ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 2026 ජූනි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ මෙරට ප්‍රමුඛතම ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය වන “ශ්‍රී ලංකා එක්ස්පෝ (Sri Lanka Expo)’ ප්‍රදර්ශනය 2027 වසරේ ජනවාරි මාසයට කල් දමන බව එම මණ්ඩලය පවසයි. 

විශේෂයෙන්ම ගෝලීය දේශපාලනික අවිනිශ්චිතතා හමුවේ ජාත්‍යන්තර වෙළෙඳාමට සහ සංචාරක ක්ෂේත්‍රයට එල්ල වී ඇති බලපෑම් හේතුවෙන් මෙලෙස එම ප්‍රදර්ශනය 2027 ජනවාරියේ දී පැවැත්වීමට සැලසුම් කර ඇතැයි සඳහන් වෙයි. 

ඒ අනුව 2027 ජනවාරි 14 සිට 17 දක්වා මෙම ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය පැවැත්වෙන බව සංවිධායකයෝ පවසති. 2026 ජූනි 18-21 දක්වා එය පැවැත්වීමට නියමිතව තිබුණි. 

මේ අතර ශ්‍රී ලංකා එක්ස්පෝ 2027 සඳහා නියමිත දිනට ලියාපදිංචි වීමට නොහැකි වූ අයට අවස්ථාව ලබා දෙමින් ප්‍රදර්ශකයන් සදහා ලියාපදිංචි වීමේ කාලය 2026 ජූලි 31 දක්වා දීර්ඝ කර ඇතැයිද අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.