
Laptop.lk සහ Technocity Pvt Ltd සමාගම් එක්ව, හලාවත ආනන්ද විද්‍යාලයේ නවීන කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයෙන් යුත් IT පරිගණක විද්‍යාගාරයක් සාර්ථකව ස්ථාපිත කර තිබේ.
අලුතින් පිහිටුවන ලද මෙම විද්‍යාගාරය Intel® Core™ i5 ප්‍රොසෙසර මගින් බල ගැන්වෙන නවතම සන්නාමගත ඩෙස්ක්ටොප් පරිගණක ඒකක 25 ක්, නවීන ගෘහ භාණ්ඩ, 75” Technoview Al Smart Board, සියල්ල එකකින් මුද්‍රණ යන්ත්‍ර සහ UPS පද්ධතිවලින් සමන්විත වන අතර, සිසුන් සඳහා අංගසම්පූර්ණ, අනාගතයට සූදානම් ඩිජිටල් ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කරයි.
හලාවත ආනන්ද විද්‍යාලයේ මෙම නවීනතම AI IT විද්‍යාගාරය ආසන්න වශයෙන් රුපියල් මිලියන 10 ක ආයෝජනයකින් නිම කර තිබේ. මුලින් සමූහය රුපියල් මිලියන 20 ක මුදල් සහ රුපියල් මිලියන 30 ක තොරතුරු තාක්ෂණ උපකරණ ලබා දීමට පොරොන්දු විය.
කෙසේ වෙතත්, අග්‍රාමාත්‍ය කාර්යාලය සමග සහයෝගයෙන් කරන ලද සවිස්තරාත්මක භූමි තක්සේරු කිරීම්වලින් පසුව, පාසල්වල සැබෑ අවශ්‍යතා සපුරාලීම සඳහා සහාය වීමේ විෂය පථය සැලකිය යුතු ලෙස පුළුල් කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස, දායක වූ IT උපකරණවල මුළු වටිනාකම රුපියල් මිලියන 60 දක්වා වැඩි වූ අතර, Laptop.lk සහ Technocity Pvt Ltd විසින් “Rebuilding Sri Lanka” වැඩසටහන යටතේ සමස්ත දායකත්වය රුපියල් මිලියන 80 දක්වා ගෙන එන ලදී.
මෙම විද්‍යාගාරය විවෘත කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍ය ලේකම්, ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා සහභාගී වූ අතර, ගෞරවනීය ආරාධිතයා ලෙස, Laptop.lk සහ Technocity සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ Famy Ismail මහතා එක් විය. තවදTechnocity සමාගමේ නියෝජිතයන්, ගුරුවරු සහ ශිෂ්‍යයන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ ෆාමි ඉස්මයිල් මහතා, “තාක්ෂණය යනු අවස්ථාවලට දොරටුවකි. නවීන AI IT පහසුකම් පාසල්වලට ලබා දීමෙන් අපි පරිගණක ලබා දීමක් පමණක් නොව, ශිෂ්‍යයන්ට විශාල සිහින දකින්න, වේගයෙන් ඉගෙන ගන්න සහ තමන්ගේ අනාගතය ගොඩනගා ගැනීමට අවශ්‍ය මෙවලම් ලබා දෙමින් සිටිමු” යැයි පැවසීය.
මෙම AI IT විද්‍යාගාරය සම්පූර්ණ කිරීමෙන් Technocity සමාගම අධ්‍යාපන සමානතාව වර්ධනය කිරීමට සහ ශ්‍රී ලංකාවේ දිගුකාලීන සංවර්ධනයට දායක වීමට ඇති කැපවීම තවදුරටත් පෙන්වා දෙයි.
Laptop.lk සහ Technocity Pvt Ltd සමාගම් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ IT විසඳුම් සපයන්නන් අතරට අයත් වන අතර, වසර 28කට අධික පළපුරුද්දක් හිමි, තාක්ෂණික විසඳුම් ලබා දෙන සමාගමක් බවට පත්ව තිබේ. එමෙන්ම ASUS, HP, Lenovo, MSI, Logitech, Philips වැනි ජාත්‍යන්තර වෙළඳ නාම රැසක නිල බෙදා හැරීමද සිදු කරයි. මෙම සමාගම් සමූහය හොංකොං, සිංගප්පූරුව සහ ඩුබායි වැනි රටවලද තම ව්‍යාපාරය විහිදුවා ඇත. මෙම ව්‍යාපෘතිය ඩිජිටල් දැනුමින් පොහොසත් දරු පරපුරක් බිහිකිරීම උදෙසා, නිරන්තරයෙන් කැපව සිටින Laptop.lk සහ Technocity Pvt Ltd සමාගම, ඒ උදෙසා ගන්නා ලද උත්සාහයන්ගේ තවත් එක් සාධනීය පියවරකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd