ගංවතුරෙන් විපතට පත් ජනතාවට AIA ඉන්ෂුවරන්ස් වෙතින් වෛද්‍ය සහන
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, නොබෝදා වෛද්‍ය සායනයක් පවත්වමින් තල්වත්ත ප්‍රදේශයේ ගංවතුරෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ඉදිරිපත් විය. ආපදාවට පත් පවුල් 600 කට වැඩි පිරිසක් සඳහා මෙම වැඩසටහන මගින් අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා ලබාදෙන ලදී. මේ ඔස්සේ, AIA හි සන්නාම ප්‍රතිඥාවට අනුව ශ්‍රී ලාංකිකයන්ට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක් ළඟා කරගැනීමට සහය වීම යන්න වඩාත් තහවුරු වූ අතර ජනතාව ආපදාවකට පත්වූ මෙවන් මොහොතක දී ඔවුන්ට අත්‍යවශ්‍ය සහන සේවා සැලසීම විශේෂ කරුණකි.