LOLC හෝල්ඩින්ග්ස් පීඑල්සී සමූහ කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී කපිල ජයවර්ධන මහතා සහ ලංකා IOC  පීඑල්සී (LIOC) කළමනාකාර අධ්‍යක්ෂ කේ. රඝු මහතා උපායමාර්ගික හවුල්කාරිත්වයට එළැඹී උත්සවයේදී.

ඉෂාර ට්‍රේඩර්ස් මෝටර් (පෞද්ගලික) සමාගමේ EV ආරෝපණ හස්තය වන ChargeUP, සිය සුවිශේෂී විද්‍යුත් වාහන (EV) ආරෝපණ සහකරු ලෙස, ලංකා IOC පීඑල්සී (LIOC), සමග උපායමාර්ගික හවුල්කාරීත්වයකට එළැඹ තිබේ. 
මෙම හවුල්කාරීත්වය යටතේ ChargeUP, LIOC හි දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් සහ පරිශ්‍රයන්හි EV ආරෝපණ මධ්‍යස්ථාන ස්ථාපිත කරනු ඇත. එය ශ්‍රී ලංකාවේ තිරසර ප්‍රවාහනය ප්‍රවර්ධනය කිරීමේ කැපී පෙනෙන ඉදිරි පියවරක් සනිටුහන් කරයි.
මෙම හවුල්කාරීත්වයෙන් ශ්‍රී ලංකාවේ EV ආරෝපණ පද්ධතිය සඳහා යටිතල පහසුකම් ස්ථාපිත කිරීමෙන්, නව බලශක්ති ප්‍රවාහන ක්ෂේත්‍රයට LOLC සමූහයේ කැපවීම පිළිබිඹු කරයි. ChargeUP, LOLC සමූහයේ මූලිකත්වය යටතේ මෙරට විද්‍යුත් ප්‍රවාහන කටයුතු මෙහෙයවීමට දායක වන ඉෂාර ට්‍රේඩර්ස් මෝටර් (පෞද්ගලික) සමාගමේ  (ITMC) EV ආරෝපණ අංශයයි. මෙරටට උසස් සහ ව්‍යාප්ත කළ හැකි EVආරෝපණ තාක්ෂණය හඳුන්වාදීම සඳහා ITMC සමාගම EV ආරෝපණ විසඳුම් සඳහා ගෝලීය ප්‍රමුඛයකු වන සීමාසහිත Qingdao TELD නව බලශක්ති තාක්ෂණ සමාගම සමග හවුල්කාරීත්වයකට එළැඹී ඇත. මෙම ප්‍රයත්නයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රචලිත වෙමින් පවතින නව බලශක්ති ප්‍රවාහන ක්ෂේත්‍රයේ පාරිභෝගික පහසුව සහ සහභාගීත්වය වැඩිදියුණු කරන, දිගුකාලීන වර්ධනයට සහාය වන ඒකාබද්ධ ප්‍රවාහන පරිසරයක් නිර්මාණය කිරීම අරමුණයි.
ඉන්දියන් ඔයිල් කෝපරේෂන් ලිමිටඩ්හි අනුබද්ධ සමාගමක් වන ලංකා IOC පීඑල්සී (LIOC), 2002 වසරේ සිට ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රධාන මෙහෙයුම්කරුවකු ලෙස කටයුතු කරයි. මෙරට ඉන්ධන බෙදා හැරීම්, ලිහිසි තෙල් අලෙවිය සහ නෞකා තෙල් සැපයුම් සේවා සඳහා ශක්තිමත් දායකත්වයක් දක්වන LIOC, දැන් EV ආරෝපණ මධ්‍යස්ථාන සිය ජාලයට එක් කිරීමෙන් ප්‍රගතිය සඳහා වන තවත් ඉදිරි පියවරකට එළැඹෙයි. ශ්‍රී ලංකාවේ EV පරිසර පද්ධතිය පුළුල් කිරීමට දායක වන එම පියවර යටතේ, විශ්වාසදායක EV ආරෝපණ යටිතල පහසුකම් සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීමෙන්, මෙරට පිරිසුදු හා තිරසර බලශක්ති විසඳුම් කරා පරිවර්තනයටද සහායක් සපයයි. දිවයින පුරා ස්ථාපිත LIOC පිරවුම්හල් හරහා EV ආරෝපණ මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමෙන් ඒ සඳහා ප්‍රවේශ වැඩිදියුණු කරන අතර, EV ධාවන පරාසය පිළිබඳ සැක සංකා අවම කර, EV හිමිකාරීත්වයේ ප්‍රායෝගික වැදගත්කම ඉස්මතු කරයි.
මෙම හවුල්කාරීත්වයෙන් LIOC සම්ප්‍රදායික ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා සකසන්නකු බවට පත් වේ. පොසිල ඉන්ධන භාවිතයෙන් ඔබ්බට ගොස් විවිධාංගීකරණයට සහ සුනිත්‍ය විකල්ප ප්‍රවර්ධනයට යොමු වූ බලශක්ති සැපයුම්කරුවන්ගේ නව පරිවර්තනයක්ද එමගින් පිළිබිඹු වේ. සිය ඉන්ධන පිරවුම්හල් පරිශ්‍රවල ආරෝපණ යටිතල පහසුකම් ස්ථාපිත කිරීමෙන් LIOC සිය උපායමාර්ගික ස්ථාන භාවිතයට ඉඩ සලසමින්, ප්‍රවාහනයේ අනාගතයට අනුවර්තනය වීමක් ද සිදුවේ. ඉල්ලු‍ම සහ ප්‍රවේශය පරීක්ෂාකාරීව සමබර කරමින් ශ්‍රී ලංකාවේ වඩාත් පුළුල් EV ආරෝපණ ජාලයක් ස්ථාපිත කිරීම ChargeUP හි දිගු කාලීන දැක්මයි. විවිධ පාරිභෝගික අවශ්‍යතා සපුරාලන ආකාරයෙන් මෙම EV ආරෝපණ මධ්‍යස්ථාන වේගවත් සහ සෙමෙන් ආරෝපණය කිරීමට විකල්ප සපයයි. එමෙන්ම විදුලි පරිහරණය උපරිම කාලසීමාවලදී ජාතික පද්ධතියට එල්ල වන පීඩනය අවම කිරීම සඳහා EV ආරෝපණ මධ්‍යස්ථාන භාවිත කරන කාලය අනුව ගාස්තු ක්‍රමයක් හඳුන්වාදීමට ද අපේක්ෂා කෙරේ.
මෙම ව්‍යාපෘතියේ කැපී පෙනෙන නවෝත්පාදනයක් වන්නේ ජාතික විදුලි පද්ධතියෙන් ස්වාධීනව ක්‍රියා කළ හැකි සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ක්ෂුද්‍ර ජාලක (මයික්‍රො ග්‍රිඩ්) ආරෝපණ විසඳුම් හඳුන්වා දීමයි. එමගින් විදුලිබල ඇනහිටීම්වලදී මෙන්ම අඩු සේවා සැපයුම් සහිත ප්‍රදේශවල EV ආරෝපණයට විශ්වාසදායක සහ තිරසාර විකල්පයක් සපයයි. එමගින් ශ්‍රී ලංකාවේ කාබන් විමෝචනය අඩු කිරීමට සහ පරිසරයේ වායු ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට දායක වෙමින් සුනිත්‍ය ප්‍රවාහනය ප්‍රවර්ධනයටද සහාය වනු ඇත. මෙම ව්‍යාපෘතිය දිවයිනේ බලශක්ති සහ ප්‍රවාහන සේවා පරිවර්තනයේ කැපී පෙනෙන ඉදිරි පියවරක් සනිටුහන් කරමින් අනාගතයේ වඩාත් ඔරොත්තු දෙන ප්‍රවාහන සේවාවක් ඇති කරලීමට පදනම සකසයි.