ඉදිකිරීම් හා කොන්ක්‍රීට් අපද්‍රව්‍ය යළි භාවිතයට ගත හැකි ලෙස සකස් කෙරෙන මෙරට පළමු ව්‍යාපෘතිය අද (08) ඒකල කාර්මික ජනපද භූමියේදී ආරම්භ කෙරේ.
රජය මගින් ක්‍රියාත්මක කරන “Clean Sir Lanka” වැඩසටහනෙන් රටේ සමාජීය, සදාචාරාත්මක සහ පාරිසරික භූ දර්ශනය යන කුලුනු තුනෙහි තිරසාර පරිවර්තනයක් අපේක්ෂා කරන අතර, එහි පාරිසරික කුලුනේ කොටසක් ලෙස ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව ඉදිකිරීම් සහ ගොඩනැගිලි කඩා ඉවත් කිරීමේ (C&D) අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ අභියෝගය සඳහා සුදුසු ක්‍රමවේදයක් මේ වන විට ඒකල පිහිටි කාර්මික ජනපදය තුළ පිහිටි රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් පෙරසවි අංගණය පරිශ්‍රයේ සාර්ථකව ස්ථාපනය කර ඇත.
විශේෂයෙන් කොන්ක්‍රීට් සහ ඉදිකිරීම් ද්‍රව්‍ය නිසා ජනිත වන සුන්බුන් කෙරෙහි අවධානය යොමු කර මෙම ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය සකස් කර ඇති අතර, මෙම මූලික පියවරෙන් තිරසාර අපද්‍රව්‍ය `කළමනාකරණය, සම්පත් සංරක්ෂණය සහ ඉදිකිරීම් පිරිවැය අඩු කිරීම ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කරනු ලබන අතර එය තිරසාර පාරිසරික සම්පත් භාවිතය පිළිබඳව ගෝලීය ප්‍රමිතීන්ට ද අනුකූල වේ.
ඉදිකිරීම් කර්මාන්තය දළ වශයෙන් ගෝලීය අපද්‍රව්‍යවලින් සියයට40 ක් සහ කාබන්ඩයොක්සයිඩ් විමෝචනයෙන් සියයට25 ක් ජනනය කරයි. මෙම කර්මාන්තයේ සාම්ප්‍රදායික ලබාගැනීම, සෑදීම, බැහැර කිරීම යන රේඛීය ආකෘතිය මත රඳා පැවතීම පාරිසරික වශයෙන් තිරසාර නොවේ. මේ වනවිට ශ්‍රී ලංකාවද ඒ හා සමාන අභියෝගවලට මුහුණ දෙන අතර, බස්නාහිර පළාත දිනකට කොන්ක්‍රීට් සහ ගොඩනැගිලි කඩා දැමීමේ අපද්‍රව්‍ය ටොන් 300 ක් ජනනය කරන බවට ඇස්තමේන්තු කර ඇත. මෙම අපද්‍රව්‍යවලින් වැඩි ප්‍රමාණයක් ඉඩම් පුරවා හෝ නීති විරෝධී ලෙස බැහැර කර ඇති අතර, එමගින් පාංශු දූෂණය, ජල දූෂණය, ගංවතුර අවදානම් සහ මානව භාවිතය සඳහා ඇති පොදු අවකාශය විනාශ වීමේ අවදානමකට ලක්වේ.
මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ කොන්ක්‍රීට් සහ ගොඩනැගිලි අපද්‍රව්‍ය, වටිනා ඉදිකිරීම් ද්‍රව්‍ය බවට පත් කිරීම සඳහා තිරසාර ප්‍රතිචක්‍රීකරණ පහසුකමක් බස්නාහිර පළාත තුළ ස්ථාපනය කර ක්‍රියාත්මක කිරීමයි. මේ සඳහා ගෝලීය වශයෙන් අනුගමනය කළහැකි වඩාත් සාර්ථක ක්‍රමවේදයක් අනුගමනය කිරීමෙන් මෙම ආරම්භක පියවර ගනු ලබන අතර, එය සෘජුවම සම්පත් සංරක්ෂණය කිරීම, පාරිසරික බලපෑම් අවම කිරීම සහ ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් අංශයේ තිරසාර සංවර්ධනයට දායක වනු ඇත.
තවද කොන්ක්‍රීට් සහ ගොඩනැගිලි අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කර එමගින් නැවත භාවිතය සඳහා ලැබෙන මූලද්‍රව්‍ය ඒ සඳහා සුදුසු නිමැවුම් සඳහා භාවිත කිරීම හා ස්වාභාවික සම්පත් මගින් සෘජුවම ලබා ගන්නාවූ අමුද්‍රව්‍ය සමග මිශ්‍ර කර භාවිත කිරීමෙන් ස්වාභාවික සම්පත් ඉදිරි පරම්පරාව සඳහා සංරක්ෂණය කිරීම, එම සම්පත් ක්ෂයවීමේ ශීඝ්‍රතාවය අවම කිරීම හා පාරිසරික හානිය අවමවීමෙන් පාරිසරික තිරසරභාවය ප්‍රවර්ධනය වේ.
