සිංගර් ශ්‍රී ලංකා සමාගම, ලොව අංක 1 CCTV සන්නාමය වන Hikvision සමග ව්‍යාපාරික හවුල්කාරිත්වයකට එළැඹ තිබේ.

සාම්ප්‍රදායික නිෂ්පාදනවලින් ඔබ්බට ගොස් නවීනතම තාක්ෂණික විසඳුම් මෙරට පාරිභෝගිකයන් වෙත හඳුන්වා දීම මෙම හවුල්කාරීත්වයේ අරමුණයි. 

මෙම සහයෝගීතාව යටතේ, ලොව පිළිගත් Hikvision නිෂ්පාදන පෙළක්, දීප ව්‍යාප්ත සිංගර් අලෙවි ජාලය හරහා වෙළෙඳපොළට හඳුන්වා දීමට නියමිතය. එසේම, මෙම නිෂ්පාදන පෙළ, කවදත් ලාංකික විශ්වාසය දිනූ සිංගර් අලෙවියෙන් පසු සේවාව සමග අත්විඳීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට හිමි වේ. 

මෙම සහයෝගීතාව හරහා උසස් ප්‍රමිතියේ CCTV කැමරා සහ රෙකෝඩර්, Smart Access Control  සහ වීඩියෝ Intercom පද්ධති මෙන්ම Interactive Displays සහ මොනිටර් ද ඇතුළත් වේ. මීට අමතරව, ඊළඟ පරම්පරාවේ කෘත්‍රිම බුද්ධිය (AI) සහ දත්ත මත පදනම් වූ තාක්ෂණයෙන් බලගැන්වූ, බුද්ධිමත් දත්ත විශ්ලේෂණ සහ සංවේදක හැකියාව සහිත විසඳුම් ද මෙම මාදිලි පෙළ අතරට ඇතුළත් වේ. මෙහි ඇති විශේෂත්වය නම් මෙම උපාංග අතර, තාක්ෂණය යොදාගෙන බුද්ධිමත්ව සිදු කරන රථවාහන කළමනාකරණය සහ නගර ආරක්ෂාව වැනි පුළුල් ක්ෂේත්‍ර රැසක් දක්වා විහිදෙන උපාංග ද මේ අතරට ඇතුළත්ව තිබීමයි. පහසුවෙන් සවි කළ හැකි සහ පහසු විසඳුම් සඳහා පවතින ඉල්ලු‍ම සපුරාලීම සඳහා වයර් රහිත  (cable-free) WiFi උසස්ම කැමරා වැනි තෝරාගත් නිෂ්පාදන ද මේ යටතේ වෙළෙඳපොළට හඳුන්වා දෙනු ඇත. 

මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් සිංගර් ශ්‍රී ලංකා සමූහ කළමනාකාර අධ්‍යක්ෂ, මහේෂ් විජේවර්ධන මහතා මෙසේ සඳහන් කළේය, ‘‘නවෝත්පාදනය සහ විශ්වසනීයත්වය සම්බන්ධයෙන් ලොව සුපිරි නාමයක් දිනා සිටිනHikvision  සමග අත්වැල් බැඳ ගැනීමට ලැබීම ගැන අප සතුටු වෙනවා. නිවෙස් සහ ව්‍යාපාරික අවශ්‍යතා දෙකටම ගැළපෙන ලොව නවීනතම තාක්ෂණික උපාංග පෙළක්, සිංගර් අපගේ ශක්තිමත් සේවා ජාලය හරහා දිවයින පුරා සිටින පාරිභෝගිකයන්ට සමීප කිරීම අපේ අරමුණයි.”‍

Hikvision ශ්‍රී ලංකාවේ මෙහෙයුම් අධ්‍යක්ෂ හා දේශීය කළමනාකරු යසන්ත හෙන්නායක මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය. ‘‘නවෝත්පාදනය සහ පාරිභෝගික අවශ්‍යතා කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන සිංගර් වැනි සමාගමක් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම ගැන අප නිහතමානීව ආඩම්බර වෙනවා. මෙමගින් අපගේ උසස් තාක්ෂණික විසඳුම් ලංකාව පුරා ව්‍යාප්ත කිරීමටත් ශක්තිමත් පදනමක් ලැබෙනු ඇති බව අපට විශ්වාසයි.”‍