ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයිටේනියම් නිෂ්පාදන සහ වර්ණ මෝස්තර නිෂ්පාදන සමාගමක් වන ලක්ලෝ පේන්ට් Pride of Nation සම්මානයෙන් පිදුම් ලැබීය. ලක්ලෝ පේන්ට් සමාගම මේ වන විට ටයිටේනියම් කර්මාන්තය තුළ විශිෂ්ටයකු වී හමාරය.
ලක්ලෝ සමාගමේ පේටන්ට් බලපත්‍රය යටතේ ඔවුන් සතුව ඇති බිත්ති, බිම් හා සොෆිට් ටයිටේනියම් තීන්ත, ටයිටේනියම් බිම් මෝස්තර, ටයිටේනියම් බිත්ති මෝස්තර, ටයිටේනියම් සොෆිට් මෝස්තර, ටයිටේනියම් නාන කාමර සැලසුම්, ටයිටේනියම් පඩිපෙළ සැලසුම්, ටයිටේනියම් නිදන කාමර සැරසිලි පාරිභෝගිකයාගේ රුචිකත්වය අනුව තෝරා ගත හැකි වීම ඔවුන්ගේ විශේෂත්වයයි. ඉහළ ගුණාත්මකභාවයෙන් වැඩ කිරීමේ හැකියාව, සහ සාධාරණ මිල ගණන්, භාරගත් වැඩ නියමිත වේලාවට සහ අයවැයට අනුව අවසන් කිරීම ලක්ලෝ සහතික කරයි. වසර 25 ක පළපුරුද්ද සමග පාරිභෝගික තෘප්තිය කෙරෙහි අවධානය යොමු කර උසස් සේවයක් සෑමවිටම සපයන බව ලක්ලෝ පේන්ට් කළමනාකරණ අධ්‍යක්ෂ ස්ටැන්ලි ජයසිංහ මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd