දේශීය සහ ජාත්‍යන්තර ආයෝජකයන්ට සහ මෙහෙයුම්කරුවන්ට අවස්ථාව
නිෂ්පාදනය, අපනයන පර්යන්ත ඉදිකිරීම, ගබඩා පහසුකම් සහ උපාංග නිෂ්පාදනය සඳහා වන ව්‍යාපෘති සංකල්ප ඉල්ලයි
බලශක්ති අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය එක්ව රට තුළ පරිසර හිතකාමී හයිඩ්‍රජන් සහ ඇමෝනියා (Green Hydrogen / Green Ammonia) නිෂ්පාදන ව්‍යාපෘති සඳහා වන තොරතුරු කැඳවීමක් (RFI – Request for Information) සිදු කරන බව දැනුම් දී සිටියි. ජූනි 05 වැනිදාට පෙර යෝජනා ඉදිරිපත් කළ යුතුව තිබේ.
විශේෂයෙන්ම හඳුනාගෙන ඇති ආකාරයට ශ්‍රී ලංකාව සතුව දැවැන්ත අක්වෙරළ සුළං සහ සූර්ය බලශක්ති හැකියාවක් පවතින බවත්, 2023 වසරේදී ඉදිරිපත් වූ ශ්‍රී ලංකාවේ ජාතික හයිඩ්‍රජන් ඉදිරිදැක්ම තුළද ශ්‍රී ලංකාව අනාගතයේදී පරිසර හිතකාමී හයිඩ්‍රජන් සහ ඇමෝනියා නිෂ්පාදනය සහ අපනයනය සම්බන්ධයෙන් වන කලාපීය මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගත කෙරී ඇති බවත් අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
මෙහිදී අදාළ තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා සුදුසුකම් සහිත දේශීය සහ ජාත්‍යන්තර ආයෝජකයන්ට, සංවර්ධකයන්ට සහ මෙහෙයුම්කරුවන්ට, රට තුළ පරිසර හිතකාමී හයිඩ්‍රජන්/ ඇමෝනියා නිෂ්පාදනය, අපනයන පර්යන්ත ඉදිකිරීම, ගබඩා පහසුකම් සහ උපාංග නිෂ්පාදනය සඳහා වන ව්‍යාපෘති සංකල්ප ඉදිරිපත් කරන ලෙස ආරාධනා කරන බවත් එම මණ්ඩලය සඳහන් කරයි.
2030 වසර වන විට රටෙහි විදුලිබල නිෂ්පාදනයෙන් සියයට 70ක් පුනර්ජනනීය බලශක්තියෙන් ලබා ගැනීමත්, 2050 වසරේ සිට විදුලි බල උත්පාදනය කාබන් විමෝචනයෙන් තොරව සිදු කිරීමත්, 2030 වසර වන විට එක්සත් ජනපද ඩොලර් බිලියන 1ක වාර්ෂික පිරිසුදු බලශක්ති අපනයන ආදායමක් ළගා කරගැනීමත් මෙම ව්‍යාපෘතිවල අපේක්ෂාව වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd