සමූහ වත්කම් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 4.2 දක්වා ඉහළ යයි
ගෝලීය අවදානම් තත්වයක් මධ්‍යයේ වුවද සිය ඔරොත්තු දීමේ හැකියාව යළිත් පිළිබිඹු කරමින් මහජන බැංකුව 2026 පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 16.6 ක ඒකළ බදු පෙර ලාබයක් වාර්තා කරයි
මහජන බැංකුවේ කාර්ය සාධනය
මහජන බැංකුව, භූ දේශපාලනික ගැටුම්කාරී තත්ව සහ අඛණ්ඩ ගෝලීය ආර්ථික අර්බුදකාරී තත්ව මධ්‍යයේ වුවද නොසැලෙමින් සිය ස්ථාවරත්වය මනාව පවත්වා ගනිමින් 2026 මාර්තු 31 වන දිනෙන් අවසන් වූ කාර්තුව සඳහා ශක්තිමත් සහ මනාව ඔරොත්තු දෙන මූල්‍ය කාර්ය සාධනයක් වාර්තා කිරීමට සමත් විය. මහජන බැංකුව මෙම කාලය තුළ රුපියල් බිලියන 16.6 ක ඒකළ බදු පෙර ලාබයක් (PBT) වාර්තා කළ අතර, ඒ තුළින් එහි මනා පදනම, විචක්ෂණශීලී ශේෂ පත්‍ර කළමනාකරණය සහ විනයගරුක අවදානම් කළමනාකරණ භාවිතයන්හි ශක්තිය මනාව පිළිබිඹු කරයි.
මහජන බැංකුවේ මෙම මෙහෙයුම් කාර්ය සාධනය සඳහා මූලික ආදායම් ප්‍රවාහ හරහා අත්කරගත් අඛණ්ඩ වර්ධනය හේතු විය. පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදය තුළ රුපියල් බිලියන 40.7 ට සාපේක්ෂව මුළු මෙහෙයුම් ආදායම සියයට 13.2 කින් ඉහළ ගිය අතර, එය රුපියල් බිලියන 46.1 දක්වා වර්ධනය විය. ශුද්ධ පොලී ආදායම රුපියල් බිලියන 34.1 සිට රුපියල් බිලියන 40.1 දක්වා සියයට 17.5 කින් වර්ධනය විය. ඵලදායී ප්‍රතිමිලකරණ උපාය මාර්ග සහ විනයගරුක වත්කම් හා වගකීම් කළමනාකරණය හේතුවෙන් ශුද්ධ පොලී ආන්තිකය (NIM) සියයට 4.1 සිට සියයට 4.3 දක්වා ඉහළ ගිය අතර, වැඩිදියුණු කළ ආන්තික ප්‍රසාරණය මෙම කාර්ය සාධනය සඳහා තවදුරටත් සහාය විය.
බැංකුවේ ශේෂ පත්‍රයේ අඛණ්ඩ ස්ථාවර ප්‍රසාරණය සහ මූල්‍ය ස්ථාවරත්වය පෙන්නුම් කරමින්, මුළු වත්කම් රුපියල් ට්‍රිලියන 3.8 දක්වාත්, ගනුදෙනුකාර තැන්පතු රුපියල් ට්‍රිලියන 3.3 දක්වාත්, ශුද්ධ ණය සහ අත්තිකාරම් රුපියල් ට්‍රිලියන 1.8 දක්වාත් වර්ධනය විය. මෙම කාර්තුව තුළ, ශ්‍රී ලංකාවේ විශාලතම Basel III” Tier 2, ණයකර නිකුතුව සාර්ථකව නිම කිරීම හරහා බැංකුව සිය ප්‍රාග්ධන තත්වය තවදුරටත් ශක්තිමත් කර ගත්තේය. එමගින් රුපියල් බිලියන 25ක් රැස් කර ගත් අතර, බැංකුවේ දිගුකාලීන ස්ථාවරත්වය සහ මූල්‍ය ශක්තිය කෙරෙහි ආයෝජකයන්ගේ ඇති විශ්වාසය මින් මනාව පිළිබිඹු වේ.
මෙම ශක්තිමත් ප්‍රාග්ධන පදනම බැංකුවේ මුළු ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය (CAR) තවදුරටත් වැඩිදියුණු කිරීමට දායක වූ අතර, එය 2025 අවසානයේ වාර්තා වූ සියයට 16.5 සිට සියයට 17.9 දක්වා වර්ධනය වෙමින් නියාමන අවශ්‍යතාවලට වඩා ඉහළින් සහනදායී මට්ටමක පැවතුණි. එසේම මහජන බැංකුව ශක්තිමත් ද්‍රවශීලතා තත්වයක් ද පවත්වා ගෙන යමින් ද්‍රවශීලතා ආවරණ අනුපාතය සියයට 260.0 ක මට්ටමින් පවත්වා ගැනීමට සමත් වූ අතර, ශක්තිමත් මූල්‍යමය ඔරොත්තු දීමේ හැකියාව එමගින් යළිත් අවධාරණය වි තිබේ.
මෙම කාර්තුව තුළ වත්කම්වල ගුණාත්මක දර්ශකය අඛණ්ඩව වර්ධනය වූයේ මහජන බැංකුවේ මූල්‍ය පැතිකඩ තවදුරටත් ශක්තිමත් කරමිනි. අදියර 3 ණය අනුපාතය සියයට 7.7 සිට සියයට 7.2 දක්වා ධනාත්මක වූ අතර, අදියර 3 ප්‍රතිපාදන ආවරණ අනුපාතය සියයට 48.4 සිට සියයට 50.0 දක්වා ශක්තිමත් විය. එය වැඩිදියුණු කළ ප්‍රතිසාධන උත්සාහය සහ විචක්ෂණශීලී ණය අවදානම් කළමනාකරණය පිළිබඳ මනාවූ පිළිබිඹුවකි.
සමූහ කාර්ය සාධනය
සමූහයක් ලෙස ගත් කළ හිතකර මූලික බැංකුකරණ ව්‍යාප්තිය සහ වැඩිදියුණු කළ ආන්තික ක්‍රියාකාරිත්වයෙන් මෙම කාර්තුව තුළ බැංකුව සිය ශක්තිමත් වර්ධන වේගය අඛණ්ඩව පවත්වාගෙන යෑමට සමත් විය. පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදයේ දී සමූහයේ බදු පෙර ලාබය රුපියල් බිලියන 17.7 ක් වූ අතර, මෙවර රුපියල් බිලියන 20.0 ක බදු පෙර ලාබයක් වාර්තා කිරීමට සමත්ව ඇත්තේ වැඩිදියුණු කළ මෙහෙයුම් කාර්ය සාධනය, විනයගරුක පිරිවැය සහ අවදානම් කළමනාකරණය යන සාධක මත පදනම්ව සියයට 13.5 ක වර්ධනයක් පිළිබිඹු කරමිනි.
සමූහයේ ශේෂ පත්‍රය අඛණ්ඩව ප්‍රසාරණය වෙමින්, මුළු වත්කම් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 4.2 දක්වා ළඟා වූ අතර, ශුද්ධ ණය රුපියල් ට්‍රිලියන 2.1 දක්වා වර්ධනය විය. එමගින් සමූහයේ ශක්තිමත් භාවය සහ ව්‍යාපාර වර්ධනය පිළිඹිබු වෙයි. ශුද්ධ පොලී ආදායම රුපියල් බිලියන 38.6 සිට රුපියල් බිලියන 47.4 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගිය අතර, ඵලදායි ශේෂ පත්‍ර ප්‍රතිමිලකරණය සහ තිරසාර ණය දීමේ ක්‍රියාකාරකම් මගින් සියයට 22.9 ක වර්ධනයක් සිදුව ඇත.
සමූහයේ ශුද්ධ පොලී ආන්තිකය ද වැඩිදියුණු වී ඇති අතර, එය සියයට 4.4 සිට සියයට 4.6 දක්වා ඉහළ ගොස් ඇත. එමගින් කාර්යක්ෂම වත්කම් - වගකීම් කළමනාකරණය සහ පොලී උපයන වත්කම්වල වැඩිදියුණු කළ ආදායම් මට්ටම පිළිබිඹු කරයි. සමස්තයක් වශයෙන්, කාර්තුව තුළ සමූහය ශක්තිමත් මෙහෙයුම් ගම්‍යතාවක් සහ මූල්‍යමය ඔරොත්තු දීමේ හැකියාව අඛණ්ඩව පවත්වා ගෙන ගිය අතර, රටේ ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් ලෙස එහි උපායමාර්ගික තත්වය තවදුරටත් ශක්තිමත් කළේ එහි විශිෂ්ටත්වය නැවත වරක් සාක්ෂාත් කරගනිමිනි.
