- ශ්‍රී ලංකාවේ එම අගය ඉක්මවූ පළමු සාමාන්‍ය රක්ෂණ සමාගම
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ලිමිටඩ් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, රුපියල් බිලියන 30 ක දළ ලිඛිත වාරික (Gross Written Premium - GWP) අගයක් ඉක්මවා ගිය ශ්‍රී ලංකාවේ පළමු සාමාන්‍ය රක්ෂණ සමාගම බවට පත්ව ඇත. මෙම ජයග්‍රාහී සන්ධිස්ථානය රක්ෂණ ක්ෂේත්‍රයේ නව මිනුම් ලකුණක් සනිටුහන් කරන අතර, එමගින් SLIC General සතු අද්විතීය ශක්තිය, විශ්වසනීයත්වය සහ පාරිභෝගික විශ්වාසය මැනවින් විදහා දක්වනු ලබයි.
මෙම වාර්තාගත කාර්ය සාධනයට අමතරව, 2024 වසරේ සිට සිය නායකත්වය අඛණ්ඩව පවත්වාගෙන යමින්, 2025 වසරේදී ශ්‍රී ලංකාවේ සාමාන්‍ය රක්ෂණ වෙළෙඳපොළේ සිය අංක 1 ස්ථානය තහවුරු කර ගැනීමට SLIC General සමත් වී ඇත. 2025 වසර සඳහා විශිෂ්ට මූල්‍ය ප්‍රතිඵල පෙන්නුම් කරමින්, සමාගම සිය තරගකරුවන් සමග පවතින පරතරය තවත් අභිබවා යමින්, රක්ෂණ ක්ෂේත්‍රයේ සිය ආධිපත්‍යය තවදුරටත් ශක්තිමත් කර තිබේ.
දිවයින පුරා සාමාන්‍ය රක්ෂණ සේවා ව්‍යාප්ත කිරීම සඳහා ප්‍රධාන වශයෙන් දායක වන මෝටර් රථ රක්ෂණ ක්ෂේත්‍රයේ ද අවිවාදිත ප්‍රමුඛයා වන්නේ SLIC General සමාගමයි. ජාතියේ රක්ෂණකරු ලෙස පුද්ගලයන්, පවුල් සහ ව්‍යාපාර සඳහා ආරක්ෂාව මෙන්ම සිය ප්‍රජාවගේ මානසික නිදහස සලසා දෙමින් හා සමස්ත ජාතියම සුරක්ෂිත කිරීමේ මෙහෙවර SLIC General සතු වේ.
මෝටර් රථ සහ පෞද්ගලික අනතුරු රක්ෂණය, නිවාස රක්ෂණය, සංචාරක රක්ෂණය සහ හදිසි වෛද්‍ය ප්‍රතිකාර ඇතුළු පුළුල් රක්ෂණ විසඳුම් රැසක් හරහා, සෑම ලාංකිකයකුටම දැරිය හැකි සහ පහසුවෙන් සේවා වෙත ප්‍රවේශ වීමේ සහතිකය සහ විශ්වසනීයත්වයක් මේ තුළින් ලබා දෙනු ඇත.
සිය ප්‍රධානතම සුරක්ෂා රක්ෂණාවරණ වැඩසටහන සහ රාජ්‍ය ආයතන සමග පවතින සහයෝගීතාව හරහා, අඩු පහසුකම් සහිත ප්‍රජාව සඳහා ද සිය සේවා ව්‍යාප්ත කිරීමට SLIC General කටයුතු කරන අතරම, ඒ හරහා ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ තේරීම ලෙස තම භූමිකාව තවදුරටත් ශක්තිමත් කරයි.
තවද, ලංකාවේ ඉහළම ශ්‍රේණිගත කිරීම වෙනුවෙන් හිමිවූ A+ ජාතික රක්ෂණ මූල්‍ය ශක්ති ශ්‍රේණිගත කිරීම වෙනුවෙන් පිරිනැමූ ගෞරව සම්මානය A+ (lka) ද SLIC General වෙත හිමි වී ඇත. එමෙන්ම, බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ්, ලංකාවේ වටිනාම සාමාන්‍ය රක්ෂණ සන්නාමය ලෙස ද ඇගයීමට ලක් කර තිබේ.
මෙම ජයග්‍රහණවලින් නවෝත්පාදනය, පාරිභෝගික ප්‍රමුඛතාව සහ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් SLIC General විසින් දක්වනු ලබන අඛණ්ඩ කැපවීම මනාව ඉස්මතු කරයි. නායකත්වයේ උරුමය සහ අනාගත දැක්මක් සමගින් SLIC General , සියලුම ලාංකිකයන් වෙත විශ්වාසය, සුව පහසුව සහ රැකවරණය තවදුරටත් ලබා දෙයි.
ප්‍රජාව වෙත සේවා සැපයීමේදී දක්වනු ලබන ප්‍රමුඛතාව තවදුරටත් තහවුරු කරමින්, SLIC General අප්‍රේල් 22 වැනි දින දිවයින පුරා පිහිටි සියලුම ශාඛා 142ම එක්ව, ඒ ඒ ප්‍රදේශ කේන්ද්‍රව ක්‍රියාත්මක වෙමින් ක්ෂේත්‍ර ප්‍රවර්ධන වැඩසටහනක් පවත්වන ලදී. නිවස සුරක්ෂිත කිරීම, හදිසි වෛද්‍ය ප්‍රතිකාර ගැනීම, ගමන් බිමන්වලදී සුරක්ෂිතභාවය සහතික කිරීම හා පුද්ගල අනතුරුවලින් ආරක්ෂාව වීම ආදී ඕනෑම ක්ෂේත්‍රයක, රක්ෂණයක් තිබීම හරහා ලැබෙන මානසික නිදහස පිළිබඳව ජනතාව දැනුම්වත් කරමින්, එම ප්‍රජාව සමග ඍජුවම සම්බන්ධ වීමට ශාඛා කණ්ඩායම් කටයුතු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd