IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමේ වාසිය ලබාගැනීමට හොඳම අවස්ථාව උදාවෙලා - මහ බැංකු අධිපති සිංගප්පූරු ආයෝජන සංසදයේදී කියයි

 


දැන් විදෙස් මුදල් සංචිතය ගොඩනැගෙන්නේ ණයවලින් නොවේ
මෙම වසර අවසන් වන ව්ට ඩොලර් බිලියන 7ක නිල විදෙස් සංචිත පුරෝකථනයක් 
පිට පිට තෙවැනි වසරටත් මේ වසරේදීත් ජංගම ගිණුමේ අතිරික්තයක්
2025 වසරේ ආර්ථික වර්ධන වේගය සියයට 5ක අගයක් ගනීවිලු‍
ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම CCC+ සිට B දක්වා ඉහළ යාමේ අපේක්ෂාවක්
2024 දී සියලු‍ කොටස් මිල දර්ශකය සියයට 49.7ක ප්‍රතිලාභ අත්කරදීලා
ඩොලරයේ අගය මේ වනවිට වඩාත් ස්ථාවර ලෙස රැපියල් 300ක අගයකට 


භානුක අමරසිංහ


වර්තමානයේදී පවතින එක්සත් ජනපද ඩොලර් බිලියන 6කට අධික නිල විදෙස් මුදල් සංචිතය, මෙම වසර අවසන් වන විට එක්සත් ජනපද ඩොලර් බිලියන 7කට වඩා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. 
මෙම විදෙස් සංචිතය ගොඩනැගෙන්නේ පෙර අවස්ථාවලදී මෙන් ණය අරමුදල්වලින් නොවීම විශේෂත්වය බවත්, ස්වාභාවික ක්‍රමවේදවලට අනුව මෙම සංචිතය ගොඩනැඟෙන බවත් ඒ මහතා සඳහන් කළේය. පෙරේදා (12) සිංගප්පූරුවේදී පැවැත්වුණු Invest Sri Lanka ආයෝජක සංසදයේදී අදහස් දැක්වමින් අධිපතිවරයා මේ බව පවසා සිටියේය.
 “ආර්ථිකය අර්බුදය ඇති වූ 2022 අප්‍රේල් මාසයේදී මෙම නිල විදෙස් සංචිතය පැවතුණේ ඩොලර් බිලියන 1.9ක් ලෙසයි. එතැනදී භාවිතයට ගත හැකි සංචිතය වුණේ ඩොලර් මිලියන 25ක් පමණයි. අද වනවිට මෙම සංචිතය ඩොලර් බිලියන 6ක් ඉක්මවා තිබෙනවා. පුරෝකථනය අනුව මෙම වසර අවසන් වනවිට එය ඩොලර් බිලියන 7 ඉක්මවාවි. කොහොම නමුත් වෙනත් කාලවලට වඩා දැන් අපගේ සංචිතය ගොඩනැගෙන්නේ විදේශ ණය අරමුදල්වලින් නෙමෙයි ස්වාභාවික ආකාරයටයි.“ යනුවෙන් අධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
එසේම ලබන වසරේදී මෙතෙක් වාර්තා කළ ඉහළම විදේශ මුදල් සංචිතය ගොඩනැගීමට හැකියාව ලැබෙනු ඇති බවත් ඒ මහතා සඳහන් කළේය. 
කොළඹ කොටස් හුවමාරුව, ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාව සහ කොටස් තැරැව්කාර සමාගම්වල එකමුතුවෙන් මෙම Invest Sri Lanka ආයෝජක සංසදය සංවිධානය කෙරිණි. මෙරට තුළ ආයෝජනය සඳහා විදෙස් ආයෝජකයන් ආකර්ෂණය කරගැනීම මෙහි අරමුණ විය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මහ බැංකු අධිපතිවරයා මෙම වසර තුළදී පිට පිට තෙවැනිවරටත් ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා කරනු ඇතැයි පවසා සිටියේය. එය 1977 වසරේදී විවෘත ආර්ථිකය හඳුන්වාදීමෙන් අනතුරුව පැවැති වෙළෙඳ හිඟයේ ප්‍රවණතාව ඉවත් කරන්නක් වනු ඇතැයිද ඔහු සඳහන් කළේය.
“මේ අතිරික්තය ඇතිවීමට මූලිකවම වඩාත් ස්ථාවර අපනයන, ශක්තිමත් ප්‍රේෂණ ගලා ඒම් සහ සංචාරක කර්මාන්තයේ වර්ධනය මූලිකවම හේතු වුණා.“ අධිපතිවරයා පැවසුවේය.
මෙම තත්වයන්හි ප්‍රතිඵලයක් ලෙස ආර්ථික අර්බුදය අවස්ථාවේදී රුපියල් 370ක් වූ ඩොලරයේ අගය මේ වනවිට වඩාත් ස්ථාවර ලෙස රුපියල් 300ක අගයකට පැමිණ ඇති බවත් ඒ මහතා අවධාරණය කළේය. මෙලෙස වඩාත් ස්ථාවර විනිමය අනුපාතයක් පැවතීම ව්‍යාපාර වෙත මෙන්ම ආයෝජන වෙතද වඩාත් හොඳ ස්ථාවරත්වයක් ඇති කිරීමේ පදනමක් වනු ඇතැයිද අධිපතිවරයා පෙන්වා දුන්නේය.
“2024 වසරේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 5කින් වර්ධනය වුණා. 2025 දීත් එවැනිම අනුපාතයකින් එය වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබාදී ඇති සියයට 3ක වර්ධනයට සාපේක්ෂව මෙය හොඳ අවස්ථාවක්. ණය තිරසාරභාවය ඇති කිරීමට මෙම වර්ධනය අවශ්‍යයි.“ 
මේ අතර ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ කටයුතු සම්පූර්ණ කිරීමත් සමගින්ම දැනට CCC+ මට්ටමේ පවතින ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම B දක්වා ඉහළ නංවා ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයිද ඒ මහතා අපේක්ෂා පළ කළේය. තවමත් ශ්‍රී ලංකාව CCC+ මට්ටමේ පවතින්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතුව ඇති රජයේ ඇපකරයක් පිළිබඳ කරුණක් නිසා බවත්, ශ්‍රී ලංකා රජය ඉක්මනින්ම එය විසඳනු ඇතැයි අපේක්ෂාව බවත් අධිපතිවරයා පවසා සිටියේය. 



අදහස් (0)

ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමේ වාසිය ලබාගැනීමට හොඳම අවස්ථාව උදාවෙලා - මහ බැංකු අධිපති සිංගප්පූරු ආයෝජන සංසදයේදී කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1811 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1475 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 525 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site