මෙම කාර්ය සාධනය පිළිබඳව අදහස් දක්වමින් මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය. ‘භූ දේශපාලනික ගැටුම්කාරී තත්ව සහ ආර්ථික අවිනිශ්චිතතාවන්හි අවදානම තීව්‍ර වී තිබූ අභියෝගාත්මක ගෝලීය වාතාවරණයක් මධ්‍යයේ වුවත් 2026 මාර්තු 31 වන දිනෙන් අවසන් වූ කාර්තුව තුළ මහජන බැංකුව වාර්තා කළ මෙම කාර්ය සාධනයෙන් එහි ඔරොත්තු දීමේ හැකියාව සහ ස්ථාවරත්වය තහවුරු වනවා. එමෙන්ම බැංකුවේ කාර්ය සාධනයෙන් එහි ශක්තිමත් මූලධර්ම, විචක්ෂණශීලීත්වයෙන් හෙබි පාලන රාමුව සහ අවදානම් කළමනාකරණය සඳහා දක්වන ලද විනයගරුක ප්‍රවේශය පිළිබිඹු වන අතර, එමගින් ප්‍රධාන මූල්‍ය දර්ශක ශක්තිමත් කරන අතරම ස්ථාවරත්වය පවත්වා ගැනීමට එයට හැකි වී තිබෙනවා.
ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතා මෙසේ පැවසීය. ‘මෙම කාර්තුවේ කාර්ය සාධනය, බැංකුවේ මෙහෙයුම් ඔරොත්තු දීමේ හැකියාව සහ මූල්‍ය ශක්තිය පිළිබඳ ප්‍රබල සාක්ෂියක් වනවා. ගෝලීය හා දේශීය අභියෝග මධ්‍යයේ වුවද බැංකුවේ ශක්තිමත් මූලික ආදායම් උත්පාදනය, වැඩිදියුණු කළ ආන්තික, වැඩිදියුණු කළ වත්කම් ගුණාත්මක දර්ශක සහ අඛණ්ඩ ශේෂ පත්‍ර ප්‍රසාරණය බැංකුවේ මූල්‍ය තත්වය තවදුරටත් ශක්තිමත් කර තිබෙනවා.
බාසල් III ප්‍රමිතීන්ට අනුකූලව ක්‍රියාත්මක වූ රුපියල් බිලියන 25.0 ක සාර්ථක Tier 2 ණයකර නිකුතුව, බැංකුවේ ශක්තිමත් ප්‍රාග්ධනය සහ ද්‍රවශීලතා ආරක්ෂණය සමඟ එක්ව, ආයෝජයන්ගේ වර්ධනය වන විශ්වාසය පිළිබිඹු කරන අතර, බැංකුවේ දිගුකාලීන උපායමාර්ගික ස්ථානගත කිරීම ශක්තිමත් කරනවා.
මූල්‍ය කාර්ය සාධනයට අමතරව, මහජන බැංකුව මෙම කාර්තුව තුළ රටේ ආර්ථික ප්‍රගමනය උදෙසා සහ සමාජ සංවර්ධන මුලපිරීම් සඳහා විශාල දායකත්වයක් ලබා දෙන ලදී. බැංකුව රජයට රුපියල් බිලියන 11.9 ක බදු දායකත්වයක් ලබා දුන් අතර, —Rebuild Sri Lanka˜ මුලපිරීම සඳහා රුපියල් මිලියන 300.0ක් පරිත්‍යාග කරන ලදී. මූල්‍ය සමානාත්මතාව, ඩිජිටල් බැංකුකරණය සහ ආර්ථික සවිබල ගැන්වීමේ මුලපිරීම් සඳහා අඛණ්ඩ සහයෝගය ලබාදීමෙන් ශ්‍රී ලංකාවේ තිරසාර ආර්ථික ප්‍රගතියේ උන්නතිය උදෙසා විශ්වාසදායක හවුල්කරුවකු ලෙස සිය සේවය ලබාදීමට මහජන බැංකුව ඇප කැපවී සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd