- මුළු පිරිවැය හා ගැල් කුලී මිල ඇමෙරිකානු ඩොලර් 908,250 ක්
නිමල කොඩිතුවක්කු
උග්‍ර බැක්ටීරියා ආසාදන සඳහා ප්‍රතිකාර කිරීමට භාවිත කරනු ලබන මෙරපනම් එන්නත් ග්‍රෑම් 1න් වයල් 865,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය සඳහා කැබිනට අනුමැතිය හිමිව තිබේ.
උග්‍ර බැක්ටීරියා ආසාදන සඳහා ප්‍රතිකාර කිරීමට භාවිත කරනු ලබන මෙරපනම් එන්නත් ග්‍රෑම් 1න් වයල් 1,900,000 සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව ඉන්දියාවෙහි United Biotech (Pvt) Ltd වෙත පිරිනැමීම පිණිස 2025-10-21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. වැඩි වන ඉල්ලුම සැලකිල්ලට ගනිමින් මුල් ඇණවුම් ප්‍රමාණයෙන් තවත් සියයට 45.53ක් එනම්, වයල් 865,000ක් සපයා ගැනීම සඳහා වෛද්‍ය සැපයුම් අංශය විසින් ඉල්ලීමක් ඉදිරිපත් කරනු ලැබ ඇත. ඒ අනුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව මෙරපනම් එන්නත් ග්‍රෑම් 1න් වයල් 865,000 ක් වයල් 1ක් එහි මුල් ඇණවුමේ මිල වූ ඇමෙරිකානු ඩොලර් 1.05 බැගින්ම නැවත සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පෙර සැපයුම්කරු වන ඉන්දියාවෙහි United Biotech (Pvt) Ltd. වෙත මුළු පිරිවැය හා ගැල් කුලී මිල ඇමෙරිකානු ඩොලර් 908,250 ක මුදලකට පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd