
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLSI) අධ්‍යක්ෂ ජෙනරල්/ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සිද්ධිකා ජී. සේනාරත්න මහත්මිය ස්වදේශී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අමිල උඩවත්ත මහතා වෙත නිල වශයෙන් SLS සහතිකය පිරිනැමූ අවස්ථාව. ස්වදේශී කර්මාන්තායතනයේ සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ උසස් නිලධාරීහු ද මෙම සහතික පිරිනැමීමේ උත්සවයට එක්ව සිටියහ.
SLS 547 යනු ළදරුවන් සඳහාම විශේෂයෙන් නිපදවන සබන් වර්ගවල ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ ප්‍රමිතිය සම්බන්ධයෙන් අනිවාර්ය අවශ්‍යතා රැසක් පනවා ඇති බේබි සබන් සඳහා වන ශ්‍රී ලංකා ප්‍රමිති නිර්ණායකයයි. මෙමSLS 547 ප්‍රමිතියෙන් බේබි සබන් වර්ග දරුවාගේ සමට ආරක්ෂිත, ආසාදනවලින් තොර, උසස් තත්වයේ මෘදු සහ බිළිඳු සමට වඩාත් සුදුසු සබන් බව සහතික කරනු ලබයි. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLSI) ආනයන පරීක්ෂණ ක්‍රියාවලිය යටතේ සහතික කරනු ලබන මෙම ප්‍රමිතිය දේශීය නිෂ්පාදන මෙන්ම ආනයනික නිෂ්පාදන සඳහා ද අනිවාර්ය වේ.
SLS සහතිකය මගින් කොහොඹ බේබි සබන් සිය බිළිඳාගේ සමට ඉතාමත් ආරක්ෂිත සහ මෘදු බවට මව්වරුන්ට ඇති විශ්වාසය තහවුරු කරයි. ස්වදේශී කොහොඹ බේබි නිෂ්පාදන පෙළෙහි සුවිශේෂී සලකුණ වී ඇත්තේ ස්වාභාවික, මෘදු ආරක්ෂාව සහ ඖෂධීය විශ්වාසයයි. එය ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායක සහ ආදරණීය ස්වාභාවික බේබි සත්කාරක සන්නාමයක් ලෙස ස්ථාපිත වීමටද ඉවහල් වී ඇත. SLS ප්‍රමිතිවලට අනුව සහතික කරන ලද උසස් තත්වයේ නිෂ්පාදන ක්‍රියාවලි හේතුවෙන් තම දරුවාට ලැබිය හැකි ඉහළම ස්වාභාවික සත්කාරය සහ ආරක්ෂාව කොහොඹ බේබි වෙතින් හිමිවන බව නවක මවුපියන්ට සහතික විය හැකියි යනුවෙන් ස්වදේශී සමාගමේ නියෝජ්‍ය සභාපතිනි / කළමනාකාර අධ්‍යක්ෂිකා චූලෝධරා සමරසිංහ මහත්මිය ප්‍රකාශ කළාය.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් වෙළෙඳපොළේ ඇති සහතික ලත් නිෂ්පාදනවල ගුණාත්මකභාවය අඛණ්ඩව පරීක්ෂාවට ලක් කරමින් දැඩි ප්‍රමිති පවත්වාගෙන යන බැවින් පාරිභෝගිකයන් තුළ නිෂ්පාදනයක පවතින නිරන්තර උසස් තත්වය පිළිබඳ විශ්වාසය ගොඩනැගීමට මෙම SLS සහතිකය අතිශයින්ම වැදගත් වේ. අපගේ SLS 547 සහතිකයට අමතරව කොහොඹ බේබි සබන් නිෂ්පාදන බිළිඳු සමට ආරක්ෂිත බව ජාත්‍යන්තර චර්ම රෝග පරීක්ෂණ මගින්ද සහතික කර ඇත. සන්නාමයක් ලෙස කොහොඹ බේබි ISO 9001:2015 නිෂ්පාදන ප්‍රමිතිවලට අනුකූල වන බව තහවුරු කරමින් දිවයිනේ හොඳම සහ ආරක්ෂිතම ගුණාත්මකභාවයෙන් යුතු ස්වාභාවික ශාකසාර අඩංගු නිෂ්පාදන පාරිභෝගිකයා වෙත සමීප කිරීමට කැපවී සිටියි.
1941 වසරේ සිටම සමට සුමුදු ශාකසාර සබන් නිෂ්පාදනයේ නිරත ස්වදේශී කර්මාන්තායතනය සැමවිටම උසස් තත්වයේ ප්‍රමිති අනුගමනය කර ඇත. පාරිභෝගිකයන් වෙනුවෙන් උපරිම වටිනාකමක් එක් කරමින් coconut milk රත්මල්, වෙනිවැල් සහ අලිපේර වැනි සොබාදහමේ හොඳම ඖෂධීය සත්කාර කැටි කරමින් කොහොඹ බේබි නිෂ්පාදන පෙළ වෙළෙඳපොළට හඳුන්වා දීමට ස්වදේශී කර්මාන්තායතනය පියවර ගෙන ඇත. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLSI) ඇගයීම් මණ්ඩල මගින් මෙම ප්‍රමිති සහතිකවල වලංගුභාවය අඛණ්ඩව තහවුරු කරනු ලබයි.
පරම්පරා ගණනාවක සිට සම පිරිසුදු කිරීමට, තෙතමනය ආරක්ෂා කිරීමට මෙන්ම සමෙහි මෘදු හා සුසිනිඳු බව රැක ගැනීමට භාවිත කළ සොබාදහමේ අගනා දායාද වන කොහොඹ, coconut milk, කෝමාරිකා, වෙනිවැල්, අලිපේර සහ රත්මල් වැනි ස්වාභාවික අමුද්‍රව්‍ය රැසක ගුණය කොහොඹ බේබි සබන් සතු වන අතර, එය බිළිඳාගේ සිනිඳු සමට බෙහෙවින් ආරක්ෂිත වේ.
බිළිඳකුගේ සුවපහසුව සඳහා අත්‍යවශ්‍ය වන සම පිරිසුදුව, නිරෝගීව, මෘදුව සහ තෙතමනයෙන් යුතුව තබා ගැනීමට කොහොඹ බේබි පුද්ගලික සත්කාරක නිෂ්පාදන පෙළ උපකාරී වන බව සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.
මෙහි ප්‍රධාන ශාකසාර අමුද්‍රව්‍ය වන කොහොඹ, මෙරට මවුවරුන් සියවස් ගණනාවක සිට භාවිත කළ ගුණයෙන් ඉහළ ශාකසාර ඖෂධයකි. වසර 85කට වැඩි ඉතිහාසයක් ඇති ශාකසාර සත්කාරක ක්ෂේත්‍රයේ ප්‍රවීණ ස්වදේශී කර්මාන්තායතනය, ඉහළම ගුණාත්මක ප්‍රමිතීන්ට අනුකූලව මෙම ශාකසාර එක් කරමින් හොඳම ඖෂධීය ශාකසාර එකතුවක් පිරිනමයි. බිළිඳුන් නෑවීමට සහ ස්වාභාවිකවම විෂබීජ ඉවත් කිරීමට මෙම ශාකසාර මිශ්‍රණභාවිත කර ඇති අතර, සමට ඖෂධීය ශාකසාර අඩංගු නිෂ්පාදන භාවිත කිරීම සැමවිටම ආරක්ෂිත සහ මෘදු බව තහවුරු වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd