Playdium දින දර්ශනයේ සුවිශේෂී උළෙලක් වන PPL 2026 තරගාවලිය, සුපුරුදු ජීව ගුණය සහ උද්‍යෝගය පෙරදැරිව මෙවරත් කොළඹ දී ආරම්භ වීමට සියල්ල සූදානම්ව ඇත. PPL යනු හුදු ක්‍රීඩා ලීග් තරගාවලියකට වඩා එහා ගිය, සෑම වසරක් පාසාම මහජනතාව උද්‍යෝගයෙන් පුලපුලා බලා සිටින සුවිශේෂී අවස්ථාවක් බවට පත්ව ඇත. ක්‍රීඩා කණ්ඩායම් සාමාජිකයන්, ප්‍රතිවාදීන් මෙන්ම මිතුරන් ලෙස වෘත්තිකයෝ තම සේවා ජීවිතයේ කාර්යබහුලත්වයෙන් මිදී එකිනෙකා සමග සුහදව තරග වදිති. 
කොළඹ One Galle Face පරිශ්‍රයේ පිහිටි Playdium හි පැවැත්වෙන PPL  තරගාවලිය, ‘ක්‍රීඩාව තුළින් එකිනෙකා සමග සමීප වීම’ යන ප්‍රබල අභිලාෂය මත පදනම් වී ඇත. පන්දු යැවීම මෙහි ප්‍රධාන අංගය වුවද, PPL හි සැබෑ විශේෂත්වය වන්නේ එමගින් නිර්මාණය කරන සුහදශීලී වටපිටාවයි. ක්‍රීඩාව අතරතුර හුවමාරු වන සිනහව, මිත්‍රශීලී තරගකාරීත්වය, ජයග්‍රහණය එකාවන්ව සැමරීම සහ සුළු අතපසුවීම් නොතැකීම යන මේ සියල්ල තරගකාරී, එහෙත් ගැඹුරු සමාජීය බැඳීමක් සහිත අත්දැකීමක් නිර්මාණය කරයි. 
PPL 2026 සඳහා මෙවරත් ආයතනික කණ්ඩායම් සහ තනි ක්‍රීඩකයන් විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය. ප්‍රථම වතාවට ක්‍රීඩා කරන ආධුනිකයන්ගේ සිට නිරන්තරයෙන් තරග වදින ක්‍රීඩකයන් දක්වා සැමට එක සේ සහභාගී විය හැකි අයුරින් මෙහි තරග රටාව සකස් කර ඇත. 2026 මැයි 16 සහ 23 යන දිනවල පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය, සෑම තරග දිනකම පවතින සුවිශේෂී ජවය සහ උද්‍යෝගය හේතුවෙන් මෙරට විනෝදාස්වාද සහ ආයතනික වැඩසටහන් අතරින් සුවිශේෂීම වැඩසටහනක් වන බව නොඅනුමානය. 
Playdium හි අපට PPL යනු හුදෙක් අප පවත්වන එක් උත්සවයක් පමණක් නොව, එය ක්‍රීඩකයන් සමග අප ද අත්විඳින අත්දැකීමකි. තරගාවලිය පවතින කාලය තුළ මෙම පරිශ්‍රය නව ජවයකින් පිරී යයි. පන්දු යැවීමේ තීරු, ආකේඩ් ක්‍රීඩා, ප්‍රේක්ෂක ඔල්වරසන් හඬ සහ සුහද කතාබහ යන මේ සියල්ල එක්ව PPL වලටම ආවේණික වූ සුවිශේෂී පරිසරයක් ගොඩනගයි. මෙය විනෝදාස්වාදය පමණක් නොව, මිනිසුන් අතර සබඳතා ගොඩනගන ප්‍රබල අවස්ථාවකි.
PPL 2026 හි ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස Citizens Development Business Finance PLC (CDB) ආයතනය අප සමග අත්වැල් බැඳගෙන සිටින බව සතුටින් දන්වා සිටිමු. මෙම හවුල්කාරිත්වය තරගාවලියේ වර්ධනය වන පරිමාණය සහ වටිනාකම මනාව පිළිබිඹු කරයි. මීට අමතරව, විවිධ අංශ යටතේ අනුග්‍රාහක ආයතන රැසක් සමග අප කටයුතු කරන අතර, සන්නාමවලට මෙම අත්දැකීමේ කොටස්කරුවන් වීමට තවමත් අවස්ථාව පවතී. Atom ඩිජිටල් සහකරු ලෙසත්, Pearlbay නිල ත්‍යාග සහකරු ලෙසත්, One Galle Face Mall උපායමාර්ගික සහකරු ලෙසත්, PR Wire මහජන සම්බන්ධතා සහකරු ලෙසත්, PickMe නිල ව්‍යාපාරික වේදිකා සහකරු ලෙසත්, Kobra ශක්තිජනක සහකරු ලෙසත්, Oceans Talent නිල කුසලතා සහකරු ලෙසත් සහ Hype Labs ඩිජිටල් කන්ටෙන්ට් සහකරු ලෙසත් ආයතන රැසක් විවිධ අංශ යටතේ අප සමග එක්ව සිටියි.