IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


මහජන බැංකුවේ YES CASH CARNIVAL වෙතින් රු. මිලියන 4.5 කට වැඩි තිළිණ

අනාගත ලෝකයට අඩිතාලම වී අභියෝග මැද ඉදිරියටම යන තාරුණ්‍යයේ ශක්තිය ඉස්මතු කෙරෙන, ජාත්‍යන්තර තරුණ දිනය සමරමින් මහජන බැංකුවේ YES ඉතුරුම් ගිණුමින් හඳුන්වා දී ඇති YES CASH CARNIVAL  ඔස්සේ රුපියල් මිලියන 4.5කට අධික තිළිණ හිමිකරගැනීමට දැන් අවස්ථාව උදාවී ඇත.

මෙම වැඩසටහන 2025 අගෝස්තු 12 වැනි දින සිට සැප්තැම්බර් 30 දක්වා ක්‍රියාත්මක වන අතර, CASH WHEEL MONDAY, SHARE & WIN iy GRAND PRIZE යනුවෙන් දිනුම් ඇදීම් තුනකින් සමන්විත වේ.

මෙහි CASH WHEEL MONDAY දිනුම් ඇදීමට ඇතුළත් වීමට අදාළ කාලය තුළ දැනට පවත්නා හෝ අලුතින් විවෘත කළ YES ගිණුමක රු.25,000/-ක්  තැන්පත් කළ යුතු අතර, සෑම සඳුදා දිනයකම සිදුකරන දිනුම් ඇදීමෙන් රු.25,000/-ක් හිමිවන Prime Winner බවට ඔබට පත්විය හැක. අනතුරුව ඔබේ සමීපතම මිතුරන් හතර දෙනෙක් නම් කර, ඔවුන් නමින් දැනට පවතින හෝ අලුතින් විවෘත කළ YES ගිණුමක රු.25,000/-ක නව මුදල් තැන්පතුවක් 2026 ජනවාරි 01 දක්වා පවත්වා ගෙන ගොස් රු.10,000/-ක් දිනාගත හැකි අතර, පස් දෙනකුගෙන් යුත් එක් කණ්ඩායමකට දිනාගත හැකි මුදල රු.65,000කි. එවැනි කණ්ඩායම් 35කට දිනුම් ඇදීමේ කාල සීමාව තුළ රුපියල් මිලියන දෙකකට අධික මුදලක් දිනාගැනීමට අවස්ථාව හිමිවේ.

මෙම වැඩසටහනේ SHARE & WIN දිනුම් ඇදීම සඳහා ඇතුළත් වීමට පළමුවෙන්ම ඔබ සිදුකළ යුත්තේ මහජන බැංකුවේ Facebook  පිටුවේ Upload කර ඇති YES CASH CARNIVAL  ගැන සඳහන් කර ඇති Post එක ඔබේ Facebook Timeline (Profile) tfla #yescashcarnival Hashtag එක යටතේ Share කිරීමයි. අනතුරුව එහි Screenshot  එකක් ගෙන, https://www.peoplesbank.lk/yes-cash-carnival/  යන URL එකට ගොස් එයSubmit  කළ යුතුය. මේ තුළින් දින 5කට වරක් තෝරගනු ලබන ජයග්‍රාහකයන් 10 දෙනකුට රුපියල් 10,000/- බැගින් රු. 100,000/- ක ක්ෂණික මුදල් තෑගි පිරිනැමේ.

මෙහි GRAND PRIZE සුපිරි දිනුම් ඇදීමෙන් රු. මිලියන 2.5ක මුදල් තිළිණ පිරිනැමේ. ඒ අනුව 2025 අගෝස්තු 12 වැනි දින සිට සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ YES  ගිණුමේ රු.50,000/-ක් හෝ ඊට වැඩි මුදලක් තැන්පත් කර, 2026 ජනවාරි 01 වැනි දින දක්වා පවත්වා ගෙන යන 25 දෙනකුට රු.100,000/- බැගින් රු.මිලියන 2.5ක් දිනාගැනීමට අවස්ථාව හිමිවේ. 

තරුණ පරපුර ඉතිරිකිරීම සඳහා යොමුකරමින්, ස්වශක්තියෙන් නැගීසිටීම සඳහා ශ්‍රී ලාංකිය තරුණ පරපුර සවිබලගැන්වීම මෙම වැඩපිළිවෙළේ අරමුණයි. මේ පිළිබඳ වැඩිදුර විස්තර   https://www.peoplesbank.lk  මහජන බැංකුවේ නිල වෙබ් අඩවියෙන් සහ Facebook  පිටුවෙන් ලබා ගත හැක.



අදහස් (0)

මහජන බැංකුවේ YES CASH CARNIVAL වෙතින් රු. මිලියන 4.5 කට වැඩි තිළිණ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1811 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1475 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 525 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site