ආසියා-පැසිෆික් කලාපයේ 2026 LG InnoFest ප්‍රදර්ශනය කොරියාවේ බූසාන් නගරයේ දී ඉකුත්දා පැවැත්වුණි. මෙම අවස්ථාවට ව්‍යාපාර සහයෝගීතාව සවිමත් කරමින් ආසියා-පැසිෆික් කලාපයේ රටවල් 20 කට ආසන්න ගණනක සහකරුවන් 200 ක් ඇතුළු මාධ්‍ය නියෝජිත පිරිසක් සහභාගී වූහ. 
“Innovation, Forward Together” යන තේමාව යටතේ ආසියානු ජන ජීවිතය ඉහළට ඔසවා තැබීමට සමත් නවීන ඛඨ නිෂ්පාදන රැසක් මෙහිදී හඳුන්වාදෙන ලදී. විවිධත්වයෙන් යුතු ආසියානු වෙළෙඳපොළේ අවශ්‍යතා සියුම්ව හඳුනා ගනිමින් වඩාත් නව්‍යකරණයට ලක් වූ තාක්‍ෂණය මුසු කළ දේශීය වශයෙන් වැදගත් වන නිෂ්පාදන මෙහිදී හඳුන්වාදෙන ලදී.
LG රෙදි සේදුම් මාදිලි තවදුරටත් පුළුල් කරමින් නවතම WashTower මාදිලි පෙළ වෙළෙඳපොළට හඳුන්වා දී ඇත. ආසියානු නිවෙස් සඳහා මනාව සරිලන නවතම අඟල් 25, අඟල් 24 සහ අඟල් 27 යන මාදිලි හඳුන්වා දී ඇති අතර, ඒවා ඉඩකඩ පිරිමසිමින්, එදිනෙදා කටයුතුවලට පහසුවක් සලසන ආකාරයෙන් ආසියාතික නිවෙස්වල පරිසරයට ඔබින ආකාරයෙන් නිපදවා ඇත.
නවතම ටොප්-ලෝඩින් සේදුම් මාදිලි Artificial Intelligence Direct Drive (AI DD)  තාක්‍ෂණයෙන් සමන්විත වන අතර ඇඳුම්වලට ආරක්‍ෂාවක් සමග කාර්යක්‍ෂම සේදීමක් ලබා දෙයි. මෙම තාක්‍ෂණයේ දී සේදුම් චලනයන් රෙදිවල ස්වභාවය අනුව ලබා දෙන අතර, TurboWash 3D වලින් සම්පූර්ණ සේදීමක් මිනිත්තු 30 කට අඩු කාලයකින් ලබා දෙයි. 
නවතම LG WashCombo  ඔස්සේ ඇඳුම් වේළා ගැනීම තවදුරටත් පහසු කරන අතර, Inverter HeatPump තාක්‍ෂණය එය වඩාත් කාර්යක්‍ෂමව සහ ස්ථාවරව සිදු කරයි. ආසියානු පාරිභෝගිකයන් වැඩි අවදානයක් යොමු කරන විදුලි පිරිවැය පිළිබඳ සැලකිලිමත් වෙමින් කාර්යක්‍ෂමව විදුලිය පිරිමසින පරිදි මෙය නිපදවා ඇත.
කොමර්ෂල් රෙදි සේදීම් සඳහා දිගු වේලාවක් ක්‍රියාකාරීව තබාගත හැකි, විශාල රෙදි ප්‍රමාණයක් කාර්යක්‍ෂමව සේදිය හැකි නිෂ්පාදන LG විසින් හඳුන්වා දී ඇත. ඒවායෙහි Customizable Wash Programs, Open API Connectivity සහ ඉදිරිපසින් පහසුවෙන් වැඩ කටයුතු සිදු කළ හැකි වන ආකාරයේ නිමාවක් දැකිය හැකියි. 
ආසියාවේ නිවෙස් සඳහා උචිත ශීතකරණ මාදිලි පෙළක් LG විසින් හඳුන්වා දී ඇත. නිවසේ ඉඩකඩ මනාව පිරිමසිමින් උපරිම අභ්‍යන්තර ධාරිතාවකින් යුක්තව මෙම ශීතකරණ හඳුන්වා දී ඇත. ආසියානු පාරිභෝගිකයන් අතර ඇති ඉහළ අයිස් ඉල්ලු‍මට ප්‍රතිචාර වශයෙන් Craft Ice, Crushed, Cubed සහ  Mini Craft  ඇතුළු අයිස් සෑදීමේ විකල්ප ක්‍රම මෙහි දැක ගත හැක.
වේගවත්ව සහ කාර්යක්‍ෂමව භාජන සෝදා ගැනීමක් සඳහා නවතම LG ඩිෂ්වොෂර් පැයක  Wash-and-dry cycle එකකින් සමන්විතයි. QuadWash Pro විසින් QuadWash Pro 4 ක් ඔස්සේ හයි ප්‍රෙෂර් වෝටර් ජෙට්ස් සහ මයික්‍රොබබල්ස් හරහා භාජන විවිධ පැති ඔස්සේ සෝදා දෙනු ලබයි.