Associated Motorways (AMW වෙතින් මෙම මැයි මාසයේ දී නිසාන් මැග්නයිට් ((Nissan Magnite)  සහ නිසාන් ඇල්මේරා (Nissan Almera)  මිල දී ගන්නා පාරිභෝගිකයන් වෙනුවෙන් සීමිත කාලසීමාවක් සඳහා ‘නොමිලේ ඉන්ධන‘ ලබා දීමේ විශේෂ වැඩසටහනක් දියත් කර ඇත. මෙමගින් පාරිභෝගිකයා වාහනය රැගෙන යන මොහොතේ සිටම ඔවුන්ට ඉහළ වටිනාකමක් සහතික කෙරේ. 
2026 අප්‍රේල් 02 දා ආරම්භ කළ මෙම ප්‍රවර්ධන වැඩසටහනට ඇති ඉහළ පාරිභෝගික ඉල්ලීම් මත, මෙය මැයි මස 31 දක්වා දීර්ඝ කර තිබේ. මේ යටතේ LOLC ෆිනෑන්ස් ලීසිං පහසුකම් හරහා වාහන මිල දී ගන්නා පාරිභෝගිකයන්ට රුපියල් 125,000ක් දක්වා වූ ඉන්ධන දීමනාවක් හිමිවේ. AMW  හරහා සෘජුව මිල දී ගන්නා හෝ වෙනත් මූල්‍ය පහසුකම් ඔස්සේ මිල දී ගන්නා පාරිභෝගිකයන්ට රුපියල් 75,000ක් වටිනා ඉන්ධන දීමනාවක් හිමිවනු ඇත.Dialog Axiata PLC  සමග ඒකාබද්ධව Fuel Touch කාඞ්පතක් මගින් මෙම සුවිශේෂී ප්‍රතිලාභය පිරිනමන අතර එමගින් දිවයින පුරා ඉතා පහසුවෙන් ඉන්ධන ලබා ගැනීමේ හැකියාව පාරිභෝගිකයාට උදා වේ.
ලංකාව තුළ නිසාන් මැග්නයිට් රථ 5,000කට වඩා අලෙවි වී ඇති බැවින් එය 2025 වසරේ වැඩියෙන්ම අලෙවි වූ ‘Class A SUV’  රථය ලෙස වෙළෙඳපොළේ සිය ප්‍රමුඛත්වය තහවුරු කර ගෙන ඇත. මගීන්ගේ සහ රියදුරුගේ ආරක්ෂාව පිළිබඳ නිසාන් සතු කැපවීම මනාව විදහා දක්වන නිසාන් මැග්නයිට් රථය ‘Global NCAP’  ආරක්ෂණ වර්ගීකරණය යටතේ තරු 5ක (5-star)  ඉහළම ආරක්ෂිත සහතිකය ද හිමි කරගෙන තිබීම විශේෂත්වයකි.
Nissan  පාරිභෝගිකයන්ට වසර 3ක් හෝ කිලෝමීටර් 100,000ක වගකීම් කාලයක් ද ඇතුළුව සුවිශේෂී ප්‍රතිලාභ රැසක් හිමිවේ. Nissan  ආයතනයෙන් පුහුණුව ලැබූ තාක්ෂණික ශිල්පීන්ගේ සේවය සහ නඩත්තු කටයුතු, Nissan අමතර කොටස් සහ උපාංග ලබා ගැනීමේ පහසුකම මෙන්ම දිවයින පුරා විහිදුණු විශ්වාසනීය අලෙවියෙන් පසු සේවාව ද මෙයට ඇතුළත් වේ.   
මෙම සුවිශේෂී වාහන අත්විඳීමට සහ සීමිත කාලීන දීමනාවේ ප්‍රතිලාභ ලබා ගැනීමට කොළඹ (යුනියන් පෙදෙස), මාතර, කුරුණෑගල, මහනුවර සහ මීගමුව යන නගරවල පිහිටි Nissan  ප්‍රදර්ශනාගාර වෙත පැමිණෙන ලෙස පාරිභෝගිකයන්ට ඇරයුම් කෙරේ. මෙම දීමනාව අප්‍රේල් හා මැයි මාසයන් තුළ සිදු කරන  වෙන්කිරීම් (Bookings) සඳහා පමණක් වලංගු වන අතර, දැනට පවතින සීමිත වාහන තොගය අවසන් වීමට පෙර තම වාහනය වෙන් කරවා ගෙන ඉක්මනින්ම එය ලබාගන්නා ලෙස පාරිභෝගිකයන් දිරිමත් කරනු ලබයි.