගතිය අඩාල කරන ප්‍රධාන බාධකයක් බවට පත්ව ඇතිවිට එක් පැත්තකින් පියසි මත සූර්ය බලශක්තියට සහාය දිය යුතුය. අනෙක් අතට, මේ වන විටත් මාර්ගයන්ට අවතීර්ණ වී තිබෙන විද්‍යුත් වාහනවලට හා පරිමාණයෙන් අනුගතවීමට සහාය විය යුතුය.


 දෝෂ සහගත ප්‍රතිඵල සහ විරෝධතාවකට මග පෑදුණු දෝෂසහගත ක්‍රියාදාමය
සංශෝධනය තුළ වූ ගැටලුවල මූලයන් අමාත්‍යවරයා විසින් පත්කරනු ලැබූ කමිටුවේ, පටු සම්මිශ්‍රණය තුළ සොයාගත හැකිවේ. එය සමන්විත වූයේ, පවර්පොයින්ට් ආයෝජන සැලසුම් යොදා ඔවුන්ට ගස්වලින් කඩන්නා සේ සංවර්ධන මූල්‍ය ආයතනවලින් මුදල් ලැබෙතැයි බලාපොරොත්තු විය හැකියයි සිතන ඉංජිනේරුවරුන් ගෙනි. එකී බොහෝ ඉංජිනේරුවෝ, ප්‍රතිව්‍යුහගත සංවිධානයෙන් මූල්‍යකරණය ගැන පුළුල් අවබෝධයකින් තොරවූ පොතේ දැනුම ඇති (ශාස්ත්‍රීය විෂය දත්) ඉංජිනේරුවෝය. යටිතල පහසුකම්වලට මෙන්ම, වෙනස් වෙමින් පවතින ගෝලීය ණය ක්ෂේත්‍රයේ ඉහළ යමින් පවතින මූල්‍ය අභියෝගයන් ගැන වැටහීම ඇති, එකදු සාමාජිකයෙක් හෝ එම කමිටුවේ නොසිටියේය. කමිටු සාමාජිකයන්ගේ සංවාදවලට අනුව පෙනී යන්නේ බොහෝ ප්‍රධාන තීරණ ගෙන ඇත්තේ පුබුදු විසින් බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඇතැම් සාමාජිකයන් ඉවත්ව ගොස් තිබෙන අතර අනෙක් අය ඉච්ඡාභංගත්වයට පත්ව ඇත. කමිටු සාමාජිකයන් ගැටලුවලට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය වටහාගෙන නොතිබි අතර යෝජනා වෙනස් වීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් හේතුසහගත තර්ක සැපයීමටද අසමත් වී තිබිණි. ආයෝජන සඳහා ප්‍රාග්ධනය ගොඩනැගීම පිළිබඳ සංකූලතා හා අභියෝග කමිටු සාමාජිකයන් අවබෝධ කර නොගත් බව පැහැදිලිය.
වෙනත් න්‍යාය පත්‍රයන්ද දිස්වූයේය. LTL හෝල්ඩින්ග්ස් ඇතුළු විවිධ අදාළ නොවන කාර්ය භාර එක් කරමින් සම්ප්‍රේෂණ කොම්පැණි (Transmission Company) පුම්බාලීම එවැන්නකි. කට කතාවලට අවධානය යොමු කරමින් සමාගම භාර ගැනීමට පුබුදු සැලසුම් කරමින් සිටී.
විරෝධය පැන නැගී ඇත්තේ දෝෂ සහගත ප්‍රතිඵල හා අතාර්කික ආකල්ප හේතු කොටගෙන පමණක් නොවේ. පරස්පරව වාසි සහ ආකල්පවලින් පාර්ශ්වකරුවන් සතුටු කිරීමට උත්සාහ ගැනීම නිසාද එසේ සිදුවී තිබේ. පනතේ ප්‍රතිපාදන ගණනාවක්ම ඇත්තේ හිතාමතා තැබූ අර්ථ ව්‍යාකූල ස්වභාවයෙනි. ඒවා වටා එකිනෙක පරයන කියමන් හා අර්ථ නිරූපණ ගොඩ නැගීමට එයින් අවසර දී ඇත. සභාගයේ ඉන්නා ලංවිම වෘත්තිය සමිති සහ වාමාංශිකයන් උදෙසා ‘‘ඒකාබද්ධ නොකළ සමාගම් හා නිතරම සියයට සියයක් රාජ්‍ය හිමිකාරිත්වය සහිත වනු ඇත’’ යනුවෙන් කියැවෙන අතර අනෙක් අය උදෙසා ‘‘උත්පාදන හා බෙදාහැරීම සිදුකරන සමාගම් තව අයත් ඒකාබද්ධ නොවන අතර, පෞද්ගලික ප්‍රාග්ධන සහභාගිත්වයට අපි අවසර දෙන්නෙමු’’ යනුවෙන් සඳහන්ය. මෙය විනිවිද ගෙනෙන සුලු බව නොවන අතර මෙම අංශයට අර්බුදයෙන් නැගී සිටීමට පාලනය අවශ්‍ය වේ.
ප්‍රශ්න ඇසූවිට පුබුදුගේ ප්‍රතිචාරය වන්නේ ‘‘අපව විශ්වාස කරන්න’’ යන්නයි. යමෙක්, ක්‍රියාකාරකයන්ගේ විශ්වාසය පදනම් කරගෙන නීතිරීති රචනා නොකරති. (එහි දී ඔවුන්ගේ විශ්වාසවන්තභාවය අදාළ වන්නේ නැත) එක් අයෙක් පෙන්වා දුන් පරිදි, හෙට දවසේ පුබුදු බස් රථයක හැප්පුණහොත් කුමක් සිදුවේ ද? නීතිරීති ව්‍යවස්ථා ආදිය පුද්ගලයන් හා ආණ්ඩුවලට වඩා කල් පවතී. කමිටුව නොකඩවා ඔවුන්ගේ ආධුනික ප්‍රවේශය ප්‍රදර්ශනය කරමින් සිටී. නීති කෙටුම්පත් කිරීමට අවශ්‍ය නිපුණතාව හා දක්ෂතාව පෙන්වීමට වඩා සිදුවන්නේ එයයි.
අමාත්‍යවරයා සහ ලේකම්වරයා ඔවුන්ගේ දුක් ගැනවිලි හා ඉල්ලීම්වලට සවන් නොදීම නිසා වෘත්තිය සමිති විරෝධය දැඩිවී තිබේ. වෘත්තිය සමිති කළින් සිටි ඇමති කාංචන විජේසේකරගේ ඍජු බව සහ ප්‍රවේශයට ඉඩ තැබීම අගය කළේය.

 

 පුබුදුගේ ඩොලර් මිලියන පහේ සම්ප්‍රේෂණ ආයෝජන සැලසුම
මෙම අංශයේ අධීක්ෂණ කමිටු රැස්වීමේ, මූල්‍ය අවශ්‍යතා සහ උපයෝගිතා පිළිබඳව සාකච්ඡා කරන විට, සියයට සියයක් රාජ්‍ය හිමිකාරිත්වය සහිත සම්ප්‍රේෂණ සමාගම, ඊළඟ අවුරුදු අටේ දී ඩොලර් බිලියන 5ක් ආයෝජනය කිරීමට සැලසුම් කර ඇති බවත්, මෙම අරමුදල් සංවර්ධන මූල්‍ය ආයතන තුළින්, ජැයිකා හෝ ආසියානු සංවර්ධන බැංකු වැනි ඒවායින් තොරව තමා විසින්ම ගොඩනගාගනු ලබන ඒවා බවත් පුබුදු සඳහන් කළේය. (A11B) ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් අරමුදල් සපයා ගැනීම ගැන ද පුබුදු කතා කළ මුත් ලෝක බැංකුව ඔහු නොසලකා හැරියා සේ පෙනී යයි. අඩුම ප්‍රාග්ධන පිරිවැය සහිත, අවුරුදු 30-40ක ඉහළම මූල්‍ය සහනයන් සියයට 1.3 පොලියට ලෝක බැංකුවෙන් පිරිනමයි.
පුබුදුගේ ආයෝජන ‘‘යෝජනාව’’ හේතු ගණනාවක් නිසා නොගැළපෙන්නකි. පළමුවැන්න නම් (2022-2023 කාලයේ) අවසාන වශයෙන් සකස් කළ සම්ප්‍රේෂණ ව්‍යාප්ති සැලසුමේ දී දශකය සඳහා ආයෝජන අවශ්‍යතාව රුපියල් බිලියන 585 කි. (දළ වශයෙන් ඩොලර් බිලියන 2කි) එය පුබුදුගේ සංඛ්‍යාවෙන් සියයට 40ක් පමණකි. දෙවැන්න මෙම අංශය සඳහා සංවර්ධන මූල්‍ය ආයතනවලින් පසුගිය දශකය සඳහා ගනුලැබූ ණය යම්තමින් ඩොලර් බිලියනය ඉක්මවන්නකි. එය ආසියානු සංවර්ධන බැංකුවේ ඩොලර් මිලියන 280 ක සුළං සහ සූර්ය බලශක්ති ඇතුළු විවිධ ව්‍යාපෘති සඳහා වූ ඩොලර් මිලියන 850 ක් සම්පාදනයන්ගෙන් ද, ජැයිකා ආයතනයේ ඩොලර් මිලියන 170ක සම්පාදනයන්ගෙන් ද සමන්විත විය. පුබුදුගේ ප්‍රියතම ණය දෙන්නා වූත් (වඩාත්ම වියදම්කාරී ණය දෙන්නා වූත්) A11B බැංකුව ශ්‍රී ලංකාවේ සියලුම අංශ සඳහා මේ දක්වා ණයට දෙන මුළු මුදල ඩොලර් මිලියන 460ක් පමණක් වූ අතර එහිදී බලශක්ති අංශයට මේ දක්වා කිසිදු මුදලක් දී නොමැත. ඊළඟ වසර අට තුළ ඒ අනුව ඔවුන්ගෙන් ණය ගත හැකි මුදල දස ගුණයකින් වැඩි වෙතැයි සිතිය නොහැකිය.
පුබුදු සහ ඔහුගේ කණ්ඩායම සමග කළ සංවාදවලින් අනාවරණය වන්නේ ඔවුන් සිතන ආකාරයේ මූලික දෝෂයන්ය. අතීතයේ දී ලංවිම / ශ්‍රී ලංකා රජය ණය ගැනීමේ දී ඉවහල් කරගත් කොන්දේසි රජය සඳහා තවදුරටත් භාවිත නොකළ හැකි බවට ඔවුන් වටහාගෙන නොමැත. සංවර්ධන මූල්‍ය ආයතනයන්ට දැනට පවතින අනෙකුත් ප්‍රමුඛතා හමුවේ ඩොලර් බිලියන 1.5කට වඩා ණය දිය හැකි බවක් නොපෙනේ. එසේම බොහෝ දේශීය බැංකු ද ලංවිම සඳහා තනි ණයලාභියකුට දෙන සීමාව මේ වනවිට ඉක්මවා තිබේ.
මූල්‍යකරණය ඇතුළු පුළුල් විශේෂඥ දැනුමෙන් තොර ඉංජිනේරුවන්ගෙන් සමන්විත ප්‍රතිසංස්කරණ කමිටු විසින් නිර්ණය කර තිබෙන දෝෂ සහගතභාවය මේ වනවිට භීතිය උත්පාදනය කරන්නකි.

 

 සංවර්ධන මූල්‍ය ආයතනවල ණය අවදානම
ශ්‍රී ලංකාවේ බලශක්ති අංශයට සංවර්න මූල්‍ය අයතන ණය දී ඇත්තේ ආණ්ඩුවට ණය දෙන අකාරයටයි. ලංවිමට දෙන ආකාරයෙන් නොවේ. කිසිම සංශෝධන මූල්‍ය ආයතන ණයක් (ස්වෛරී ඇපකරයක් මත හෝ) ණය තිරසර බවකින් තොර ආයතනයක් වෙත ණය දෙන්නේ නැත. කළින් නොපනුණු යම් හදිසි අවස්ථාවක් පැන නැගෙන විටක දී ඇපකරුවාගේ අරමුණු සඳහා ආරක්ෂාව සැලසී තබිය යුතු බව අවධාරණයට ගත යුතුය. යම් අවස්ථාවක ඇපකරුවා ණය ආපසු ගෙවීමට අපේක්ෂා කරන්නේ නම් එවිට ඍජුවම ඇපකරුවාට ණය දීම සිදුවිය හැකියි. එමනිසා රජයෙන් ණය ලබා ගැනීම ක්‍රියාකාරී මොඩලයකින් සිදු වෙතැයි සැලකේ.
 මුල් පනතේ විසුරුණු (ඒකාබද්ධ නොවූ) ස්වරූපයෙන් බලාපොරොත්තු වූයේ සංවර්ධන මූල්‍ය ආයතනවලට ණය දිය හැකි ආකාරයේ, ණය තිරසර භාවය සහිත, ණය ලැබීමේ සඛ්‍යතාව සහිත ලාභදායී ආයතනයකි. මෙම පදනම සකස් කිරීම සඳහා මේ වනවිට මහජනතාව ද මේ වන විටත් කැපකිරීම් කර ඇත්තේ, ලංවිම, ඛනිජ තෙල් සංස්ථාවෙනුත්, බැංකුවලිනුත් ආණ්ඩුවෙනුත් පමණ ඉක්මවා ණය ගත් බැවිනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමස්ත පණිවිඩය නම් රාජ්‍ය අංශය ප්‍රමාණයෙන් කුඩා කිරීම ඔස්සේ සාමාන්‍යයෙන් කළ හැකි වන විචක්ෂණශීලී රාජ්‍ය වියදම් සකසාලීමත් කළ යුතු යන්නයි. එකක් වෙනුවට මුළුමනින්ම රාජ්‍ය හිමිකාරිත්වය ඇති සමාගම් පමණක් නිර්මාණය කිරීමේ චේතනාව කොතරම් යහපත් වුවද එහිදී ඉහත කී අරමුණ සාක්ෂාත් වන සෙයක් නොපෙනේ.
වර්තමාන පනතේ ඒකාබද්ධ භාවයෙන් ඉවත් කිරීම කර ඇත්තේ තනි තනි ආයතනවලට සමන්විත මූල්‍ය ආයතනවලින් ඍජුව ණය ගත නොහැකි වන ආකාරයෙනි. අලුත් සමාගම්වලට ණය ලබා ගත හැකි අතීත වාර්තා හෝ ණය ලබාගත හැකි මට්ටමේ ශේෂ පත්‍ර නොමැතිව ණය ලබාගත හැකි නොවන්නේය. එම ආයතනවල ශේෂ පත්‍ර ශක්තිමත් වන තුරු, සංවිධාන මූල්‍ය ආයතනවලින් ස්වෛරී අවශ්‍යතා මත ණය ලබා ලංවිම වෙත දිය යුතු වේ. උදාහරණයකට  අදාළ ඩොලර් බිලියන 5ක් ගොඩනගා ගැනීමට සැලසුම් කර ඇති සම්ප්‍රේෂණ සමාගම, ඊළඟ අට වසර තුළ දළ වශයෙන් රුපියල් බිලියන 22ක වාර්ෂික ආදායමක්, (නැතහොත් ඩොලර් මිලියන 75ක ආදායමක්) සහ ඩොලර් මිලියන 7ක ලාබයක් ලැබිය යුතු වේ. මෙය ඩොලර් බිලියන 5ක් තබා බිලියන එකක්වත් ණයට ගැනීමට සෑහෙන ශේෂ පත්‍රයක් නොවන්නේය.

 

 ණය ලැබීමේ සීමා
දෙවැනි වරටත් ණය පැහැර හැරීමකට භාජන නොවන්නට නම් ශ්‍රී ලංකා රජය ආපසු ගෙවීමට හැකියාව ඇති සීමාවට ණය ලබා ගත යුතුය. දළ ජාතික නිෂ්පාදිතයේ අනුපාතයක් ලෙස දක්වා ඇති දර්ශකයට අනුකූලව ණය ලබා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟව ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතුටු කිරීමට නොව විචක්ෂණශීලීව ණය ලබාගැනීම අනිවාර්ය අවශ්‍යතාවක් බැවිනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (2025) සිව්වැනි විශ්ලේෂණයට අනුව (ද.ජා. නිෂ්පාදිතයේ අනුපාතයක් ලෙස) ණය ලබා ගත හැක්කේ නිෂ්පාදිතයෙන් සියයට 109.6කි. (109.6%) එම ප්‍රතිශතය ප්‍රෂේණය කොට ඇත්තේ 2032දී ඉලක්කයන්ගෙන් සියයට 95ක් සපුරාලීමටයි.
2024 සහ 2025 අවුරුදුවල ක්‍රියාත්මක කරනු ලැබූ (පිළිවෙළින්) රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතෙන් සහ රාජ්‍ය ණය කළමනාකරණ පනතෙන් ඇපකර නිකුත් කිරීම් හා ස්වෛරී ණය ලැබීම් උදෙසා දැඩි විනිවිද පෙනෙනසුලු ක්‍රියාදාමයක් නියම කරනු ලැබීය. (එයින් රජය අඛණ්ඩ වගකීමකට බැදෙන නිසා)
එම ක්‍රියාදාමයන්වල දී රාජ්‍ය ආයෝජන සැලැස්මක් ප්‍රකාශන කිරීමටත්, වාර්ෂික අයවැය සමග ණය ලැබීමේ සීමාවක් ගැසට් නිවේදනයකින් නිකුත් කිරීමටත්, මධ්‍යකාලීන ණය කළමනාකරණ උපාය මාර්ග සූත්‍ර ගත කිරීම් මගින් වසරක් පාසා ණය සීමාවක් නීර්ණය කිරීමටත්, ඒවා ණය කළමනාකරණ කාර්යාලයෙන් ප්‍රසිද්ධියට පත් කිරීමත් අවශ්‍ය වේ.
2025 උදෙසා දළ ණය සීමාව රුපියල් බිලියන 4000කි. එය ඩොලර් බිලියන 13ක තරම් ප්‍රමාණයකි. ඒ බලශක්ති අංශය සඳහා පමණක් නොව, සියලුම අංශවල අවශ්‍යතා සඳහාය. එයින් සෑහෙන කොටසක් දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සඳහා වෙන් කර තිබේ. දැනට පවතින ව්‍යාපෘතිවල මුදල් ගෙවීම් සිදු කළ විට එම ප්‍රමාණ රාජ්‍ය ණය සමස්තයට එකතු වන අතර, වසරේ ලබා ගත් ණය ලෙස ගණන් ගැනේ. 2029/30 දක්වා රාජ්‍ය ණය තොගය ඉහළ යනු ඇත්තේ නැවත ණය ගෙවා පියවීම අත්හිටුවා ඇති බැවිනි. එම නිසා දළ ජාතික නිෂ්පාදිතය ණය යන අනුපාත ඉලක්කය පවත්වා ගැනීම සඳහා ණය ගැනීම පාලනය කළ යුතුව තිබේ.
2030න් පසුව ණය නැවත ගෙවීම ආරම්භ වූ විට ණය සමස්තය (මුළු ණය තොගය) පහළ වැටී, වඩ වඩාත් ණය ගැනීමේ ඉඩ ප්‍රස්ථා සැලසේ. එහෙත් එවිට රජයේ වියදම් සෑහෙන තරම් ඉහළ නගින නිසා, අලුතෙන් ප්‍රාග්ධන ආයෝජනය කිරීම් සීමා කළ යුතුවේ. ඒ ණය හිඟය සාධාරණ මට්ටමක පවත්වා ගැනීම සඳහාය.
රාජ්‍ය ආයෝජන වැඩසටහන තුළ 2026 - 2030 කාලය උදෙසා සැලසුම් කොට ඇති සමස්ත රාජ්‍ය ආයෝජනය රුපියල් බිලියන 8583කි. (ඩොලර් බිලියන 28කි) මෙම ප්‍රමාණයෙන් සියයට 49ක් භෞතික යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වෙන් කිරීමට අපේක්ෂා කෙරේ. මහාමාර්ග, ප්‍රවාහන, වරාය හා ගුවන්තොට, බලශක්ති, වාරිමාර්ග, ජල සැපයුම්, නිවාස හා නාගරික සංවර්ධනය ඊට අයත් වේ. එම නිසා ලංවිමට අයත් සම්ප්‍රේෂණ සමාගමට එයින් සියයට 12කට වඩා ඉල්ලා සිටීම හාස්‍ය උපදවන්නකි. විශේෂයෙන් මාර්ග,  වාරිමාර්ග, නාගරික සංවර්ධනය වැනි අනෙකුත් අංශයන්ට කළ නොහැකි, පෞද්ගලික ප්‍රාග්ධනය ලබා ගැනීමේ හැකියාව බලශක්ති අංශයට පවතින විට එය එසේ වන්නේය. බහුපාර්ශවික සංවර්ධන බැංකු (ආසියානු සංවර්ධන බැංකුව/ ලෝක බැංකුව) ප්‍රමුඛකොට දෙනු ලබන්නේ අයවැය සහයෝගිතා පිරිනැමීම, රාජ්‍ය මූල්‍ය සම්බන්ධ දීර්ඝ කාලීන තිරසර හැකියාව තහවුරු කිරීම, මූල්‍ය ආගාධයෙන් ගොඩනැගීම ආදියටයි. මෙය උග්‍ර ලෙස, සංවර්ධන මූල්‍ය ආයතනවල ව්‍යාපෘති මූල්‍ය සම්පාදනය හීන කරනු ලබයි. පුබුදු සිතන ආකාරයට ත්‍යාගශීලී ලෙස ව්‍යාපෘති මූල්‍ය සම්පාදිතය සඳහා මුදල් යෙදවීමේ හැකියාව ඔවුනට නැත.
​මේ සියල්ලේ අර්ථය ඉහළ පිරිවැයෙන් යුතු ප්‍රාග්ධන ආයෝජන සඳහා පෞද්ගලික අංශයේ සම්පත් ලබා ගැනීමේ දී අනිවාර්යයෙන් ඉවහල් කරගත යුතු මොඩලයේ සාධාරණත්වයෙන් යුතු අඩු පොලී ණය ලබා ගැනීම වෙත යොමු විය යුත්තේය යන්නයි. මෙම ප්‍රවණතාව ඔස්සේ සංවිධාන මූල්‍ය ආයතන, ණය ලැබීමේ සංඛ්‍යාව ඇති පෞද්ගලික අංශයට ණය දීමට උනන්දු වේ. එසේ නැතහොත් පෞද්ගලික අංශය සමග එක්ව ණය දීමටත් යොමුවේ. උදාහරණයකට යෝජිත පොම්පාගාරයකට ඩොලර් බිලියන 1ක් ආයෝජනය කරන ලෙස ආසියානු සංවර්ධන බැංකුවෙන් ඉල්ලූ විට ඔවුන්ගේ ප්‍රතිචාරය වූයේ තනිවම ඒ සඳහා මුදල් යෙදවිය නොහැකිය යන්නය. රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය හෝ සංවර්ධන මූල්‍ය ආයතනයක සහභාගිත්වය ඔවුහු ඉල්ලා සිටියහ.

 

 2024 පනතේ අරමුදල් ප්‍රවාහන හැකියාව 
2024 විදුලිබල පනත, මූල්‍යකරණ ගැටලුවලට විසඳුම් දීමට ප්‍රවේශ වී ඇත්තේ එම අංශය වෙත පෞද්ගලික ප්‍රාග්ධනය ඇතුළු වීමට හැකි වන ආකාරයෙනි. විදුලිබල උත්පාදන (ජල විදුලිය හැර) සහ බෙදාහරින සමාගම්වලට පෞද්ගලික ප්‍රාග්ධනය කොටස් වෙළෙඳපොළ ලේඛනය  තුළින් හා කොටස් විකිණීමෙන් ඇද ගත හැකි වේ. විට ඔවුනට වෙළෙඳපොළෙන් කොටස් ප්‍රාග්ධනය කෙටි කාලීනව ලබා ගැනීමක් කළ හැකි වන අතර එවිට සංවර්ධන මූල්‍ය ආයතනවලින් ණය ලබා ගැනීමේ සුදුසුකම ඔවුන්ගේ පෞද්ගලික අංශ හවුල්කාරිත්වයෙන් ලැබේ. කොටස් වෙළෙඳපොළ ලේඛනගතවීම, ජාතික ජන බලවේගය යහපාලන අරමුණු සහ විනිවිදභාවය සමග ද ගැළපෙන්නේ සමාගම්, එම තොරතුරු හෙළිදරව් කිරීමටත්, ගෝලීය වශයෙන් වෘත්තීය සුදුසුකම් ලැබූ වෘත්තීය ප්‍රවේශයන් ගෙන් සමන්විත පාලන මණ්ඩල යොදා ගැනීමටත් අවශ්‍ය වන නිසාත්ය. සංවර්ධන මූල්‍ය ආයතන පෞද්ගලික අංශයේ අරමුදල් හා සහයෝගයෙන් ක්‍රියාකාරීම වැඩිවෙමින් පවතින්නේ ජාත්‍යන්තර සංවර්ධන කාර්ය උදෙසා රාජ්‍ය අරමුදල් යෙදවීම් අඩුවෙමින් පවතින ප්‍රවාණතාව නිසාය. (USAID) නවතා දැමීමෙන් සහ ද්විපාර්ශවික සංවර්ධන ණය දීම්වලින් මෙම තත්වය පෙනී යයි)
සීමිත සංවර්ධන මූල්‍ය ආයතන මුදල් භාවිතා කිරීමේ වඩා හොඳ ක්‍රමය නම්, පෞද්ගලික ප්‍රාග්ධන ප්‍රමාණයන් විශාල වශයෙන් මුදාහැරීමයි.

 

 සංශෝධන සමග මතුවන අහේනිය
පුබුදු විසින් යෝජනා කරන ලද සංශෝධනවලින් ප්‍රධාන ප්‍රතිපාදන ආපසු හරවා යැවීමත් පෞද්ගලික ප්‍රාග්ධන ප්‍රවේශයට හානිකර මූලාංග කිහිපයකුත් එක් කර තිබීමත් ඉතා කනගාටුවට කරුණකි. මූල්‍ය ප්‍රවාහයන්ට බලපාන වෙනස් කිරීම් කිහිපයක් පහත දැක්වේ.
1. පළමු අදියරේ වෙනස් කිරීම (ඒකාබද්ධතාව ලිහිල් කිරීම්) සියයට සියයක් රාජ්‍ය හිමි ආයතනයන්ට සීමා කර තිබීම.
2. අවසාන ඒකාබද්ධතා ලිහිල් කිරීම සීමා කිරීම.
3. සම්ප්‍රේෂණ සමාගම සියයට සියයක් රාජ්‍ය හිමි ආයතන ලෙස පවත්වා ගැනීම (2024 පනතෙන් හඳුන්වා දුන් පරිදි සියයට පනහේ දායකත්වය නොසලකා හැර තිබීම)
4. උනන්දුව පිළිබඳ ගැටුම (බැඳියා ගැටුම) මතු වන අයුරින් පමණට වඩා පුම්බාලන සම්ප්‍රේෂණ සමාගමක් නිර්මාණය කිරීම
5. ආයෝජනයන් තුළ අවදානම හා අවිනිශ්චිතතාව නිර්මාණය කෙරෙන පරිදි ලංවිම ඒකාබද්ධතාව ලිහිල් කිරීමේ හැකියාව ඇති කිරීම.
6. නියාමනයේ ස්වාධීනත්වය අකාමකා දැමීම
7. ඒකාබද්ධ නොවූ බෙදාහැරීමේ හා උත්පාදන (පනත) සමාගම්වල අයිතිය දරන භාරකාර සමාගම් හා කළමනාකාර සමාගම් නිර්මාණය කිරීම.



අදහස් (0)

විදුලිබල පනතේ හොඳ - නරක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 440 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16887 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 664 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site