• කොන්ත්‍රාත්තුවේ වටිනාකම ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 8.32ක්

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ගුවන්තොටුපොළේදී ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙවර සේවා සැපයීම සඳහා පැවති කොන්ත්‍රාත්තුව 2026-04-30 වන දිනෙන් අවසන් වී ඇති අතර එම සේවාව සැපයීම සඳහා කොන්ත්‍රාත්කරුවකු තෝරා ගැනීම පිණිස සීමිත ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා තිබේ. 

ඒ සඳහා ලංසු 03ක් ලැබී ඇත. එකී ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව, සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන Menzies Aviation (Australia) Pty Ltd. වෙත ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 8.32ක මුදලකට 2026-05-01 දින සිට වසර 03ක කාලයක් සඳහා එකී කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.