මහනුවර, කොළඹ සහ උණවටුනේ අලුතින් හෝටල් ව්‍යාපෘති තුනක්
දැනට ඇති හෝටල් කාමර 965 සංඛ්‍යාව 1,500ක් දක්වා ඉහළ දැමීම සැලසුමයි
අරලිය සමූහ ව්‍යාපාරයට අයත් අරලිය හොටේල්ස් ඇන්ඩ් රිසෝට්ස් සමාගම ඉදිරියේදී අලුතින් තවත් හෝටල් ව්‍යාපෘති තුනක් ආරම්භ කිරීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි. කොළඹ, මහනුවර සහ ගාල්ල උණවටුනේ ඉදිකරන මෙම හෝටල් සඳහා දැනටමත් අදාළ භූමි වෙන්කරගැනීම සිදු කර ඇතැයිද සඳහන් වෙයි.
ලංකාදීප FT සිදු කළ විමසීමකට පිළිතුරු දෙමින් අරලිය හොටේල්ස් ඇන්ඩ් රිසෝට්ස්හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රුවන් කලුගල මහතා මෙම කරුණු අනාවරණය කළේය. මෙම නව ආයෝජන සමගින් දැනට සිය සමාගම සතුව පවතින හෝටල් හය ඉදිරියේදී නවයක් බවට පත් වනු ඇති බවත්, කාමර සංඛ්‍යාව 965 ක සිට 1,500 ක් දක්වා ඉහළ යනු ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
“කොළඹ ඉදිකරන හෝටලය සිටි හෝටලයක් විදියට පවත්වාගෙන යාම සැලසුමයි. ඒ වගේම දැනට උණවටුන ප්‍රදේශයේ තියෙන අරලිය හෝටලයට අමතරව තවත් අලුතින් හෝටලයක් ඉදි කෙරෙනවා. මහනුවර අපේ අනෙක් ස්ථානයයි. දැනටමත් මේ ව්‍යාපෘති සඳහා අවශ්‍ය ඉඩම් මිලදී ගෙන අවසන්.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd