- ප්‍රදර්ශනය මැයි 15-16 BMICH හිදී භානුක අමරසිංහ
ශ්‍රී ලංකා සංචාරක මෙහෙයුම්කරුවන්ගේ සංගමය (SLAITO) ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය හා එක්ව සංවිධානය කරන “සංචාරක උදාව 2026” ප්‍රදර්ශනය ලබන මැයි 15 සහ 16 දෙදින, පෙරවරු 10.00 සිට පස්වරු 7.00 දක්වා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේ පැවැත්වීමට නියමිතව තිබේ.
13 වැනි වරටත් සංවිධානය කරන මෙම සංචාරක උදාව ප්‍රදර්ශනය, මෙරට තුළ සංචාරක සහ සංචරණ කර්මාන්තය වෙනුවෙන් පැවැත්වෙන එකම ප්‍රදර්ශනය ලෙසින්ද සැලකෙයි. එය විශේෂයෙන්ම ව්‍යාපාර සිට ව්‍යාපාර (B2B) මෙන්ම ව්‍යාපාර සිට පාරිභෝගිකයන් (B2C) අතර සුවිශේෂී සම්බන්ධතාවක් ඇති කිරිමට සහාය දක්වයි.
මෙවර ප්‍රදර්ශනය සඳහා ප්‍රදර්ශකයන් 200 කට වැඩි ගණනක් සම්බන්ධ වනු ඇති බවත්, ප්‍රදර්ශන කුටි 300 කට වැඩි සංඛ්‍යාවක් දැකගත හැකි වනු ඇති බවත් සංවිධායකයෝ පවසති.
ප්‍රදර්ශනයේ පළමු දිනය යටතේ ප්‍රදර්ශනයට සමගාමීව සංචරණ අලෙවිකරණය සම්බන්ධයෙන් වන විශේෂඥයන් සමගින් පවත්වන සංවාද අවස්ථාවක් සහ ව්‍යාපාරික හමුවක් පැවැත්වෙයි. එසේම සංචාරක කර්මාන්තයේ බලධාරීන් සහ සිසුන් සඳහා විශේෂ වැඩමුළු, ව්‍යාපාරික සහ ව්‍යාපාරික හමු සහ ව්‍යාපාරික සහයෝගිතා හමු පැවැත්වීමටද නියමිතව තිබේ.
මෙහිදී අදහස් දක්වා සිටි සංචාරක සංවර්ධන අධිකාරියේ සහ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති බුද්ධික හේවාවසම් මහතා මෙසේ පැවසීය. “වාර්ෂිකව සංවිධානය කරන මෙම සංචාරක උදාව ප්‍රදර්ශනය රටේ සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක සේවා සම්පාදකයන් වෙත හෝටල් සමාගම්, සංචාරක මෙහෙයුම් සිදු කරන්නන් ඇතුළු කර්මාන්තයට සම්බන්ධ පිරිස් සමගින් එකිනෙකා හඳුනාගැනීමට ඉතාමත් හොඳ අවස්ථාවක්. ඒ නිසා වෙනත් වසරවලදී වගේම මේ වසරේදීත් සංචාරක කර්මාන්තයට සම්බන්ධ සහ ඊට උනන්දුවක් දක්වන සිසුන්ද මීට සම්බන්ධ වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.”
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd