දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව වන RDB බැංකුව, සිය ශාඛා ජාලය නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ සබරගමුව පළාත් හෙම්මාතගම ශාඛාව ඉකුත්දා නව පරිශ්‍රයක ස්ථාපනය කරන ලදී. නව පරිශ්‍රය විවෘත කිරීම RDB බැංකුවේ සාමාන්‍යාධිකාරී අසංග තෙන්නකෝන් මහතාගේ ආරාධනයෙන් සභාපති ලසන්ත ප්‍රනාන්දු මහතා විසින් සිදු කරන ලදී.
1992 මාර්තු මස 02 දින ආරම්භ කරන ලද RDB හෙම්මාතගම ශාඛාව, පාරිභෝගික සේවය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ අරමුණින්, නවීන පරිසරයකට සහ නව පහසුකම් සහිතව අංක 101 මාවනැල්ල පාර, හෙම්මාතගම යන ලිපිනයෙහි ස්ථාපනය කරන ලද මෙම නව ස්ථානය, දියුණු කළ යටිතල පහසුකම්, පුළුල් කළ පාරිභෝගික සේවා සහ බැංකු පහසුකම් සපයයි. ගනුදෙනුකාර ප්‍රජාවට පහසුකම් රැසක් සහිතව විවෘත වූ මෙම අවස්ථාවේ ආගමික කටයුතු සිදු කරමින් චාරිත්‍රානුකූලව එහි කටයුතු කරනු ලැබූ අතර මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් විජානි රත්නසේකර, ප්‍රාදේශීය සභාවේ සභාපති පුතුල උඩගම ඇතුළු ගනුදෙනුකාර මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
RDB බැංකුවේ ව්‍යාපාර මෙහෙයුම් අංශ ප්‍රධානී කුමුදු ජයසුන්දර මහතාගේ උපදේශකත්වය සහ සබරගමුව ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරී සී.එල්.සී. මුතුබණ්ඩා, කෑගල්ල දිස්ත්‍රික් කළමනාකරු ප්‍රසන්න පෙරේරා, කෑගල්ල සහකාර දිස්ත්‍රික් කළමනාකරු ධම්මික ජයසේන යන මහත්වරුගේ අධීක්ෂණ යටතේ, හෙම්මාතගම ශාඛා කළමනාකාරිණී නිමාලි අබේරත්න මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය මෙම උත්සවය විචිත්‍රවත්ව සංවිධානය කර තිබුණි.
දොරින් දොර සේවය, අනෙකුත් ඉතුරුම් හා මූල්‍ය සේවා, RDB QR ඇතුළු නව්‍යකරණය වූ Digital බැංකු සේවා ඇතුළු තවත් සේවා අඛණ්ඩව ලබාදෙන මෙම නව ශාඛා ස්ථානය වෙත ගනුදෙනුකරුවන්ට පැමිණෙන ලෙස ආරාධනා කරනු ලබන අතර පැවැති ගිණුම් අංක, පාරිභෝගික විස්තර සහ සේවා වෙනස් නොවන බව බැංකුව සහතික කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd