Hongkong and Shanghai Banking Corporation’s (HSBC) හි පාරිභෝගික බැංකුකරණ මෙහෙයුම් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවට (NTB) පවරා ගැනීමේ කටයුතු මේ වන විට අවසන් වී ඇති බව නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පසුගියදා නිවේදනය කළේය. ඒ අනුව HSBC හි එම මෙහෙයුම් 2026 මැයි 01 දින සිට නිල වශයෙන් NTB හට පත්වනු ඇත.
මෙතෙක් HSBC Sri Lanka පාරිභෝගික බැංකු සේවා භාවිත කළ ගනුදෙනුකරුවන්ට කිසිදු ගැටලුවක් ඇති නොවන ආකාරයට තම මෙහෙයුම් සමග සම්බන්ධ කිරීමට NTB පියවර ගෙන තිබේ. මෙම පවරා ගැනීමේ කොටසක් වශයෙන් HSBC Sri Lanka කාර්ය මණ්ඩලයද NTB සමග ඒකාබද්ධ වනු ඇත. මෙහෙයුම් කටයුතු ස්ථාවරව පවත්වා ගන්නා අතරම බාධා අවම වන ආකාරයට මෙම පවරා ගැනීමේ ක්‍රියාවලිය සිදුකරන ලද අතර, HSBC Sri Lanka ගනුදෙනුකරුවන්ට NTB හි බැංකුකරණ කටයුතු ගැන පැහැදිලි අවබෝධයක් ලැබෙන තුරු ඔවුන්ට අඛණ්ඩව සහයෝගය ලබා දීමටද කටයුතු යොදා තිබේ.
මෙම ක්‍රියාවලිය යටතේ පාරිභෝගික බැංකුකරණ ගනුදෙනුකරුවන් 200,000 ක් පමණ නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ සේවා සමග සම්බන්ධ කර තිබේ. මීට ඉතුරුම් හා ජංගම ගිණුම්, ස්ථාවර තැන්පතු, ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් සහ පාරිභෝගික ණය යන සේවා සහ Private Banking ගනුදෙනුකරුවන්ද ඇතුළත් වී ඇත. මෙම ක්‍රියාවලියත් සමග නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ දීපව්‍යාප්ත ශාඛා ජාලය 96 ක් බවට පත් වී තිබේ. මෙම පවරා ගැනීම හරහා නව ශාඛා 7 ක් NTB ශාඛා ජාලයට එක් වී ඇති අතර, ඒ අතරින් බම්බලපිටිය, ෆ්ලවර් රෝඩ්, යූනියන් පෙදෙස සහ පැලවත්ත හි ප්‍රදේශවල පිහිටි ශාඛා Private Banking මධ්‍යස්ථාන ලෙස ක්‍රියාත්මක වනු ඇත. මීට අමතරව නුගේගොඩ, යාපනය සහ මහනුවර යන ප්‍රදේශවල පිහිටි ශාඛා 3 ක් ද අලුතින් NTB ජාලයට ඇතුළත් වී තිබේ.
මෙම පවරා ගැනීමේ කාලසීමාව තුළ ගනුදෙනුකරුවන්ට ක්‍රම කිහිපයක් ඔස්සේ සහාය වීමට NTB සූදානමින් සිටී. මෙම පවරා ගැනීමේ සම්බන්ධ තොරතුරු සහ ප්‍රශ්නවලට පිළිතුරු https://migration.nationstrust.com හි දක්වා ඇත.
2025 සැප්තැම්බර් මාසයේදී HSBC Sri Lanka සමග අත්සන් කරන ලද මූලික විකුණුම් සහ මිලදී ගැනීම් ගිවිසුමෙන් අනතුරුව, 2025 දෙසැම්බර් මාසයේදී HSBC Sri Lanka හි පාරිභෝගික බැංකුකරණ මෙහෙයුම් කටයුතු අත්පත් කරගැනීම සඳහා නේෂන්ස් ට්‍රස්ට් බැංකුවට ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය හිමි විය. මේ හේතුවෙන් කලින් සැලසුම් කළ පරිදිම 2026 පළමු භාගයේදී පවරා ගැනීමේ කටයුතු සම්පූර්ණ කිරීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුවට හැකියාව ලැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd