ප්‍රෙස්ටීජ් ඔටෝමොබයිල් සහ අයිඩියල් මෝටර්ස් යන සමාගම් එක්ව  වොක්ස්වැගන් මෝටර් රථ මෙරටට ආනයනය සඳහා සූදානමින් සිටින බව වාර්තා වෙයි.  
දැනටමත් බත්තරමුල්ලේ පිහිටි ප්‍රෙස්ටීජ් ඔටෝමොබයිල් පෞද්ගලික සමාගමට අයත් ප්‍රදර්ශනාගාරයක් එම රථ අලෙවිය සඳහා තෝරා ගෙන ඇති අතර, නුදුරේදීම වොක්ස්වැගන් සන්නාමය මෙරට වෙත පැමිණෙන බව සඳහන් පුවරුවක්ද එහි සවි කර තිබේ. 
මෙම සමාගම් අතරින් ප්‍රෙස්ටීජ් ඔටෝමොබයිල් පෞද්ගලික සමාගම ශ්‍රී ලංකාවේ BMW  මෝටර් රථ ආනයනය සහ බෙදා හැරීමේ බලයලත් නියෝජිතයා ලෙස කටයුතු කළ අතර, අයිඩියල් මෝටර්ස් පෞද්ගලික සමාගම මෙරට වෙත මහේන්ද්‍රා මෝටර් රථ ආනයනය කිරීමේ බලයලත් නියෝජිතයා ලෙස කටයුතු කරයි. 
වාර්තා සඳහන් කරන ආකාරයට මෙරටට වොක්ස්වැගන් මෝටර් රථ මාදිලි කිහිපයක්ම ආනයනය කිරීම සැලසුම වී ඇති අතර, එම මෙහෙයුම් අයිඩියල් මෝටර්ස් හරහා සිදු කිරීමට කටයුතු යොදා තිබේ.