ACAP Stockbrokers  (පුද්.) සමාගම මේ වන විටවිට Stallion Consultancy  සමාගමේ භාරකාරීත්වය යටතේ සිය ආයතනික ගමන් මගේ නව අදියරක් වෙත පිවිසෙමින් සිටී. ඒ සේවාදායකයන් මූලික කරගත් ආයෝජන උපදේශන සම්ප්‍රදායේ නව යුගයක සමාරම්භය සනිටුහන් කරමිනි. 
ACAP Stockbrokers  (පුද්.) සමාගමේ නව සන්නාම අනන්‍යතාව අනාවරණය කිරීමද පෙරේදා (05) සිදුකෙරිණි. එමෙන්ම එහිදී සමාගම පර්යේෂණ කෙරෙහි වැඩි නැඹුරුවක් සහිත ප්‍රවේශයක් අනුගමනය කිරීමට බලාපොරොත්තු වන බව අනාවරණය කරන ලද අතර, සමාගමේ ප්‍රමුඛතා, ඉලක්ක සහ ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ වෙත විදේශ ආයෝජකයන් ආකර්ෂණය කරගැනීම සම්බන්ධ සැලසුම්ද එළිදක්වන ලදි. 
ACAP  යනු දශකයකට අධික කාලයක් ශ්‍රී ලංකාව තුළ සාර්ථක ලෙස ව්‍යාපාර කටයුතු කළ සමාගමකි. කොළඹ කොටස් වෙළෙඳපොළේ බලපත්‍රලාභී සාමාජික සමාගමක් වන එය ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ නියාමන අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ වෙත සුරක්ෂිත ප්‍රවේශයක් ලබාදෙන සමාගමක් ලෙස සේවාදායකයන්ගේ නොසැලෙන විශ්වාසය දිනාගැනීමට  ACAP සමත් වී ඇත. උසස් තත්වයේ පර්යේෂණ කරමින්, සේවාදායකයන්ට විශිෂ්ට සේවාවක් ලබාදෙන අතරම ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් සමාගම මෙම නව සන්නාම අනන්‍යතාව හඳුන්වා දී තිබේ. 
මෙම මාධ්‍ය හමුවේදී සමාගමේ නව කළමනාකාරීත්ව කණ්ඩායමද අනාරවරණය කරන ලදි. ශක්තිමත් ක්‍රමෝපායක දිශානතියකින් යුතුව පැහැදිලි දීර්ඝකාලීන දැක්මක් මූලික කරගනිමින් සමාගමට නායකත්වය දීමට මෙම කණ්ඩායම සූදානමින් සිටී. 
“ශක්තිමත් ආයතන ගොඩනැගෙන්නේ විනය, විශ්වාසය හා අඛණ්ඩතාව ඔස්සේ කාලයත් සමග ක්‍රමානුකූලව බව අප විශ්වාස කරනවා. අප උත්සාහ කරන්නේ විශිෂ්ට සේවාවක්, උසස් තත්වයේ පර්යේෂණ සහ ශක්තිමත් සම්බන්ධතා ඔස්සේ දීර්ඝකාලීන වර්ධනයක් අත්පත් කරගැනීමයි. කොළඹ කොටස් වෙළෙඳපොළේ සාර්ථක වීම සඳහා දේශීය හා ජාත්‍යන්තර ආයෝජකයන්ට අවස්ථා උදාකර දීම අපගේ ප්‍රධානතම ඉලක්කය වී තිබෙනවා.‘ACAP Stockbrokers  (පුද්.) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මලික් ප්‍රනාන්දු මහතා පැවසීය. 
2025 වසර මුළුමහත් ලෝකයටම අභියෝගකාරී වසරක් වුවද, එම වසර තුළ ආසියාවේ හොඳම ක්‍රියාකාරීත්වයක් සහිත මායිම් වෙළෙඳපොළක් (Frontier Market)  ලෙස සියයට 40 කට වැඩි ප්‍රතිලාභ ලබාදීමට කොළඹ කොටස් වෙළෙඳපොළ සමත් විය. දේශය නැවත ගොඩනැංවීම සඳහා මෙන්ම දීර්ඝකාලීන ආර්ථික ශක්තිය හා වර්ධනය තහවුරු කිරීම සඳහා රටට ලැබුණු ආයෝජන මහෝපකාරී වූ අතර, එය විශේෂයෙන්ම රටින් පිටත වෙසෙන ශ්‍රී ලාංකික ආයෝජකයන්ට පෞද්ගලික ප්‍රතිලාභ හිමිකරගන්නා අතරම රටේ දියුණුවට දායක වීමට ලැබුණු මහඟු‍ අවස්ථාවක් විය. මේ ආකාරයට ආයෝජකයන්ගේ උනන්දුව ඉහළ යාමේ ප්‍රවණතාව යහපත් ලෙස භාවිත කරමින්, රට තුළ පවතින ආයෝජන අවස්ථා සිය දේශීය හා ජාත්‍යන්තර සේවාදායකයන් වෙත දිගින් දිගටම හඳුන්වා දීමටACAP බලාපොරොත්තු වෙයි. 
හුදෙක් වේගයෙන් තම මෙහෙයුම් කටයුතු පුළුල් කරනු වෙනුවට ACAP  සමාගම තෝරාගෙන ඇත්තේ අඛණ්ඩතාව, විශ්වාසය හා කාර්යසාධනය යන ගුණාංගවලට මුල්තැන දෙමින් වඩාත් විධිමත් හා ස්වාභාවික වර්ධනයක් අත්පත් ගැනීමේ ප්‍රවේශයකි. ඉදිරියටත් දීර්ඝකාලීන වටිනාකම් නිර්මාණය කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළවල්වල තිරසාර වර්ධනයක් අත්පත් කරගැනීමට සමාගම කැප වී සිටී. 
ACAP  සමාගමේ නව ක්‍රමෝපායේ එක් ප්‍රධානතම අංගයක් වන්නේ පර්යේෂණ හා විශ්ලේෂණ කටයුතු සඳහා මුල්තැන දීමය. තම පර්යේෂණ කණ්ඩායම හරහා ආයෝජකයන්ට පැහැදිලි, විශ්වාසනීය සහ ප්‍රායෝගිකව පියවර ගත හැකි වෙළෙඳපොළ බුද්ධි තොරතුරු ලබාදෙමින්, ඔවුන්ට තම ආයෝජනයෙන් උපරිම ප්‍රයෝජන හිමිකර ගැනීමට අවස්ථාව සලසා දීම සමාගමේ ඉලක්කයයි.