- ලංකා වාණිජ මණ්ඩලයේ ඉහළ නියෝජිතයන් සහප්‍රමුඛ ව්‍යාපාරිකයන් රැසක්
|
ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර |
ලංකා වාණිජ මණ්ඩලයේ (CCC) සහ ඉන්දියානු කර්මාන්ත සම්මේලනයේ (CII) හවුල්කාරිත්වයෙන් පැවැත්වෙන ඉන්දීය-ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය අද (13) ඉන්දියාවේ මුම්බායි නුවරදී පැවැත්වෙයි.
මෙම අවස්ථාව සඳහා ලංකා වාණිජ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ආයතනික නියෝජිත පිරිසක් එම මණ්ඩලයේ මෙහෙයවීමෙන් සහභාගිවීමට නියමිතව තිබේ.
මෙම නියෝජිත පිරිසට මෙරට ආර්ථිකයේ පුළුල් හරස්කඩක් නියෝජනය කරමින්, බැංකු, නිෂ්පාදන, බලශක්ති, සැපයුම්, සංචාරක, ඉදිකිරීම් සහ තාක්ෂණය යන ක්ෂේත්‍රවල ප්‍රමුඛ සමාගම්වල සභාපතිවරුන්, ප්‍රධාන විධායක නිලධාරීන් සහ කළමනාකරණ අධ්‍යක්ෂවරුන් සහභාගී වන බව ලංකා වාණිජ මණ්ඩලය පවසයි.
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මහීෂිණී කොලොන්නේ මහත්මිය සංසදය ඇමතීමට නියමිතය. ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා සංසදයේ ප්‍රධාන දේශනය පවත්වයි.
මෙම වැඩසටහනේදී ඉන්දියානු ව්‍යාපාරික නායකයන් සහ ආයෝජකයන් සමඟ අන්තර්ක්‍රියාකාරී සැසියක් ද පැවැත්වෙන අතර එමගින් වෙළෙඳාම, ආයෝජන, ප්‍රතිපත්ති සහ වෙළෙඳපොළ අවස්ථා පිළිබඳ සෘජු සම්බන්ධතාවක් සඳහා අවකාශයක් නිර්මාණය වේ.
දූත පිරිස මෙහෙයවනු ලබන්නේ ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති සහ ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා විසිනි. ඔහු සමඟ ලංකා වාණිජ මණ්ඩලයේ උප සභාපති සහ ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී බිඟුමාල් තෙවරතන්ත්‍රි සහ ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජ්‍ය උප සභාපති සහ හයිඩ්‍රාමනී සමූහයේ සභාපති විනෝද් හයිඩ්‍රාමනී යන මහත්වරුද සහභාගී වෙති.
එසේම ලංකා වාණිජ මණ්ඩලයේ මහලේකම් සහ ප්‍රධාන විධායක නිලධාරී ශිරාන් ප්‍රනාන්දු ද මීට සහභාගී වෙයි. අනෙකුත් නියෝජිතයන් අතර රවී ජයවර්ධන (සමූහ ප්‍රධාන විධායක නිලධාරී, මැලිබන් බිස්කට් නිෂ්පාදන), හර්ෂ ජයතුංග (කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී, සියෙරා කේබල්ස් පීඑල්සී), ඩී.එස්. පණ්ඩිත (විධායක අධ්‍යක්ෂ, සියෙරා කේබල්ස් පීඑල්සී), රොල්ෆ් බ්ලේසර් (කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී, ඒ බවර් සහ සමාගම), ශිරෝමාල් කුරේ (සභාපති/කළමනාකාර අධ්‍යක්ෂ, ජෙට්වින්ග් ට්‍රැවල්ස්), නලින් කරුණාරත්න (ප්‍රධාන විධායක නිලධාරී/අධ්‍යක්ෂක, සිලෝන් බිස්කට්ස්), රුවන් වෛද්‍යරත්න (කළමනාකාර අධ්‍යක්ෂ, හේලීස් ඇඩ්වාන්ටිස්), රියාස් සංගානි (ප්‍රධාන විධායක නිලධාරී විදුලංකා පීඑල්සී), නුහුමන් මරික්කාර් (ප්‍රධාන විධායක නිලධාරී, LTL හෝල්ඩින්ග්ස්), මලික් අහමදීන් (ප්‍රධාන විධායක නිලධාරී, MAS), ඉන්දියාව), රොමාලි තුඩාවේ (ප්‍රධාන විධායක නිලධාරී, තුඩාවේ බ්‍රදර්ස්), රෝහණ දිසානායක (සමූහ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ, ඩේවිඩ් පීරිස් හෝල්ඩිංග්ස්), කාවින්ද ද සොයිසා (සභාපති, ලංකා බැංකුව), ස්ටෂානි ජයවර්ධන (සභාපති, එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී), සහ උපේන්ද්‍ර පීරිස් (ප්‍රධාන විධායක නිලධාරී, OREL IT). යන පිරිස වෙති.
මෙම සංසදය මෙම ව්‍යාපාරික නායකයන් සහ ඔවුන්ගේ ඉන්දියානු පාර්ශ්වකරුවන් හා එක්ව වෙළෙඳාම, ආයෝජන සහ හවුල්කාරිත්ව අවස්ථා පිළිබඳව සෘජුවම සම්බන්ධ කර ගැනීමට කටයුතු කරනු ඇතැයි ලංකා වාණිජ මණ්ඩලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd