ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය සේවා පද්ධතිය උදෙසා වන සෙලින්කෝ ලයිෆ් හි දිගුකාලීන කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින් සමාගම කළුතර ශික්ෂණ රෝහලට පුළුල් වූ මධ්‍යගත ඖෂධීය වායු බෙදාහැරීමේ නළ මාර්ග පද්ධතියක් ^Centralised Medical Gas Pipeline System - MGPS& පරිත්‍යාග කර ඇත. මෙමගින් රෝගීන්ගේ ආරක්ෂාව, ශල්‍යකර්ම ධාරිතාව සහ රෝහලේ යටිතල පහසුකම්වල සැලකිය යුතු දියණුවක් ඇති කරනු ඇත. 
රුපියල් මිලියන 19ක වියදමකින් නිමකරන ලද මෙම ව්‍යාපෘතියට රෝහලේ ඔක්සිජන් සාන්ද්‍රකය අලුත්වැඩියා කිරීම සහ එය වායු නළ පද්ධතිය සමග ඒකාබද්ධ කිරීම ඇතුළත් විය. රජයේ සෞඛ්‍ය සේවා ආයතන ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරන සෙලින්කෝ ලයිෆ් ආයතනික සමාජයීය වගකීම් (CSR) වැඩසටහනේ කොටසක් ලෙස දියත් වූ මෙම ව්‍යාපෘතියට ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ වෙළෙඳපොළ ප්‍රමුඛයා විසින් සම්පූර්ණයෙන්ම අරමුදල් සපයන ලදී.
රෝහලේ පෙර තිබූ වායු සිලින්ඩර හරහා සිදුකළ වායු සැපයුම වෙනුවට MGPS පද්ධතිය හරහා විශ්වාසයෙන් යුතුව අත්‍යවශ්‍ය සායනික අංශ හා ස්ථානවලට අඛණ්ඩව ඖෂධීය වායූන් කාර්යක්ෂම ලෙස බෙදා හැරීම සිදු කරයි. රෝගීන්ගේ ශ්වසනය, ප්‍රසූති නිර්වින්දන සහ අලුත උපන් බිළිඳුන්ගේ සත්කාර ඒකකය සඳහා බාර් 4ක පීඩන මට්ටමේ නළ මාර්ගයල විදුම් කටු, අස්ථි කියත්, ශල්‍යමය පෙන්ඩන්ට් වැනි වායුමය ශල්‍ය උපකරණ බල ගැන්වීම සඳහා අවශ්‍ය බාර් 7ක පීඩන මට්ටමේ නළ මාර්ගය; නිර්වින්දනය හා සන්සුන් කිරීම සඳහා අවශ්‍ය නයිට්‍රස් ඔක්සයිඩ්  ^N2O& නළ මාර්ගයල සහ අඛණ්ඩ සායනික භාවිතය සඳහා මධ්‍යගත නළ මාර්ගයක් හරහා ඔක්සිජන් ලබා දීමේ මාර්ගය, ආදී වශයෙන් වූ වෙන්කළ නළ මාර්ග හතරකින් මෙම පද්ධතිය  සමන්විත වේ.
මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන ලක්ෂණයක් වන්නේ රෝහලේ ඔක්සිජන් සාන්ද්‍රකය මෙම නළ මාර්ග ජාලයට ඒකාබද්ධ කිරීමයි. සම්පූර්ණ ධාරිතාවෙන් ක්‍රියාත්මක වීමට මෙන් ම සියයට 95 ක් දක්වා සංශුද්ධතාවකින් වෛද්‍යමය ශ්‍රේණියේ ඔක්සිජන් ලබා දීමට එමගින් හැකියාව ලැබේ. දිගු කලක් භාවිත නොකළ ඔක්සිජන් සාන්ද්‍රකය අලුත්වැඩියා කිරීම, වාර්ෂික නඩත්තු කට්ටලයක් එකතු කිරීම සහ රෝහලේ ඖෂධීය වායු බෙදාහැරීමේ නළ මාර්ග ජාලය සඳහා ස්වයංක්‍රීය මාරු කිරීමේ පැනලයක් ස්ථාපනය කිරීම ද මෙම ව්‍යාපෘතියට ඇතුළත් විය.
වර්තමානයේ දී මෙම පද්ධතියෙන් 03, 16 සහ 10 වාට්ටුවලට මෙන් ම C සහ D ශල්‍යාගාරවලට අඛණ්ඩව ඖෂධීය වායු සැපයීම සහතික කරන අතර, එමගින් දිනකට නේවාසික රෝගී ඇඳන් 60ක්, ශල්‍යාගාර ඇඳන් පහක් සහ ආසන්න වශයෙන් ශල්‍යකර්ම 40ක් සඳහා වායු සැපයුම ලබා දෙයි.