2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත බලාත්මක වීමෙන් අනතුරුව, මේ වන විට වසර 15ක් පමණ ගත වී ඇති අතර, එම කාලය තුළ දේශීය සහ ගෝලීය මූල්‍ය පසුබිම තුළ සැලකිය යුතු වෙනස්කම් සිදු වී තිබේ. එබැවින්, මුදල් සමාගම් අංශය පාලනය කරන නියාමන රාමුව සමාලෝචනය කිරීමේ සහ ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පැන නැගී ඇත.
විශේෂයෙන්ම බලපත්‍ර ලබාදීම, අධීක්ෂණය, නිරාකරණය, ආයතනික යහපාලනය, තැන්පත්කරුවන් රැක ගැනීම සහ අනවසර තැන්පතු භාර ගැනීමට එරෙහිව බලගැන්වීම යන කරුණුවලට අදාළ පනතේ විධිවිධාන සංශෝධනය කළ යුතු බව හඳුනා ගනු ලැබ තිබේ.
ඒ අනුව, 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත සංශෝධනය කිරීමට හැකි වන පරිදි පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd