
‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රජාවට සහය වීම සඳහා රජය විසින් පිහිටුවන ලද Rebuilding Sri Lanka අරමුදලට මැක් හෝල්ඩින්ග්ස් (පුද්ගලික) සමාගම (MAC Holdings (Pvt) Ltd) ) රුපියල් මිලියන 5ක මූල්‍ය පරිත්‍යාගයක් කළේය.
මැක් හෝල්ඩින්ග්ස් (පුද්ගලික) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඔන්ඩ්‍රේ ප්‍රනාන්දු මහතා විසින් අදාළ චෙක්පත ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය.
සමාගමේ වාර්ෂික නත්තල් උත්සවය වෙනුවෙන් වෙන් කර තිබූ ප්‍රතිපාදන, ජාතික සහන වැඩපිළිවෙළ සඳහා යොමු කරමින් මෙම පරිත්‍යාගය සිදු කර ඇත.
මෙම අවස්ථාවට සමූහ අධ්‍යක්ෂ/ ප්‍රධාන මූල්‍ය නිලධාරී තිලක් ගුණවර්ධන සහ කළමනාකරණ පුහුණු අනික් ප්‍රනාන්දු යන මහත්වරුද සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd