හම්බන්තොට වරායේ බහාලුම් හැසිරවීමේ සියයට 559.2ක වර්ධනයක්
2025 වසරේ මුල් මාස 10ක කාලය තුළ දී හම්බන්තොට වරාය විසින් හසුරුවන ලද බහාලුම් (TEUs) සංඛ්‍යාව 3,40,000 ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය 2024 වසරේ එම කාලසීමාවේදී වරාය මගින් හැසිරවූ බහාලුම් 52,000 හා සැසඳීමේදී සියයට 559.2ක වර්ධනයක් ලෙස සටහන්ව තිබේ. 2024 සමස්ත බහාලුම් හැසිරවීම බහාලුම් 54,000 කි.