• බලාගාරයේ උත්පාදන ධාරිතාව මෙගාවොට් 2ක් 

ලාෆ්ස් හෝල්ඩිංග්ස් සමූහයට අයත් පුනර්ජනනීය බලශක්ති උත්පාදන සමාගමක් වන ලාෆ්ස් පවර් පීඑල්සී සමාගම ගිනිගත්හේන ප්‍රදේශයේ පොල්පිටියේ ඉදිකළ මෙගාවොට් 2ක (2MW)  ධාරිතාවකින් යුත් කුඩා ජල විදුලි බලාගාරයක් සාර්ථක ලෙස මෙහෙයුම් ආරම්භ කරමින් ජාතික පද්ධතිය වෙත එක් කිරීමට සමත් වූ බව පවසයි.  

පසුගිය මාර්තු 26 වැනිදා එම මෙම මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, ජාතික පද්ධති මෙහෙයුම් (පෞද්) සමාගම මගින් අප්‍රේල් 29 වැනිදා ඊට අදාළ නිල පිළිගැනීම ලබාදී ඇතැයි එම සමාගම අනාවරණය කරයි. මෙම ව්‍යාපෘතිය  ලාෆ්ස් පවර් පීඑල්සී සමාගමෙහි පූර්ණ හිමිකාරීත්වය සහිත PAMS Power (Private) Limited නම් සමාගම මගින් ක්‍රියාත්මක කරවූවකි.