• යුනිමෝ, ටොයොටා ලංකා සහ ඩිමෝ එම සමාගම් අතර 

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහා අවශ්‍ය ඩබල් කැබ්, සිංගල් කැබ් සහ රෝද හතරේ ට්‍රැක්ටර් යන වාහන මිලදී ගැනීම සඳහා සමාගම් තුනකින් ඉදිරිපත්ව ඇති ලංසු සඳහා අනුමැතිය දීමට පරිසර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය පසුගියදා අනුමැතිය ලබාදී තිබේ. 
ඒ අනුව ද්විත්ව කැබ්රථ 16ක් මිලදී ගැනීම සඳහා යුනයිටඞ් මෝටර්ස් ලංකා පීඑල්සී සමාගමට අනුමැතිය හිමිව ඇති අතර, එහි වටිනාකම රුපියල් මිලියන 300 කි. එසේම සිංගල් කැබ් රථ 84 ක් සඳහා ටොයොටා ලංකා (පෞද්) සමාගම වෙත අනුමැතිය හිමිව ඇති අතර, එහි වටිනාකම රුපියල් මිලියන 1,134 කි. මීට අමතරව රෝද හතරේ ට්‍රැක්ටර් 09ක් මිලදී ගැනීම සඳහා ඩීසල් ඇන්ඞ් මෝටර්ස් ඉංජිනියරින්ග් පීඑල්සී සමාගම වෙත අනුමැතිය හිමිව ඇති අතර, එහි වටිනාකම රුපියල් මිලියන 24.75 කි. 
වන අලි කළමනාකරණ රාජකාරි කටයුතු හා අනෙකුත් ක්ෂේත්‍ර රාජකාරි අවශ්‍යතා සඳහා යොදා ගැනීම පිණිස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දීපව්‍යාප්තව පිහිටුවා ඇති අඩවි ආරක්ෂක කාර්යාල සහ බීට්ටු කාර්යාල සඳහා අවශ්‍ය වාහන මෙලෙස මිලදී ගන්නා බව පවසයි.