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ චක්‍රීය ආර්ථිකයක් පෝෂණය කරමින්, C&D අපද්‍රව්‍ය එකතු කිරීම, සැකසීම සහ නැවත භාවිත කිරීම සඳහා තිරසාර පද්ධති ස්ථාපිත කිරීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශ අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමට ඉදිරියේදී අපේක්ෂා කෙරේ.
රජයේ අනුග්‍රහය ලත් සහ පෞද්ගලික ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා ප්‍රතිචක්‍රීකරණය කරන ලද C&D අපද්‍රව්‍යවලින් අඩු වියදම් ඉදිකිරීම් ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමෙන් ඉදිකිරීම් පිරිවැය අඩු කිරීමටද මෙම වැඩපිළිවෙළට සමගාමීව ක්‍රියාත්මක කිරීමට අදහස් කර ඇත.
ජාතියේ දායාදයක් බඳු වූ ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තයේ පුරෝගාමියකු වන ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, තම වාණිජ අරමුණු පමණක් පෙරදැරි කරගෙන ඉදිරියට යාමට වඩා ඉදිකිරීම් ක්ෂේත්‍රයට මෙන්ම ශ්‍රී ලංකාව මුහුණ දුන් බොහෝ අභියෝගකාරී අවස්ථාවලදී තම වගකීම් මැනවින් ඉටුකළ ආයතනයකි. මෙම පාරිසරික තිරසාරභාවය වෙනුවෙන් තබන ලද දැවැන්ත පියවරේදී, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් නැවත වතාවක් තම වගකීම ජාතියේ ඉදිරි පරපුර වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර ඇත. මේ සඳහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සතු රුපියල් මිලියන 350ක් පමණ වටිනා යන්ත්‍ර සූත්‍ර මෙන්ම ඒකල කාර්මික ජනපදයේ පිහිටි පෙරසවි අංගණය තුළ සැලකිය යුතු භූමි ප්‍රමාණයක් මෙම ව්‍යාපෘතිය සඳහා යොදවා ඇත.
ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සතු තාක්ෂණික ඥානය හා යන්ත්‍ර සූත්‍ර භාවිත කර මේ වන විට පැයකට මෙට්‍රික් ටොන් දෙසීයක පමණ ධාරිතාවකින් යුත් ඉදිකිරීම් හා කොන්ක්‍රීට් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍රාගාරය සාර්ථකව ස්ථාපනය කර ඇත. තවද ඒ හා අනුබද්ධ සියලු පාලන විද්‍යාගාරයක් සහ පරිපහසුකම් සහිත ගොඩනැගිල්ලක් ඉදිකර ඇති අතර ඉදිරියේදී රාජ්‍ය විශ්වවිද්‍යාල කිහිපයක ඉංජිනේරු පීඨ හරහා ඉදිකිරීම් හා කොන්ක්‍රීට් අපද්‍රව්‍ය මගින් ප්‍රතිචක්‍රීකරණය කරන ලද අමුද්‍රව්‍ය සම්බන්ධයෙන් පර්යේෂණ දියත් කිරීමට සැලසුම් කර ඇත. මෙය ගෝලීය කර්මාන්තයක් ලෙස වැඩිදියුණු වී ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවට ද නව මානයන් සොයා යාමට මහඟු පිටුවහලක් වනු නොඅනුමානය.
මෙම කාර්ය සාර්ථක කර ගැනීමේදී ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මූලිකව රුපියල් මිලියන 200ක මුදලක් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අනුමත කළ අතර, එම මුදලින් රුපියල් මිලියන එකසිය පනහක මුදලක් මේ වන විටත් මෙම ව්‍යාපෘතියට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය හරහා නිදහස් කර ඇත.
මෙම තිරසාර වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ඉදිකිරීම් හා ගොඩනැගිලි කඩා ඉවත් කිරීමට සෘජුව සම්බන්ධ වන පුද්ගලයන්, ව්‍යාපාරික, ස්ථාන, අයිතිකරුවන්, ඉදිකිරීම් කර්මාන්තයේ නියැලෙන කොන්ත්‍රාත්කරුවන් ආදී පාර්ශ්වකරුවන්ගේ දායකත්වය බලාපොරොත්තු වන අතර ශීඝ්‍රයෙන් ක්ෂය වී යන අසීමිත වටිනාකමක් සහිත ස්වාභාවික සම්පත් හෙට දිනයේදී මෙලොව එළිය දකින මතු පරපුර සඳහා ඉතිරි කර තැබීමට අප මේ ගන්නා වෙහෙස මද පමණකට හෝ ඉවහල් වනු ඇතැයි හුදෙක්ම බලාපොරොත්තු වෙමු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd