
ලොව සුපතල Allen & Heath නිෂ්පාදන පිළිබඳ ශ්‍රී ලංකාවේ නිල බෙදාහැරීම් නියෝජිතයා ලෙස කටයුතු කරන මල්ටි ඕඩියෝ විෂුවල් පෞද්ගලික සමාගම විසින් සංවිධානය කරන ලද ඩිජිටල් ශ්‍රව්‍ය පුහුණු වැඩසටහනක් පසුගිය දා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. මෙරට ශ්‍රව්‍ය දෘශ්‍ය (AV) ක්‍ෂේත්‍රයේ තාක්ෂණික දැනුම සහ වෘත්තීය ප්‍රමිති ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ මෙම පුහුණු වැඩසටහන උසස් ඩිජිටල් ශ්‍රව්‍ය සංකලන තාක්ෂණය (Digital Mixing Technology) පිළිබඳ පුළුල් ඉගෙනුම් අත්දැකීමක් පිරිනමන ලදී. උත්සව නිෂ්පාදන සමාගම්, ශ්‍රව්‍ය ඉංජිනේරුවන්, සංගීත ක්ෂේත්‍රයේ වෘත්තිකයන්, තාක්ෂණික නිලධාරීන් මෙන්ම Allen & Heath පරිශීලකයන් ඇතුළු බොහෝ පිරිසක් මෙම වැඩසටහනට එක්ව සිටියහ.
ශ්‍රව්‍ය දෘශ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ වසර 25කට අධික අත්දැකීම් සහිත මල්ටි සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත සමාගම් වන මල්ටි ඕඩියෝ විෂුවල් පෞද්ගලික සමාගම සහ මල්ටි ඉලෙක්ට්‍රොනික්ස් ආයතනය ලොව සුප්‍රකට ශ්‍රව්‍ය දෘශ්‍ය (AV) විසඳුම් ශ්‍රී ලංකාවට හඳුන්වා දීම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දෙයි. වෘත්තීය මට්ටමේ ශ්‍රව්‍ය, ආලෝකකරණ සහ ඒකාබද්ධ AV විසඳුම් සැපයීමේ දී විශ්වාසනීයත්වය, තාක්ෂණික විශේෂඥතාව මෙන්ම පාරිභෝගික කේන්ද්‍රීය සේවාව සම්බන්ධයෙන් මෙම සමාගම ඉහළ කීර්තියක් ලබා ගෙන ඇත.
මෙම වැඩසටහන හරහා ප්‍රායෝගික නිරූපණ සැබෑ ශ්‍රව්‍ය භාවිතයන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමග සෘජුව අදහස් හුවමාරු කර ගැනීමේ අවස්ථාව මෙන්ම Allen & Heath Digital Mixing Consoles පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් පිරිනැමීමට ද සැලසුම් කර තිබිණි. මෙමගින් නූතන ඩිජිටල් ශබ්ද පරිපාලන ශිල්පීය ක්‍රම පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමටත්, වෘත්තීය ශ්‍රව්‍ය තාක්ෂණයේ නවතම නිපැයුම් ගවේෂණය කිරීමටත් සහභාගීවූවන්ට අවස්ථාව සලසා තිබිණි.
මෙහිදී නූතන උත්සව නිෂ්පාදන සහ සජීවී විනෝදාස්වාද ක්ෂේත්‍රයන් තුළ අත්‍යවශ්‍ය කරුණක් වන Workflow Optimization, ඩිජිටල් ශබ්ද සංකලන හැකියාව, සජීවී ශබ්ද කළමනාකරණය සහ උසස් Console විශේෂාංග කෙරෙහි ඉහළ අවධානයක් යොමු කෙරිණි. ප්‍රායෝගික ආකෘතියක් සමග මෙම වැඩසටහන සංවිධානය කර තිබූ බැවින්, සැබෑ යෙදවුම් තුළ දී Allen & Heath පද්ධතිවල ක්‍රියාකාරීත්වය, නම්‍යශීලීභාවය සහ විශ්වාසනීයත්වය සජීවීව අත්දැකීමට සහභාගී වූ පිරිසට හැකියාව ලැබිණි.
මල්ටි ඕඩියෝ විෂුවල් පෞද්ගලික සමාගමේ සාමාන්‍යාධිකාරී දිලංක රත්නායක මහතා විසින් මෙම පුහුණු වැඩසටහනේ නිල පිළිගැනීමේ කතාව සිදුකරන ලදී. අඛණ්ඩ දැනුම බෙදාහදා ගැනීමේ මුලපිරීම් සහ තාක්ෂණික සංවර්ධන වැඩසටහන් හරහා දේශීය වෘත්තීය ශ්‍රව්‍ය දෘශ්‍ය (AV) ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා සහයෝගය දැක්වීමට සිය සමාගම විසින් දක්වන මනා කැපවීම එහි දී ඔහු අවධාරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd